මැයි පෙළපාලිය කියන්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි මැතිවරණයක් නෙමෙයි, කම්කරුවගේ අයිතීන් දිනා ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද (26) බත්තරමුල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදි පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් රණතුංග මහතා කියා සිටියේ
“අද මේ රජය බලයට පත් වෙලා රාජ්‍ය සේවකයගේ විශ්‍රම වැටුප නැති කරලා තියනවා.රාජ්‍ය සේවාව කප්පදු කරලා පෞද්ගලිකකරණය කරා මේ රට ගෙන යනවා. ගොවියා කලකිරිලා තියනවා. පොලිසීය කලකිරිල තියනවා හමුදාව කලකිරිල තියනවා. අද වෙනකොට ලොකු විවේචනයක් මේ රට පුරා ආණ්ඩුවට විරුද්ධව තියනවා. එතකොට කම්කරුවගේ අයිතිය ලබා ගන්න පුළුවන් ආණ්ඩුවට කරන අරගලයකින් විතරයි.” යනුවෙනි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාලික පිට්ටනියේ තාජුඩීන්ගේ සිරුර දාලා ගිය තැන බල බල මේ අය කොහොම මැයි දින කතා පවත්වන්නද? (ම)
ඒ ඒ පක්ෂ වල වෘත්තිය සමිති නායකයෝ යැයි කියන අය කරන්නේ රස්සාව නොකර තමන්ගෙ පඩිපත විතරක් වැඩිකර ගන්න මාන බලන එකයි. එයාලා ලොකු පඩි ගත්තට වැඩ කරන්නේ නැහැ. රාජකාරි වාහන අරගෙන සාකච්ඡා වලට කිය කියා එහෙ මෙහෙ යන එකයි කරන්නේ. කොළ නිල් දෙපැත්තෙම අය කළෙත් දැන් කරන්නෙත් ඒකයි. මේවා දන්නේ ඒ ඒ තැන් වල වැඩ කරන අයම තමයි (නි)
දැන් එතකොට මේ ආණ්ඩුව විනාශ කරලා තියෙන්නේ කේතුමතී පුරවරය වගේ තිබුන රටක්ද? (නි)
අර්ධ රාජ්‍ය ආයතන වල සමහර වෘත්තිය සමිති නායකයන්ගේ පඩිය හොයලා බලන්න. හොරෙන්ම වැඩි කරගත්තා ආණ්ඩුව මාරු වුණ ගමන්. (නි)
එක්තරා මැයි දින කෑමකට ලක්ෂ ගණනක් වැයකළා. මේවා අපි වැලිකතරේ දහදුක් විඳලා එවපු සල්ලි. (නි)
අපේ රටේ බහුතර වෘත්තිය සමිති වලින් කරන්නේ දේශපාලනය සහ විරුද්ධ පැත්තේ අයට අංචි අදින එකයි. දේශපාලනය කරන්න වෘත්තිය සමිති අවශ්‍ය නොවේ. ඒ, මේ අයට ගෙවන්නෙත් අපෙන් ගන්නා බදු මුදල් වලින් වන බැවිනි. (නි)
වෘත්තිය සමිති නායකයෝ යැයි කියන බොහෝ අය කරන්නේ කාමරයක් හදාගෙන ඒකට වෙලා තේ බිබි ඉන්න එකයි. මේවයි කම්කරු දිනයේ කතා කළයුත්තේ සහ ජනතාවට දන්වා වෙනස් කළයුත්තේ. (නි)
කම්කරු දිනය තියෙන්නේ දේශපාලන බල අරගල කරන්න නෙමෙයි. කම්කරුවාගේ අයිතිවාසිකම් රැක ගන්න යමක්ර කරන්නයි. අපේ රටේ හැම එකටම දේශපාලනය. කවදාවත් රට නම් හැදෙන්නෙ නැත. (බ)
කෝනාර සහ ගගන කියා ඇති දෙය ඇත්තක්මය. අපි කන හැටි ලිපා දනි කියලා තමයි කියන්න තියෙන්නේ. අපිට මොන තරම් වේදනයිද රජයේ සේවකයාට විතරක් රු.10000 ක් දුන්නාම. (බ)
