IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මයිකල් ජැක්සන්ගේ අයියා ලංකාවේ

ලෝකප්‍රකට පොප් ගායක මයිකල් ජැක්සන් ගේ වැඩිමල් සොහොයුරු ඇමරිකානු ජාතික සුපිරි ගායක ජර්මේන් ජැක්සන් මහතා  දිවයිනට පැමිණයේය.

ඔහු මෙරටට පැමිණියේ ඔහුගේ රූමත් බිරිද සමගය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇරයුමකට   අනුව මෙරටට පැමිණි ජර්මේන් ජැක්ෂන් මහතා මෙරට රැදී සිටින කාලය තුල දැවැන්ත සංගීත ප්‍රසංගයක් සැලසුම් කිරීමටද නියමිතය.

 



අදහස් (0)

මයිකල් ජැක්සන්ගේ අයියා ලංකාවේ

තිලක්-ඩුබායි Wednesday, 14 August 2013 07:51 AM

ආනන්ද,කාර් රේස්, රගර් , සිනමා උළෙලවල්, සන්දර්ශන... නියමයි. පත්තරේ බැලුවම තියෙන්නේ මේවා. අසරණ දරුවෝ ලෙඩවලට බෙහෙත් ගන්න නැතුව, සැත්කම් කරන්න සල්ලි නැතුව දුකෙන් හෙම්බත් වෙලා. ඇත්තටම දුකයි. කවදා මේවා ලංකාවේ මිනිස්සුන්ට තේරේවිද මන්දා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 14 August 2013 07:55 AM

රෝහල් වල බෙහෙත් නැහැ.පාසල් වලට ගුරුවරු නැතුව පාසල් වහගෙන යනවා.බොන්න පිරිසිදු වතුර ටිකක් නැහැ. මෙවැනි කාලෙකත් කතිරේ ගහන අය ඉන්නවනේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 14 August 2013 07:55 AM

සඳරුවන්, අනේ අපි දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි නේද මේ? (නි)

:       0       0

රසාදරී Wednesday, 14 August 2013 08:12 AM

මයිකල් ජැක්සන් කියන්නේ නිකම්ම නිකම් ගායකයෙක් නෙමෙයි. කලාතුරකින් ලොව පහළ වෙන ආශ්චර්යයක්. ලංකාවේ බහුතරයකට මයිකල් ජැක්සන් ගැන අදහසක් නැහැ. (නි)

:       0       1

බටී Sunday, 18 August 2013 07:17 PM

අපේ මිනිස්සු කන්න බොන්න නැතුව දුක් විදිනවා. අනේ තව කතිරේ ගහන්නකෝ. තව කව්රු ගෙන්නාවිද? ජය වේවා! හුරේ! (නි)

:       0       0

සඳරුවන් Tuesday, 13 August 2013 06:52 PM

අනේ අපි දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි නේද මේ ?(නදී)

:       0       0

මාටින් Wednesday, 14 August 2013 09:07 AM

මයිකල් ජැක්සන් දක්ෂයෙක් උනාට ..මෙයා එහෙම ජනප්‍රිය හෝ දක්ෂ ගායකයෙක් නෙවෙයි ..මල්ලිගේ පහනින් එලිය ලැබිලා. (ස)

:       0       0

ලාරා කෑගල්ල Tuesday, 13 August 2013 06:55 PM

වැලිවේරියේ ජනතාව බලයි මේක ! (නදී)

:       0       0

සඳරුවන් Tuesday, 13 August 2013 06:58 PM

අපිට වතුර නෑ? (ත)

:       0       0

බුද්ධි Tuesday, 13 August 2013 07:11 PM

ඔච්චරයි අඩු අපිට (ත)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 14 August 2013 10:09 AM

මේවට විරුද්ධ වෙන්න මෝඩයෝ ,රටක් දියුණුවෙන්න නම්,පුළුවන්තරම් පොප් ගායකයෝ රටට ගෙන්වන්න ඕන,එතකොට රටේ ජනයා සංගීතයෙන් ඔද වැඩී,පිස්සු පීකුදුවී සිටීවි. (ස)

