IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මායා ශිෂ්ටාචාරයේ කතාව

පුරා විද්‍යාත්මක සාක්ෂිවලට අනුව, මායා ශිෂ්ටාචාරය ආරම්භ වී ඇත්තේ කි‍්‍ර.පූ. 2000 දී පමණ ඇමෙරිකාවත් දකුණු ඇමෙරිකාවත් අතර පිහිටි මධ්‍යම ඇමෙරිකාවේය. මෙසෝඇමෙරිකානු ශිෂ්ටාචාරයක් ලෙස සැලකෙන මායා ශිෂ්ටාචාරයේ ‘ස්වර්ණමය යුගය’ ලෙස සැලකෙන්නේ කි‍්‍ර.ව. 300-900 ත් අතර කාලයයි. මායාවරුන් සංකීර්ණ ජන කොට්ඨාශයකි. දක්ෂ ගණිතඥයන් වූ මායාවරු තාරකා විද්‍යාව ගැන හසළ දැනුමක් ඇත්තෝ ද වූහ. මායා ශිෂ්ටාචාරය බෙලීසය, හොන්ඩුරාස්, ගෝතමාලාව, එල් සැල්වඩෝරය පමණක් නොව මෙක්සිකෝව තෙක් පැතිර පැවැති බව පුරා විද්‍යාත්මක සාක්ෂිවලින් තහවුරු වී තිබේ. කි‍්‍ර.ව. 1517 දී ස්පාඤ්ඤ ජාතිකයන් මායාවරුන්ගේ දේශය ආක‍්‍රමණය කළ අතර, එය මායාවරුන්ගේ අවසානය ද විය. ඇතැම් පුරාවිද්‍යාඥයන් පවසන්නේ මායාවරුන් හිටිහැටියේ ලොවෙන් අතුරුදන් වූ බවය. ඊට හේතුව කුමක්දැයි අනාවරණය වී නැත. ටියෝටිවකාන් නමැති ඉපැරණි මායා නගරයේ ‘හිරු’ගේ සහ ‘සඳු’ගේ යැයි යෝධ පඩි පිරමීඩ දෙකක් ඉදිකර ඇත. මෙම පිරමීඩවල නටඹුන් අදත් දක්නට ලැබේ. පුරාවෘත්තවලට අනුව මෙම පඩි පිරමීඩ ඉදිකළා යැයි පැවැසෙන්නේ යෝධයන්ය. එම ‘යෝධයන්’ මේ පිරමීඩ ඉදිකර ඇත්තේ මීට පෙර ලෝකය විනාශ වූ අවස්ථාවකදීය. ඒ අනුව මායාවරුන් ලෝක අවසානය ගැන විශ්වාස කළ බව පැහැදිලි වන බව ද පුරා විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති. මායාවරුන් පමණක් නොව තවත් මධ්‍යම ඇමෙරිකානු පුරාණ ජන කොට්ඨාශයක් වන ඇස්ටෙක්වරුන් පවා ලෝක අවසානය ගැන විශ්වාස කළේ යැයි පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් අනාවරණය කර ගෙන ඇත. මායාවරුන්ගේ විශ්වාසයන්ට අනුව අතීතයේදී අපේ ලෝකය සිවු වරක්් විනාශ වී ඇත. සුළඟින්, අයිස්වලින්, ගින්නෙන් සහ ජලයෙන් ලෝකය විනාශ වූ බව මායා හා ඇස්ටෙක් පුරාවෘත්තවල සඳහන් වී ඇත. ලෝකය විනාශ වුණු ඒ හැම වතාවකම මිනිසා යළි ලෝකය නිර්මාණය කර තිබෙන බව ද එම පුරාවෘත්තවල වැඩිදුරටත් සඳහන් වෙයි. අද නටඹුන් වී ගිය ලෝක උරුමයක් සේම සංචාරක ආකර්ෂණයක් ද වන ටියෝටිවකාන් නගරය නිර්මාණය කර තිබෙන්නේත් එවැනි ලෝක විනාශයක් සිදුවීමෙන් පසුවයි. මායාවරු ඔවුන්ගේ දින දර්ශනයේ සටහන් වූ විශේෂ දිනවලදී