මහින්ද මහත්තයමනේ කියල තිබුනේ කාටද වැඩි බලය කියල එදාට බලමු කියල. මේ තුට්ටු දෙකේ කතා නිසා මැයි දිනයේ ගුණාත්මක භාවය කාලයක් තිස්සෙම ප්‍රධාන පක්ෂ දෙකම අහිමිකරගෙන තියෙන්නේ. හරිම අප්‍රසන්න බවට ඒ දිනය පත්කරන්නේ මේ දේශපාලන කවටයෝ විසින්මයි. අපේ මිනිස්සුත් බත් බැලයෝ වගේ ඒවාට යන එකයි වැරැද්ද. (බ)
මේ තර්ක අනුව රජය ආණ්ඩු කරන පක්ෂයකට මැයි රැලි තියන්නනම බැහැ. එහෙනම් ඒ කාලේ තිබ්බේ ඇයි? (බ)
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සල්ලි කෑවා ඒ කාලේ. කෝ මේවට දඬුවම් දුන්නද? එහෙම නැත්නම් ඒ අයටත් ඇමතිකම් දීලා සහ ඒ දූෂීත නිලධාරින්ට තවමත් අපේ සල්ලි වලින් පඩි ගෙව ගෙවා තියාගෙන ඉන්නවද? (නි)
කෝනාර, ඔබ හරි. නමුත් රජයේ සේවකයත් බලනවා ඇත්තේ මහජන ඡන්දයෙන් පත් කරපු නියෝජිතයෝ මුදල් ගසා කන සමාජයක සදාචාරය ගැන හිතන්න අවශ්‍ය නැහැ කියල වෙන්න ඇති. නමුත් පුද්ගලික අංශයේ සේවකයාට නිතරම පැවරු කාර්යක් තියෙනවා. මොකද ඔහු ඒ කාරිය කළේ නැත්නම් ආයතනයත් තමාත් අනතුරේ නිසා. (බ)
අනේ මේ ප්‍රසන්නලා දන්නේ අප්‍රසන්න දේවල්නේ ඕවට කලබල වෙන්න හොද නැහැ..(බ)
ප්‍රසන්න ඊළඟ අගමැති වෙනවා (බ)
මැතිවරණයක් නොවෙන බව අපිත් දන්නවා, එදවස වැඩ කරන කම්කරුවන්ගේ දිනයක් මිස එක එකාට මඩගාගෙන දෙස පාලන පොර පිටියක් කරන්න එපා (ම)
අපි කලකිරිලා ඉන්නේ ඔය අයියලා මල්ලිලා නිසා (ම)
දැන් කම්කරුවන්ගේ මැයි රැළියක් නෑ. දැන් තියෙන්නේ දේශපාලන බලය පෙන්වන රැළියක් පමණි.(හේ)
ජීවමාන රෙජි මහත්තයා ඔබ ,අපි ඔබ තුමාට ගරු කරන්නෙමු (හේ)
දැන් මැතිවරණ රැළියක් වෙලා තියෙන්නේ.(හේ)
කිරුළපනදී "හොරු සමග හෙළුවෙන්" බලන්න අපිත් යනවා මැයි පළමු වෙනිදට (කෞ)
රජයේ සේවකයට රු. 10000 න් පඩි වැඩිකළා. පුද්ගලික/අර්ධ රාජ්‍ය සේවකයින්ට රු 1000 ක්වත් වැඩිකළේ නැහැ. පුද්ගලික /අර්ධ රාජ්‍ය සේවකයින්ට කඩ වලින් නිකන් බඩු දෙනවා කියලයි හැමෝම හිතන්නේ. (නි)
කම්කරු දිනය පටන්ගත් හැටි (ඇමරිකාවේ චිකාගෝ නුවර ) මතක්කර බලන්න (නි)
ශ්‍රී.ල.නි.ප මැයි රැලියට එක්වන්නේ නැතුව වෙනම රැළියක් පවත්වාගෙන මැයි රැලිය දේශපාලනීකරණය කරගෙන ආණ්ඩුව පෙරළන්න මඟ පාදාගන්න මැයි රැලිය මැතිවරණ රැළියක් කරගෙන තියෙන්නේ කවුද? (නි)
කිරුළපන ලොකු සංවිධායකයෙකුත් කියලා තියෙන්නේ "ශ්‍රී ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂය මෙවර මැයි දිනයයි" කියලා (නි)
දැන් දේශපාලඥයින් මැයි දිනය යොදාගන්නෙත් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න (නි)
ඔබ කියන දේ හරි. අපි කියන්නෙත් ඒකම තමයි (නි)
අපි බලමු මේ බල අරගලය මොනතරම් දුරට සාර්ථක වෙයිද කියලා (නි)