:       0       0

gaml Tuesday, 13 August 2013 07:22 PM

මේවා හොද වේද,

:       0       0

නීල් රණා Tuesday, 13 August 2013 07:23 PM

ලස්සනයි ලස්සනයි... හම සුදු මැලි නොකරගත් අයියා, මල්ලිට වඩා හැඩකාරයෙක්. සුදු කෙල්ලන්ව කළු කොල්ලෝ ගත්තහමයි ලෝකෙ ලස්සන වෙන්නේ. (ත)

:       0       0

අමිල කටුනායක Tuesday, 13 August 2013 07:27 PM

ඔය ප්‍රසංගයනම් බලනවා මයි. (ත)

:       0       0

කුමාර් Tuesday, 13 August 2013 07:28 PM

අපිට මෙච්චරයි අඩු. (ත)

:       0       0

රොනී Wednesday, 14 August 2013 10:40 AM

නැව ගිලුනත් බෑන්ඩ් චූන් (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 13 August 2013 07:33 PM

දැන් ප්‍රශ්න ඔක්කොම අමතකයි. (ත)

:       0       0

මධු Monday, 19 August 2013 06:07 PM

එක කොටසක් විතරක් සැනසුනාම ඇතිද රටේ? (නි)

:       0       0

නිරුත්තර Wednesday, 14 August 2013 11:12 AM

කවුරුහරි මේවා ලියල එකතු කරනවද? 2016 දී අදින්න. ජවිපෙ, එජාපෙ ට ඕව අමතක වෙනවනේ. (දී)

:       0       0

කම්මලේ Tuesday, 13 August 2013 07:58 PM

අපිට ආස්චර්ය නිසා සල්ලි වැහි වැහැලා. වතුර වලට පිටරවල් වලට ආධාරත් දෙනවා. දෙන ගමන් තමා මේ කරන්නෙ. මගේ මීලග මනාපය රට වෙනුවෙන්.(නදී)

:       0       0

කසුන් Tuesday, 20 August 2013 08:48 AM

රෝහණ චමින්ද, ඔබතුමා හරියටම හරි. ඔය නීල් රනා කියන කෙනා සිංහල නම් වලින් අදහස් දාන කෙනෙක් පමණයි. (නි)

:       0       0

චමල් Tuesday, 13 August 2013 08:20 PM

අපිට මෙච්චරයි අඩු.(නදී)

:       0       0

ජගත් Tuesday, 13 August 2013 08:22 PM

රටේ වෙන ප්‍රශ්න නැතිද සල්ලි වියදම් කරන්න.(නදී)

:       0       0

නිරෝධා Tuesday, 13 August 2013 08:28 PM

දැන් බලමු කීදෙනෙක් මේ ශෝ එක බලන්න යාවිද කියලා.(නදී)

:       0       0

ඉන්දික.නාපොලි Tuesday, 13 August 2013 08:37 PM

ලෝක ප්‍රකට මයිකල් ජැක්සන් මිය නොගියා නම් ඔහු අද ලංකාවට පය තියෙනවා නිසැකයි. ආසියාවේ ආශ්චාර්වය කරා ශ්‍රී ලංකාව.(නදී)

:       0       0

ජුදේ විජේසිංහ Tuesday, 13 August 2013 08:45 PM

බෙල්ල ඔතාගන්න පුරුදු වුනේ අපේ එක්කෙනගෙන්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

නිමල් ජයසිංහ Tuesday, 13 August 2013 09:13 PM

මෙම සංගීත ප්‍රසංග වලින් ලැබෙන මුදල් රතුපස්වල ජනතාවට වතුර ලබාදීම සදහා ගෙවිය ය යුතු මූලික ගාස්තු සදහා යොදවන ලෙස කරුණාවෙන් ඉල්ලමි.(නදී) .