නොයෙක් නොයෙක් විශේෂ ආගමික වත්පිළිවෙත් සිදු කළහ. එම හැම කටයුත්තක්ම සිදු වූයේ මායා රජුගේ මූලිකත්වයෙනි. මිනිසුන් හා සතුන් බිල්ලට දෙමින්, රුධිර පූජා පැවැත්වීම එම ආගමික කටයුතුවලදී මුල්තැනක් ගත්තේය. මායාවරුන් මිනිසුන්ගේ හා සතුන්ගේ රුධිරය පූජා කළේ ඔවුන්ගේ ‘දෙවිවරුන්’ පෝෂණය කිරීම සඳහාය. බිලි පූජා සඳහා බහුලව යොදා ගැනුනේ යුද සිරකරුවන්ය. මායාවරුන්ගේ මේ ‘දෙවියන්’ යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන්දැයි යන්න ද මතභේදයකට ලක් වී ඇත. සෑම මායා නගරයකම පඩි පිරමීඩ ඉදිකර තැබුණේ ආගමික මධ්‍යස්ථාන ලෙසිනි. එම පිරමීඩ මුදුණේ දෙවියන් වෙනුවෙන් බිලි පූජා, යාගහෝම පැවැත් වීමට පූජනීය දේවාල ඉදිකර තිබුණි. දේවාල හරහා දෙවියන්ට සමීප වීමේ මඟක් සකස් කර ගැනීමට හැකි වුණේ යැයි මායාවරුන් විශ්වාස කළ බව පුරා විද්‍යාත්මක සාක්ෂිවලින් අනාවරණය වී ඇත. තමන් දෙවිවරුන්ට සමීප වන්නේ අහසින් බව ද මායාවරුන්ගේ විශ්වාසය විය. මෙම පුද පූජා සහ යාගහෝම සාමාන්‍ය වැසියන්ට නොපෙනෙන අයුරින් පැවැත් වූ බව ද හෙළි වී ඇත. සාමාන්‍යයෙන් පිරමීඩ යැයි පැවැසූ විට අපේ සිහියට නැගෙන්නේ ලොව ඉපැරණි පුදුම හතට ද ඇතුළත් වී තවමත් නොනැසී පවතින මිසර පිරමීඩයි. මායාවරුන් නිර්මාණය කළේ පඩි පිරමීඩ මිසර පිරමීඩවල පිරමීඩ ආකෘතියට ඉදි කර ඇති නමුත් ඒවායේ වෙනස්කම් දකින්න ලැබේ. මිසරයේ සහ මධ්‍යම ඇමෙරිකාවේ පමණක් නොව, අනෙක් රටවලත් පිරමීඩ දකින්න ලැබේ. ඉපැරණි  මෙන්ම එකිනෙකාට වෙනස් ජන කොට්ඨාශ, කිසිදා එකිනෙකා හමු නොවී, මුහුදින් සහ ගොඩබිමින් වෙන්වී පිරමීඩ ඉදි කිරීම පුරා විද්‍යාඥයන් මවිත කිරීමට සමත්ව ඇත. මායාවරුන්ගේ ඉපැරණි නගරවලින් වඩාත් ප‍්‍රකට අප කලින් සඳහන් කළ ‘ටියෝටිවකාන්’ නගරයයි. නූතන පුදුම හතට තේරී ඇති ‘චිවන් ඉට්සා’ නගරය අද සංචාරක ආකර්ෂණයක් සේම ලෝක උරුමයක් ද වෙයි. ‘ටියෝටිවකාන්’ යන්නෙහි අරුත ‘දෙවියන්ගේ පුරවරය’ යන්නය. ‘හිරු’ගේ පිරමීඩය ඉදිකර ඇත්තේ මේ නගරය මධ්‍යයේය. පුදුමයකට මෙන් මේ පිරමීඩයේ ප‍්‍රමාණය මිසරයේ ගීසා පිරමීඩයේ ප‍්‍රමාණයට හරියටම සමානය. එසේ නම් කිලෝ මීටර් දස දහසක් දුරින් පිහිටා ඇති මේ පිරමීඩ දෙක ඉදි කළේ එකම පිරිසක් ද යන්නත් අපූරු අබිරහසකි. පිටසක්වළ ජීවීන් ගැන විශ්වාසය කරන විද්‍යාඥයන් පවසන්නේ පිටසක්වළ අයගේ උදව්වෙන් පුරාණ වැසියන් පිරමීඩ ඉදි කළේ දැනුම රැස් කිරීමට කියාය. ඒ බව මිසර ලේඛනවල පැහැදිලිව ලියා තිබේ. පිරමීඩ හැදුවේ දැනුම ගබඩා කිරීමට බවත් විශ්වයේ රහස් සහ විශ්වයේ දැනුම පිරමීඩවල ගබඩා කෙරුණු බවත් පුරාණ ලේඛනවල වැඩිදුරටත් සඳහන් වෙයි. 