IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවට ඉඩ නොදෙන පිරිස්වලට එරෙහිව පියවර ගන්නවා‘

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවට ඉඩ නොදෙන්නේ නම් එම පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි.
ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවකට මාර්ගය නිර්මාණය කර තිබෙන අතර මැතිවරණ ප්‍රතිඵලයට විරුද්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය හුවමාරු කිරීමේ ක්‍රියාවලියට බාධාවක් යැයි ද ඇමෙරිකාව ප්‍රකාශ කරයි.

එලෙස බාධා කරන සහ ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි සඳහන් කළාය.

අවුන් සාන් සූචීගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට දැනටමත් දැනුම් දී ඇතැයි ද ඇය පැවැසුවාය.

හමුදාව නැවත වරක් මියන්මාරයේ බලය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් බලා සිටින බවත් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇති නායකයන් කඩිනමින් නිදහස් කරන්නැයි අවධාරණය කරන බවත් ඔස්ට්‍රේලියානු රජය මියන්මාරයේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

මේ අතර මියන්මාරයේ සිදුවීම් දෙස විමසිල්ලෙන් බලා සිටින බවත් එරට සිටින සිය ජාතිකයන් නැවත ගෙන්වා ගැනීම කෙරෙහි තවම අවධානය යොමු කර නැති බවත් ජපානය සඳහන් කළේය.
 
රොයිටර්
 055



අදහස් (2)

‘මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවට ඉඩ නොදෙන පිරිස්වලට එරෙහිව පියවර ගන්නවා‘

සමිත සේනක අලුත්ගමගේ. Monday, 01 February 2021 06:26 AM

හමුදා පාලනය හෝ මිලිටරීකරණය වෙත ඉඩනොදී ඒ රටට, මහා ජනතාවට සෙත සැලසීම ඉතා හොඳ දෙයක්.... ඒ වගේම ලොව තිබෙන මිලිටරීකරණය වෙත එම රටවල් ගෙනයන්නා වූ අය ගැනද කිසියම් විනය ක්‍රියාමාර්ග ගැනීමද වැදගත්... සියළු දේශපාලන පක්ෂවල සිටින රටේ මහජන මුදල් හොරකම් කොට ඉපැයූ වත්කම්ද, වෙනත් රටවල ඇති මුදල් සංචිත හා අයුතු දෙපළද එම රටවල් වල පොදු ජනතා අයිතියට පත්කර දීමට වැඩපිළිවෙලක්ද යොදන්නේ නම්, ඇතැම් හොර තක්කඩි දේශපාලකයන්ගේ සැබෑ යථාර්ථය ලොවට ප්‍රදර්ශනය වනු ඇත.

:       0       0

නුවන්සර Monday, 01 February 2021 09:48 AM

පැවති ජනාධිපති වරණයෙන් පසුව ඇමරිකාවේ බල හුවමාරුව, අවසානයේදී ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවිය. එහෙත්, එතෙක් පැවැති සම්ප්‍රදායන් වෙනස් විය. නමුත්, මියන්මාරයේ සිදුවන දෑ ප්‍රජාතන්ත්‍රවාදී නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 301 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 105 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 173 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 212 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 820 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 372 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 65 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site