:       0       0

සුදත් අතුකෝරළ Tuesday, 13 August 2013 09:25 PM

ඔහොම යන ගමන හොදය (අ)

:       0       0

ලංකාවේ කොල්ලෙක් Wednesday, 14 August 2013 12:30 PM

අහිංසක මිනිස්සු දුක් විදිනවා. ඒ දුක උපරිම තැනට ඇවිල්ලා. ඉවසන්නම බැරිතරම්. ඒ එක්කම 87-89 වගේ කාලයක් නැවත එන්න හදනවා. ඕනෑම දෙයක් ඕනැවට වඩා ඕනෑ නෑ. අහිංසක මිනිසුන්ට ඕන රජවෙන්න නෙවෙයි. ජීවත් වෙන්නයි. කොක්කුන්ට වාර කීපයක් ආවා. තිත්තයාගේ වාරය වැඩි ඈතක නෑ. මහත්වරුනි ප්‍රවේශම් වන්න.මොලේ තියෙන අය අපි අතරේ ඕනෑ තරම් ඉන්නවා. විප්ලවයට ජයවේවා...... (දී)

:       0       0

පැහැසර Tuesday, 13 August 2013 09:52 PM

මේවා කරන එකේ වරදක් නැහැ . එත් මීට වඩා මුල් තැන තිය යුතු ගොඩක් දේවල් අපේ රටේ තියනවා. අනේ මන්ද ඉතින් අපි කිව්වා කියල මේ දේවල් නතර වන්නේ නැනේ. තියන සල්ලි වලට මොනවා හරි කරන්නත් ඕනනේ . එකක් හැමදාම නත්තල් නෑ පුතේ . (අ)

:       0       0

සෙනෙවි Wednesday, 21 August 2013 08:29 AM

ඔහොම යං! (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 19 August 2013 12:47 AM

අනේ කොච්චර ෂෝක්ද අනේ? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 13 August 2013 10:24 PM

නිමල් ජයසිංහ.ඔය කියන නිසාම යොදාවි. අර ධාතු ප්‍රදර්ශනයේදී ආච්චිලා සීයල පිං කැටේට දාපු මුදල් ටිකත් අරගෙන ගියපු රටක් ඔය. (ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 13 August 2013 10:25 PM

මමනම් මගේ පෙම්වතියගේ වුපන් දිනයට සුදු අශ්වයකුයි. ලැම්බෝගිනියකුයි තෑගිකළා. (ස)

:       0       0

මංජු Tuesday, 13 August 2013 10:26 PM

නිරෝධා.බඩගින්න දැනෙන්නෙ නැති අතමිට සරු දුප්පත් කියන වචනය අහලාවත් නැති මිනිසුන් යන්නෙ පොලිම් ගහලා.මොනවා කරන්ඩද අපි ලබා උපන් හැටි තමයි (ස)

:       0       0

නීල් රාණා Tuesday, 13 August 2013 10:37 PM

අදහස් දාන බොහෝ දෙනෙක් අශුභවාදීයෝ නිසා, මේ දෙන්නව ආපසු යවල ප්‍රසංගයට යන මුදලින් ඉන්දියාවෙන් බුදුන්ගේ ධාතු ගේනවලු. (ස)

:       0       0

හෙළයා Tuesday, 13 August 2013 11:42 PM

නියමයි, ඔච්චරයි අඩුවකට තිබුනේ, (ස)

:       0       0

දිල්ශානි Wednesday, 14 August 2013 12:00 AM

අනේ ඔය සල්ලි වලින් චුටි මුදලක් අර දරුවට කරාටේ තරගෙට යන්න දෙන්නකෝ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 14 August 2013 12:17 AM

වැලිවේරියේ මරපු අහිංසක දරුවෝ වෙනුවෙන් වැලපෙන අම්මලාගේ දුක් ගින්දර නිවන්න වෙන්නැති මෙයා සින්දු කියන්න ආවේ , අනේ සාදු.(නදී)