7 වැනි ශතවර්ෂයේ දියුණු ශ්‍රේෂ්ඨ මායා නගරයක් බවට පත් තවත් මායා නගරයක් වන්නේ පැලැන්කේ නගරයයි. පහත් බිම් ප‍්‍රදේශයේ පිහිටි මේ නගරයේ පාලන කටයුතු සිදු කළේ පැකාල් නමැති රජු විසිනුයි. පැකාල් ශ්‍රේෂ්ඨ රජකු ලෙස ද ප‍්‍රසිද්ධ වී ඇත. රජු නගරයේ විශාල මාළිගාවක් සහ පිරමීඩ දේවාල 7 ක් ඉදිකරවා තිබේ. අද ඒවායේ නටඹුන් දකින්න ලැබේ. පැකාල් රජු පැලැන්කේ නගරය වටා පිහිටි ජනපද හා රාජ්‍යවල තම බලය තහවුරු කර ගත්තේ හමුදා ආක‍්‍රමණ කිරීමෙන් සහ විවාහ සබඳතා මගිනි. පුරාණ පිටසක්වළ ජීවීන් ගැන මත පළ කරන විද්‍යාඥයන් පවසන අන්දමට නම්, මායාවරුන් ගේ පැලැන්කේ පුරාවිද්‍යාත්මක භූමිය සුවිශේෂී එකකි. අද මෙම ස්ථානයත් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සංරක්ෂිත පුරාවිද්‍යාත්මක ස්ථානයකි. වසර ගණනාවක් අමතක වී තිබුණු මේ දේවාලය සොයා ගනු ලැබුවේ ස්පාඤ්ඤ ගවේෂකයන් පිරිසක් විසිනි. ඉන්පසු මෙහි ඇති එක් පුරාණ පිරමීඩයක් යට සැඟවී තිබී සොහොන් ගැබක් සොයා ගැනීමට පුරා විද්‍යාඥයන්ට හැකි විය. ගලින් නිර්මාණය කළ කැටයම් හා චිත‍්‍රවලින් අලංකාර වූ මිනී පෙට්ටියක එම සොහොන් ගැබ තුළ තැන්පත් කර ඇත. මෙහි මිහිදන් කර ඇත්තේ ‘පැකාල් ද ගේ‍්‍රට්’ එහෙම නැතිනම් මහා පැකාල් රජ්ජුරුවන්ය. හත්වැනි සියවසේ පාලකයා ලෙස කටයුතු කළේ පැකාල් නමැති රජුය. මහා පැකාල් රජු මියගියේ ද පැලැන්කේවලදීමය. මේ පුද්ගලයා එක්තරා විධියක අබිරහස් මායාවරයකු එසේත් නැතිනම් මායා රජකු ලෙස ඉතිහාසයට එක් වී සිටී. මොහු අඩි 8 ක් උස තැතැත්තෙකි. වෙනත් වචනවලින් කියනවා නම් ඔහු යෝධයෙකි. මොහු මායා පුරාවෘත්තවල සඳහන් අන්දමට පඩි පිරමීඩ ඉදි කළ යෝධයන්ගෙන් කෙනෙක් විය හැකිය. පැකාල් රජුගේ සොහොන් ගැබ වට කර පැරැුන්නෝ මහා පිරමීඩය නිර්මාණය කළහ. පැකාල් රජු මායාවරුන් සැලැකුවේ කිසියම් ආකාරයක දෙවියකු ලෙසය. මායා වැසියෝ ඔහුට වන්දනාමාන කළහ. මායාවරුන්ගේ චිත‍්‍ර හා කැටයම්වලින්, ගලින් නිර්මාණය කළ පැකාල් රජුගේ සොහොන් පෙට්ටිය