IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මියගිය මිනිසෙකුගේ ආධ්‍යාත්මය වටා ගෙතුණු 'ප්‍රේමණීය මිනිසා'

2016-08-15-ent-32

විරාජ් පෙරේරා විසින් ගයා රුවන් නන්දිත පදරචනය කළ ප්‍රේමණීය මිනිසා ගීතයේ රූපරචනාව සිදුකරන ලද්දේ නදීෂ් දික්කුඹුර විසිනුයි. එහි භාවිත පදරචනයේ සහ රූපරචනයේ මෙන්ම ගායනයේත් පැවති වෙනස් කම් නිසාවෙන් අපි ඒ පිළබඳව කතාබස් කරනට නදීෂ්ව සම්බන්ධ කර ගතිමු.

 

 

තනි රූපරාමු

2016-08-15-ent-37තනි රූපරාමුවකින් කොහොමද අදහසක් නිර්මාණය කරන්නෙ කියනෙක තමයි මම මම මේ මියුසික් වීඩියෝව මගින් ඉදිරිපත් කරන්න අදහස් කළේ. රූපරාමු දෙකක් ගැටීමෙන් අදහස් කිහිපයක් දෙනවට වඩා තනි රූපරාමුවකින් සාමාජීය අදහසක් කියන්නෙ කොහොමද කියනෙක තමයි මගේ මූලික අදහස වුණේ. මෙහි මුලින්ම දැක්වෙන්නෙ මිනිහෙක්ගෙ මනසේ ගොඩනැගෙන සිහිනයක් විදියටයි. මේ ලෝකේ සියල්ලම භෞතිකයක් කියනවට වැඩිය මනසේ ගොඩනැගීමක් විදියටයි මෙහි දැක්වෙන ඇහෙන් ප්‍රතිනිර්මාණය කරන්නෙ. ඇහේ අභ්‍යන්තරයට යාමෙන් නිරූපණය කරන්නෙ ඒ කාරණයයි.

 

තුවක්කු පැළවූ ඔළු

එමෙන්ම මිනිස්සු යුදවාදී මානසිකත්වයක සිටිනබවත් මෙහිලා අදහස් කෙරෙනවා. ඔළුවල තුවක්කු පැළවෙලා යුදවාදී මානසිකත්වයක ලැගුම්ගෙන තිබෙන චින්තනය තුළ තිබෙන අනෙකාට පහරදීමේ මානසිකත්වය මෙමගින් අර්ථනිරූපණය කරනවා. ඒ විනාශයෙන් තමයි අත්පත් කරගන්න පුළුවන්ය යන සංකල්පය තමයි මෙහි දැක්වෙන හිස්වල තුවක්කු පැළවීමෙන් අර්ථ නිරූපණය කරන්නෙ. එමෙන්ම කාන්තාව මොඩර්න් විදියට ඉස්සරහට යද්දි පිරිමියා ඔළුව යටට ගහගෙන චින්තනය පැත්තෙන් අවුලක ඉන්නෙ. ගැහැනියගේ මේ වෙනස්වීම දරාගන්න බැරිකමක් පිරිමියාට බැරිබව මෙහිලා පෙන්වා දී තිබෙනවා. පිරිමියාට දැන් මොකද්ද කළයුත්තේ යන්න පිළිබඳව අර්බුදයක් තිබෙන බවකුයි පෙනෙන්නෙ.

 

ඇදවුණු අකුරු

ඊළඟට කතාකරන්නෙ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන අර්බුදය. දොස්තරලා වර්ජනය කරනවා මිනිස්සු ගැන හිතන්නැතුව.එහි මිනීපෙට්ටියක් ඉදිරිපිට පිකටින් කරන දොස්තරලා ගැන දැක්වෙන රූපරාමුවෙන් කියවෙන්නෙ ඒ කාරණයයි. එහි බෝඩ් ලෑලිවල කිසිවක් නොලියා හිටියේ ප්‍රේක්ෂකයාට කැමති අදහසක් දරාගන්නටයි. පොලිස් නිලධාරියෙක් මෙහි දැක්වෙන්නෙ රූකඩයක් ලෙසින් එල්ලා වැටෙන්නේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙන නිසාවෙනුයි. නීතියේ ආධිපත්‍යයත් ඉහලින් මෙහෙයවන ස්වරූපයක් තිබෙන බවයි අරුත් ගැන්වුවේ.