:       0       0

දුලී Wednesday, 14 August 2013 12:17 AM

මෙයාගෙන් මොනවා කරන්නද අනේ මෛකල් ජැක්සන් වත් ආවා නම් කමක් නැහැ.(නදී)

:       0       0

ශ්‍රීනාත් Wednesday, 14 August 2013 01:38 AM

මුදල් නැහැ නැහැ කියලා නිකන් ඉදලා මුදල් ලැබෙන්නෙ නැහැ. හම්බකරන්න ඕනෑ. හැම දෙයක්ම මුදල් නැති අය ගැන හිතලා ලෝකයේ වෙනත් රටවල් නතර කරන්නෙ නැහැ. ඔය මෝඩ අදහස් තිබෙනකල් රටක් දියුණුකරන්න බැහැ (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Wednesday, 14 August 2013 02:58 AM

ලංකාවට මෙච්චරයිනේ අඩුවෙලා තිබුණේ (නි)

:       0       0

නාලක - කටාර් Wednesday, 14 August 2013 03:08 AM

මේ වගේ දේවල් වලට අදහස් පළකරන්නේ අසුබවදියෝ කියල හිතන එක වැරදියි. අපේ රටේ කරන්න තියන දේවල්, අඩුපාඩු බොහොමයක් තියෙද්දී සුළු පිරිසකගේ ආස්වාදය උවමනාව මත මේ වගේ දේවල් කරද්දී රට ගැන අවබොදයක් තියන පාඨකයෝ අදහස් පලකරනවා වැරැද්ද පෙන්වීමට . මේ පුවත් පතේම ශීර්ෂ පාටයේ තියන කරාටේ ක්‍රීඩ්කයට වෙලා තියන අසාධාරණයම උදාහරණයක් .(නදී)

:       0       0

මයිකල් Wednesday, 14 August 2013 03:26 AM

ඔබාමාගේ මල්ලි කෙන්යාවේ රස්තියාදු වෙවී ඉන්නවා. එයාවත් ගෙන්නගන්නකො.(නදී)

:       0       0

ආනන්ද Wednesday, 14 August 2013 04:07 AM

කාර් රේස්, රගර් , සිනමා උළෙලවල්, සන්දර්ශන, නියමයි. පත්තරේ බැලුවම තියෙන්නේ. අසරණ දරුවෝ ලෙඩවලට බෙහෙත් ගන්න නැතිව, සැත්කම් කරන්න සල්ලි නැතිව දුකෙන් හෙම්බත් වෙලා. මේවා දැක දැක හිතක් පපුවක් ඇති සැබෑ නායකයෝ ඔහොම වැඩ කරන්න හිතන්නෙවත් නැහැ. මිනිසුන්ගේ දුක තේරෙන සැබෑ නායකයෙක් ලංකාවේ කවදා බිහිවෙවිද දන්නේ නැ. ඇත්තට දුකයි. කවදා මේවා ලංකාවේ මිනිස්සුන්ට තේරේවිද මන්දා.(නදී)

:       0       0

රෝහණ චමින්ද Monday, 19 August 2013 02:59 PM

නීල් රානා. බුදුන්ගේ ධාතු නෙමෙයි, ඔයාගේ නබිගේ අර පොතෙන් ලංකාව වහගන්න නම් ඔයාට ලොකු ඕනෑකමක් තියෙනවා නේ. මෙතන ආගම්වාදී කතාවක් කරලා ලොව පිළිගත් ආගම් කතුවරයෙකුට නිකම්ම නම කියලා කතා කලේ ඔයා විතරයි.(ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 14 August 2013 06:53 AM

ජීවිත අහිමි දරුවන්ගේ දෙමුපියන්ගේ කඳුළු වියළිලා යයිනේ මෙයාගේ සිංදු අහලා (නි)

:       0       0

පාලිත වීරතුංග Wednesday, 14 August 2013 07:13 PM

එච්චරයි අඩුවට තිබුනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3234 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2349 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3192 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3069 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1356 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36079 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site