හැඩ ගැන්වී තිබේ. පිටත ඇති එම චිත‍්‍රවලින් නිරූපණය වන්නේ පැකාල්, මායාවරුන්ගේ පොළොව යට ඇති මළවුන්ගේ ලොවට යන අයුරුය. පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන පිරිස් එම චිත‍්‍රය අර්ථ දක්වන්නේ අපූරු විදියකටය. ඔවුන් පවසන්නේ එම චිත‍්‍රයෙන් පිළිබිඹු වන්නේ ගගන කැප්සියුලයක ගුළිවී සිටින පැකාල් ගගනගාමියකු කියාය. එම කැප්සියුලය එසේත් නැතිනම් ගගන යානය පදවන උපකරණ, ඔක්සිජන් ටැංකි, යානාවේ පසුපස ගින්දර පිටවන අයුරු ආදී සෑම දෙයක් ම චිත‍්‍රයේ දකින්න ලැබේ. චිත‍්‍රයට අනුව පැකාල් එක් අතකින් යානාවේ ලීවර එහා මෙහා කරමින් එය පදවයි. අනෙක් අතින් යතුරු පුවරුවක් කි‍්‍රයා කරවයි. ඔහුගේ පාද කිසියම් පැඩලයකට සම්බන්ධ වී තිබේ. ඒ අනුව ඇතැමුන් පවසන්නේ පැකාල් පිටසක්වළ ජීවියකු කියාය. වර්තමානයේ ගගනගාමීන්, ගගන ඇඳුමින් සැරැුසී, රොකට්ටුවක හෝ ගගන කැප්සියුලයක හෝ නැගී ගමන් ගන්නා ආකාරය මේ චිත‍්‍රය හා සසඳා බලද්දී සමාන යැයි පෙනෙයි. පැකාල් සාමාන්‍ය මායා රජ කෙනෙක් ද ? ඔහු දුර ඈත දේශයකින් ආ විශේෂ අමුත්තෙක් ද ? එසේත් නැතිනම් පිටසක්වළින් ආ අමුත්තෙක් ද ? ඔහු පිටසක්වළින් ආ මනුෂ්‍යයකු හා සමාන පිටසක්වළ ජීවියකු නම්, පුරාණ මායාවරුන්ට දැනුම දුන්නේ පිටසක්වළයන්ද ? තාරකා විද්‍යාව, ජෝතීර්වේදය ගැන මායාවරුන්ට කියා දුන්නේත් මායා කැලැන්ඩරය සහ පිරමීඩ නිර්මාණය කිරීමට මඟ පෑදුවේත් පිටසක්වළ ජීවීන්ද ? මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සැපැයීමට විද්‍යාඥයන්ට මෙතෙක් හැකියාවක් ලැබී නැත. මායාවරු තම ලේඛන සඳහා කැටයම් කළ රූපාක්ෂර යොදා ගත්හ. ලෝක විනාශයට පාදක වුණු මායාවරුන්ගේ සංකීර්ණ දින ගලින් ඉදි කළ කැලැන්ඩරයේ දින සටහන් කර තිබෙන්නේ ද මේ රූපාක්ෂර යොදා ගෙනය. දින දර්ශනය නිර්මාණය කර ඇත්තේ සූර්යයාගේ වෙනස්වීම් අනුවය. මායා පාලකවරුන්ගේ සහ ඔවුන්ගේ පාලන කාලයන් ගැන තොරතුරු ද මෙම කැලැන්ඩරයේ සටහන් කර ඇත. මායා සංස්කෘතියේ ඉහළින් ම පාලකයකු හෝ රජ කෙනකු සිටි අතර, ඔහුට පහළින් වංශවත් රදළයෝ සිටියහ. මොවුන් අතර ඉහළ සමාජ තලයක සිටි ගොවීන්, වෙළෙඳුන් සහ පූජකයන් ද දකින්න ලැබුණි. සාමාන්‍ය ජනතාව සිටියේ එම පිරිසටත් පහළිනි. ඔවුන් ගොවිපොළ සේවකයන්, දඩයක්කාරයන් සහ අත්කම් නිර්මාණකරුවන් ලෙස