 

හෙළුවෙන් ඉන්න සයිබර්ලා

එමෙන්ම සයිබර් අවකාශයේ ඉන්න තරුණයෙක් උපයෝගී කර ගනිමින් පෙන්වා දුන්නේ මොඩර්න් විදියට ඇපල් ෆොන් තියාගෙන හිටියාට ආධ්‍යාත්මය රහිත තරුණ පරපුරක් ඇති බවයි. එමෙන්ම අනෙක් රූපරාමුවෙන් පෙන්වූයේ සාම්ප්‍රදායික පවුල තුළ තිබෙන ඛේදවාචකයයි. අනෙක් රූපරාමුවෙන් දැක්වෙන්නෙ අපේ දෙදහස් පන්සියයක ඉතිහාසයට අපි ගැටගහල තිබෙන ආකාරයයි. මෙහි තිබෙන්නෙ ගල්කණුවයි සඳකඩ පහණයි. මොනවා කරත් අපි ඉතිහාසය ගැන අර්බුදයකනෙ පැටලිලා ඉන්නෙ. කොතන ගියත් අපි ජාතිවාදයත් එතනින්නෙ අල්ලන්නෙ. සියලු අර්බුදයන් මෙයටයි අපි ගැටගහල තියෙන්නෙ. මන්දයත් අපි නිදහස් නෑ.

 

ආදරය කරන ඩමි

ආදරය ගැන රූපරාමුවෙදි කොල්ලා ප්‍රාණවත්ව ඉඳිද්දි කෙල්ල ඩමියක්. එමගින් ප්‍රේමයේ ඛේදවාචකයයි කියවෙන්නෙ. අන්තිමට ආදරය විදියට හැඟීම් විරහිත ඩමි දෙකකුයි ඉතිරිවෙන්නෙ. නමුත් තාම කොහොම වෙතත් සමාජවාදී ඉසව්වකට සමාජය ගෙන යාමේ කාරණයයි. රතු ඉරකින් ළමයෙක් දැම්මෙත් සමාජවාදී පාලනයකට සමාජය ගෙනයාවිද යන්නයි. රතු ඉර හා ළමයා සංකේතවත් කළේ එවන් අදහසකිනුයි.

 

මිනිස්සු පුංචි කළ මියුසික්

එමෙන්ම ජාතිවාදී සංකල්පය තමයි විවිධ ජාතීන් සංකේතවත් කරමින් විවිරණය කළේ. මෙහි ගහමරා ගන්නා සේරම මිනිස්සු එකම පන්තියකට අයිති මිනිස්සු යන්නයි අදහස් කළේ. එමෙන්ම මෙහි සංගීත භාණ්ඩ විශාල කළ රූප රාමුවක් තිබෙනවා. එසේ කළේ මිනිසුන් පරයා සංගිත භාණ්ඩ ඉදිරියට පැමිණීමයි. හැඟීම් විරහිත වෙන දේවල් ටිකක් සංගීත භාණ්ඩවලින් පොරවල් වීම තමයි එමගින් අරුත් ගැන්වුවේ. මිනිස්සු පුංචිවෙලා ඉලෙක්ට්‍රොනික් සංගීතය ලොකුවෙලා.

 

බැස යන රතු ඉර

අනික තමයි ඉතිහාසෙ ඉඳන්ම රජකෙනෙක් ඉල්ලන මිනිස්සුන්ගේ මනෝරාජික රූප. තාමත් හොයන රාජකීය ස්වරූපය. ප්ලේන් හා එයාපෝට් ආදිය තිබුණට ආධ්‍යාත්මය නොහැදුණු ඉසවු ගැනයි මෙහි කියවෙන්නෙ. අවසන සියලුම සමාජ පන්තීන් බලාගෙන ඉන්නවා මේ සමාජය වෙනස් වෙයි කියලා නමුත් සමාජවාදය නැමැති ජීවියා බිහිවෙයි කියල බලාගෙන ඉන්නවා. නමුත් එය සිදුවෙන්නෙ නෑ..රතු ඉරක් ඇවිත් එය බැහැල යනවා. මෙහි සියල්ල සංකේත විදියට තමයි සියල්ල නිර්මාණය කළේ. මිනිස්සු මේ අර්බුදයට විසඳුමක් වෙන ක්‍රමයකින්වත් තියේද කියන බලාපොරොත්තුවක් තිබුණත් සමාජවාදී ක්‍රමයක් එයි කියල බලන් හිටියත් එය බැහැල යනවා. එයින් කියන්නෙ ආපසු නැග එයි කියන බලාපොරොත්තුවක් තිබෙන බවත් කියන්න පුළුවන්.

 

සටහන ඉඳුනිල් සින්දු

 

2016-08-15-ent-36
2016-08-15-ent-35
2016-08-15-ent-34
2016-08-15-ent-33
2016-08-15-ent-30
2016-08-15-ent-31

 

related-ARTICAL

ප්‍රේමණීය මිනිසා' ෆැන්ටසියෙන් එහාගිය යථාර්ථයක්
 



අදහස් (0)

මියගිය මිනිසෙකුගේ ආධ්‍යාත්මය වටා ගෙතුණු 'ප්‍රේමණීය මිනිසා'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 942 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 813 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 447 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 307 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1200 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 998 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site