අප දන්නා කාලයක සිට දේශපාලනය කරන මෙතුමන්ලාගෙන් රටට වූ සේවයක් නම් අප දන්නේ නැත. ඉතින් ඔවුන්ට කිරුළපනට හැර යාමට තැනක් නැත. (නි)
දිනෙන් දින කම්කරුවන්ගේ කුස පොත්තට යනවා. කම්කරුවන් ගැන කඳුළු සළන නායකයන් සහ ඔවුන්ගේ පරපුරවල් වල තරවීම කවදත් අපට හොඳින් පෙනෙනවා. බඩගින්නේ වැටි වැටිත් මාරුවෙන් මාරුවට මේ අය කරතබාගෙන අවුරුදු පතා හුරේ දමන අපේ කම්කරු ජනතාව කවදා සත්‍ය සොයාගනීවිද? අද කම්කරුවන් වෙනුවෙන් කඳුළු සළන බොහෝ දෙනා සිතන්නේ පසුගිය කාලයේ කම්කරුවෝ සුරසැප ලැබූ බවකි. ඒ වගේම අරගල මතක්වෙන්නෙත් බලය නැති කාලයටය. (නි)
රාජ්‍ය සේවකයගේ විශ්‍රාම වැටුපයි, වෙනත් දීමනායි පඩි වැඩිවිමයි ගැන විතරයි මේගොල්ලෝ එදා කතාකළෙත්, අද කතා කරන්නෙත්. දැන් ඉන්න අයත් කතා කරන්නේ පුළුවන් තරම් රාජ්‍ය සේවකයාටම දෙන්න. නිකන් ඉඳලා පඩි ගන්නෙත් බහුතර රාජ්‍ය සේවකයොමයි. හරියට මහන්සිවෙලා වැඩකරන්නේ පුද්ගලික හා අර්ධ රාජ්‍යය සේවකයෝ. ඒ අයට මොකුත් නැහැ. (නි)
ටික ටික හුලන් බහිනවා නේද මහත්තයෝ (හේ)
ඔබ හරි. රටේ උද්ගත වී ඇති ප්‍රශ්න ඉදිරියේ කරකියා ගන්න දෙයක් නැතුව බලයේ ඉන්න නායකයෝ ගොලුවෙලා. මහින්දව කඩිනමින් ඉදිරියට ගෙනඒම අත්‍යවශ්‍යයි (නි)
මැයි දිනය තියෙන්නේ තමා කැමති කට්ටියගේ පෙළපාලියක ගිහිල්ලා ඔවුන්ගේ බයිලා අසා හෝ නොඅසා සවසට හරහට ගෙදර එන්නද? (නි)
අනේ මේගොල්ලන්ගේ අරගල! බලය තිබුන කාලේ කරගන්න බැරිවුණ අරගල දැනුයි මතක්වෙලා තියෙන්නේ. ඕකනේ කියන්නේ බලය තියෙනකොට මොළය නැහැ මොළය තියෙනකොට බලය නැහැ කියලා. පුළුවන් තරම් මහජන දේපොළ කාලා නාස්ති කරලා දැන් එනවා අරගල කරන්න. අපි දන්නවා මේ සියලු අරගල කරන්නේ අපිට ආදරේට නොව නුඹලාගේ අරමුණු ඉෂ්ට කරගැනීමට බව (නි)
අපි නම් ඒක හොඳට දන්නවා. ඕක අපිට කියන්න දෙයන් නෙමෙයි (නි)
අහෝ විකුම්, ඔයාගෙ පුංචි මොළේට හිතෙන දේවල්? (නි)
පිටබැද්දර ජයා, මෙයාලා බලය තිබෙන කාලේ කළ දේවල් හොඳටම ඇති දැන් කට්ටිය කරන දේවල් එක්ක සංසන්දනය කරලා බැලුවහම. මට පුදුමේ ඔය වගේ කට්ටියට එ්ක නොපෙනෙන එක (නි)
සමන්තිගේ නිර්වචනය හරියටම හරි. ඕක තමයි අද මැයි දිනය කියලා මේ රටේ කරන්නේ. රාජ්‍ය ආයතන වල ඉන්න අය ඒ කාලෙට බලයේ ඉන්න පැත්තෙ පාට ටීෂර්ට් ඇඳලා තොප්පි දාලා යනවා ලකුණු දාගන්න. නොගිය මිනිහව කපනවා. ඔන්න ලංකාවෙ මැයි දිනය (නි)
පසුගිය කාලයේ මැයි දිනවල වූ අක්‍රමිකතා සෙව්වාද? අදාළ අයට දඬුවම් දුන්නාද? ජනතාව දැනගන්න කැමතියි. (නි)
මැයි දිනය කියන්නේ හොරුන්ට තවත් හොරකම් කරන්න තැනක් බවට පත්වෙලයි තිබුනේ. අපි නෙමෙයි කියන්නේ මැති ඇමතිවරුන්මයි. දැන් එහෙම නැද්ද? තවමත් එහෙමද? ජනතාව අවදියෙන්. (නි)