කටයුතු කළ බවට පුරාවිද්‍යාඥයන්ට සාක්ෂි හමුවී ඇත. ඔවුන්ටත් පහළින් සිටියේ යුද සිරකරුවන් සහ වහලූන්ය. පිරමීඩ ඉදිකිරිමටත් බිලි පූජා සඳහාත් යොදා ගනු ලැබුවේ මොවුන්ය. මායාවරු කී‍්‍රඩාවට ද දක්ෂයෝ වූහ. ඔවුහු පැසි පන්දුවලට සමාන කී‍්‍රඩාවක් කී‍්‍රඩා කළහ. රබර් බෝලයකට අතින් පහර නොදී, සිරුරෙන් පහර දෙමින්, එම බෝලය කී‍්‍රඩාංගනයේ ඉහළින් සවි කළ වළලූ අතරින් පැන්නවීම එම ක‍්‍රීඩාවයි. මායාවරුන් ජීවත් වුණේ මනාව සැලසුම් කළ නගරවලින් සැදුම්ලත් ජනපදවලය. ඒ හැම ජනපදයකට ම පාලකයකු සිටි අතර ඝන ලාවාවලින් සෑදෙන ඔබ්සිඩියන් පාෂාණ, කොකෝවා, කපු සහ නොයෙක් විධියේ කුලූබඩු වර්ග සම්බන්ධයෙන් වෙළඳ ගනුදෙනු පාලනය කරනු ලැබුවේ එම පාලකයා විසිනි. කුරුල්ලන් අල්ලන දඩයක්කරුවෝ වර්ණවත් කුරුලූ පිහාටුවලින් වෙළඳ ගනුදෙනු කළහ. ඉතාමත් අලංකාර හිස් පලඳනා සැරසීමට කුරුළු පිහාටු යොදා ගැනුණි. මායා රජවරු එවැනි හිස් වැසුම් පැලැඳ සිටියහ. කඳුකර ප‍්‍රදේශවල වනාන්තර එළිපෙහෙළි කළ මායා ගොවීහු බෝංචි, ඉරිඟු සහ වැල් වට්ටක්කා වගා කළහ; කළුකුම් ගොවිපොළවල් හා මීමැසි ජනපද පවත්වාගෙන ගියහ. මායාවරුන්් ගොවිපොළවල කටයුතු සඳහා සතුන් හීලෑ කර ගත් බවට සාක්ෂි නැත. නමුත් ඔවුන් බල්ලන් ඇති කළ බව පැවැසෙයි. ගමන් බිමන් යෑමට හෝ බඩු භාණ්ඩ රැුගෙන යෑමට කරත්ත හෝ අත් කරත්ත නොතිබුණු අතර ඔවුන්ට තිබුණේ සෙල්ලම් කරත්ත පමණි. විශාලතම මායා නගරය ලෙස සැලකෙන්නේ ‘ටිකාල්’ නමැති නගරයයි. ටිකාල් නගරය අයත් ප‍්‍රදේශය වර්තමානයේ අයත් වන්නේ ගෝතමාලාවටයි. ටිකාල් නගරයේ ජනගහනය 60,000 ක් සිටියේ යැයි තොරතුරු හෙළි වී ඇත. මායා පූජකයින් පිරමීඩවල සිදු කළ යාගහෝම හා පුද පූජා දැකබලා ගැනීමට නගර වැසියෝ පිරමීඩ පාදමේ පිහිටි සමචතුරස‍්‍රාකාර භූමි ප‍්‍රදේශවලට රැස් වූහ. සූර්යයාගේත් චන්ද්‍රයාගේත් ග‍්‍රහලෝකවලත් වෙනස් වීම් හොඳින් තේරුම් ගැනීමට මායා පූජකයින්ට හැකි වූ නිසා කල් තියා සූර්යයාගේ හා චන්ද්‍රයාගේ සිදුවන වෙනස්වීම් සම්බන්ධයෙන් අනාවැකි පළ කළ හැකි විය. බිලිපූජාවලදී බිල්ලට දුන් අයගේ සිරුරු, පතුළ නොපෙනෙන තරම් ගැඹුරු පිරමීඩ අසළම ඉදිකළ පූජනීය ළිංවලට විසි කළ බව ද පැවැසෙයි. මායා පූජකයෝ ලේ පිපාසයෙන් පෙළුණු පිරිසක් බව ඉතිහාසයට එක් ව සිටිති. මායා දින දර්ශනයේ පළමු වසර ලෙස සැලකෙන්නේ කි‍්‍ර.