මැයි දිනයෙන් පසු දකුණු පළාත් සභාවේ ඇතුලු පළාත් සභා කිහිපයක අමාත්‍ය මණ්ඩලත් වෙනස් කර රටේ ද වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ගාල්ලේ දී අද කීවේය. මැයි දිනය පැවැත්වෙන ගාල්ලේ පළාත් පාලන නියෝජිතයන් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ගාල්ල කොටුවේ පැවති මෙම රැස්වීමේ දී පළාත් පාලන නියෝජිතෙයා් පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්ද වැඩ කළ හැටි ද ප්‍රකාශ කළහ.
ජනාධිපතිවරයා මේ අවස්ථාවේ කියා සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිකිරීමට තමන් තරම් කැපවුණු වෙහෙස වුණු කෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොමැති බවයි. 2005 දී පක්ෂ නායිකාව වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ මතයට පවා පිටුපාමින් තමන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිකරවීමට දැඩි වෙහෙසක් ගත් බව ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිතිවරයා කීවේය. ඒ නිසා පක්ෂය ගැනත් කළ යුතු දේත් තමන් හොඳින් දන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් වෙනත් පක්ෂවල වුවමනා එපාකම් ඉටුකරමින් දැන් පක්ෂයෙන් ඉවත්ව පක්ෂයේ සමගිය ගැන කතා කිරීම විහිළුවක් වී ඇතැයි ද ජනාධිතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස්කම් ගැනනම් ඉතින් කතාකරලා වැඩක් නැහැ. (ර)
ඡන්දය තියන්න මැතිඳුනි. නිදහස් පක්ෂයට ඡන්දය දුන්නේ අපිනේ! (නි)
පළාත් සභා කියන්නේ ජනතාවගේ මුදල් කන ස්ථාන. සියලුම පළාත් සභා අවලංගු කර ඒ පළාත් වලින් පාර්ලිමේන්තු පත්වූ අයට ඒ පළාත් බලාගන්න ප්‍රතිපාදන වෙන්කළා නම් හරි. (නි)
පළාත් සභා කියන්නේ සුදු අලියෙක්නේ. මම නෙමෙයි කියන්නේ, ආණ්ඩුවේ අයමනේ (නි)
දැනටත් අපි වෙනස උපරිමයෙන් භුක්ති විඳිනවනේ (නි)
නිර්භීත තීන්දුවක් ගන්න. සමහරු දිය රත්වෙනතුරු තමයි දඟලන්නේ (නි)
දැන්නම් අපි විඳින වෙනස හොඳටම ඇති (නි)
වෙනස්කම් කොහොම වුණත් මහින්දට පිටුපාන අයට ඊළඟ මැතිවරණයෙන් ප්‍රතිඵල ලැබෙන්න බව කියන්න කැමතියි. (නි)
පක්ෂයේ විනය හා තීන්දු කෙළින් නොගන්නාතාක් කල් ඔබතුමාලට පක්ෂය තුළ ගමනක් යා නොහැකියි (නි)
ඔව් ඉතින් නොසෑහෙන වෙනසක් සිදුවෙයි. අපි වගේ මධ්‍යම පන්තියේ ගොවි ජනතාවට දවසට එක සමබර ආහාර වේලක් ලබාගන්න ඉඩ ලැබුනොත් ඇති. (නි)
දැන්නම් විරුද්ධව මොකුත් කියන්නත් බයයි අපිට (නි)
ජනාධිපතිතුමනි, පක්ෂය කඩාගෙන යන කිසිවකුටත් අනාගතයක් නැත. තව ටික දිනකින් මේ සියලුම දෙනා ඔබතුමාගේ දෙපතුල ළඟට පැමිණෙනවා ඇත (නි)
අනේ! අපිට ලැබුන වෙනස හොඳටම ඇති. ආයෙත් නම් වෙනස්කම් එපා. අපි හරි සතුටින් ඉන්නේ (නි)
මෙරට කාටවත් ගොඩගන්න බැරි තත්වයකට පත්වෙලා (නි)
ඇයි බදුත් වෙනස්නේ... (ර)