පූ. 3372 යි. කි‍්‍ර.පූ. 400 වන විට මායාවරුන් පඩි පිරමීඩ ඉදි කිරීම ආරම්භ කර තිබුණි. කි‍්‍ර.ව. 700 වන විට මායා නගර දියුණුවෙන් දියුණුවට පත්විණි. එම දියුණුව වැඩි කලක් නොපැවැතිණි. කි‍්‍ර.ව. 900 වන විට මායා ශිෂ්ටාචාරයේ පිරිහීම ඇරැුඹී තිබුණි.  මීට ප‍්‍රධානතම හේතුව ලෙස පුරාවිද්‍යාඥයින් පවසන්නේ වසංගත රෝග පැතිර යෑම සහ වගාබිම් පාළු වීමය. ප‍්‍රධාන පෙළේ මායා නගර අත්හැර දමනු ලැබීය. පහත් බිම්වල ජීවත්වූ ජනයා මෙක්සිකෝවේ සහ ගෝතමාලාවේ උස් බිම්වල පදිංචියට ගියහ. ඔවුහු උස් කඳුකරයේ අලූතින් නගර ඉදිකර ගත්හ. චිචන් ඉට්සා යනු එවැනි ඉදි කෙරුණු මායා නගරයකි. සෙසු මායා නගරවල මෙන් චිචන් ඉට්සාහිත් පාලන  කටයුතු සිදු කරනු ලැබුවේ ද උපදේශක මන්ත‍්‍රණ සභාවක් (කවුන්සිලයක්)  විසිනි. කි‍්‍ර.ව. 1250 දී මායා ශිෂ්ටාචාර යළි පිබිදීමක් ඇතිවීමත් සමඟ චිචන් ඉට්සා වෙනුවට මායාපන් නගරය මායාවරුන්ගේ ප‍්‍රධාන නගරය බවට පත්විණි. කි‍්‍ර.ව. 1440 දී මායාපන් නුවර පාලකයන්ට විරුද්ධව අනෙක් නගරවලින් කැරලි කෝලහාල හට ගැනුණි. එකිනෙකා අතරේ ඇති වූ යුද ගැටුම් හේතුවෙන් මායාවරු දුර්වල වූහ. ස්පාඤ්ඤ ජාතිකයෝ මායාවරුන්ගේ දේශයට පැමිණියේ මේ අතරතුරේදීය. ඒ, කි‍්‍ර.ව. 1517 දීය. කි‍්‍ර.ව. 1500 මැද භාගය වෙද්දී මායාවරුන්ගේ දේශය පාලනය ස්පාඤ්ඤ ජාතිකයන් අතට පත් විය.



අදහස් (4)

මායා ශිෂ්ටාචාරයේ කතාව

පසිදු Friday, 21 December 2012 11:33 AM

‍හොද ලිපියක්. (නි)

:       74       261

Senuli Sunday, 13 September 2020 06:51 AM

මේක ඉතා වැදගත්...

:       3       6

Senuli Sunday, 13 September 2020 07:06 AM

මේක නම් හරිම ෂෝක්... ගොඩක් තොරතුරු තියෙනවා. ස්තුතියි.

:       3       3

යුපුලි Sunday, 26 December 2021 11:15 AM

මීට වැඩිය මම දන්නවා

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 909 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 800 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 437 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 301 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 994 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site