IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මයුර උද්‍යානයේ ධවල මන්දිරය

2016-07-24-ent-22

ඒ හැන්දෑවේ ලස්සන පැහැදිලි අහසක් තිබුණා. ඒ අහස දිහා අපි බලාගෙන හිටියේ ලස්සන මාලිගයක විසල් සඳළුතලයක ඉඳගෙන. ඒ සඳළුතලයේ ඉඳන් බලද්දි මුලු නගරයමත් පේනවා හරි ලස්සනට.

2016-07-24-ent-17අපි හිටියේ ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයට අයත් හයිද්‍රාබාද්හි පිහිටි ටාජ් ෆලක්නුමා මාලිගයේ. (Taj Falaknuma Palace) විවෘත රථයක නැගී ඒ මාලිගාවට යද්දි ලස්සනට පාරක් දිගේ පිල් විදහාගත්ත මොනරැත් එනවා.... ආ ආවද අපිව බලන්න අහන්න වගේ. ටාජ් ෆලක්නුමා මාලිගය හයිද්‍රාබාද් නිසාම් පවුලේ උරැමයක්. ෆලක්නුමා ප්‍රදේශයේ අක්කර 32ක භූමියක තමා මේ ලස්සන මාලිගාව පිහිටලා තියෙන්නේ. අතීතයේ හයිද්‍රාබාද්හි මහාරාජාව හුන් නවාබ් විකාර් අල් උමාර් තමා මේ මාලිගය හැදුවා කියලා කියන්නේ.

ෆලක්නුමා කියන වචනයටත් හරි ලස්සන තේරැමක් තියෙනවා. අහස හා සමාන නැතහොත් අහසේ කැඩපත කියන එක තමා ඒ තේරැම. ඉංග්‍රීසි ජාතික වාස්තු විද්‍යාඥයෙක් විසින් මේ විසල් අලංකාර මන්දිරය සැලසුම් කරලා ඉන්පස්සේ ඉදිකිරීම අරඹලා තියෙන්නේ 1884 මාර්තු 03 වැනිදා. වචනයෙන් විවරණය කරන්න අමාරැ තරම් සුන්දර මේ මාලිගය හදන්න අවුරැදු නවයක තරම් දිග කාලයක් ගතවෙලා තියෙනවා. සම්පූර්ණ වර්ගඵලය වර්ග මීටර් 93,971ක් වෙච්ච මේ අලංකාර මාලිගය ඉතාලි මාබල්වලින් තමා අලංකෘත කරලා තියෙන්නේ.

හරිම අපූරැ හැඩයකට තමා ටාජ් ෆලක්නුමා මාලිගය හදලා තියෙන්නේ. සිතන්න පුළුවන්ද මොකද්ද ඒ හැඩය කියලා. ගෝනුස්සකුගේ හැඩයකට. අයිතිකාරයාට ගෝනුස්සන් එක්ක තිබුණු සබැඳියාව, ගෝනුස්සා ගැන තිබුණ විශේෂත්වය මොකද්ද කියලා නම් අපි දන්නෙ නෑ. ඒත් ඕක තමා කතාව. මේ මාලිගාවේ උතුරැ දෙසින් දෙපසට ගොඩනැගිලි දෙකක් තියෙන්නේ ගෝනුස්සාගේ අඬු දෙකක් විදිහට. මැද කොටස තමා ප්‍රධාන ගොඩනැගිල්ල. මුළුතැන්ගෙය තියෙන්නෙත් එහි.

මේ මාලිගය ඉදිකළ නිසාම්වරයා නිරන්තරයෙන්ම සංචාරයට ප්‍රිය කළ කෙනෙක්. ඉතින් සංචාරයේදී මසැසින් උකහාගත්තු දේවලුත් මාලිගාව නිර්මාණයේදී බලපෑවලු හරි හරියට. ඉතාලි සහ ටියුඩර් රාජවංශයේ සම්ප්‍රදාය අනුව තමා මේ මාලිගාව ඉදිකරලා තියෙන්නේ. කාමරවලට යොදලා තියෙන වීදුරැ ලස්සන ලස්සන පාට වලින් යුක්තයි. ඒ වීදුරැ මැණික් වගේ දිලිසෙමින් එක් එක් වර්ණ ආලෝක කදම්භ කාමරය ඇතුළට කැන්දනවා. විකාර් නිසාම්වරයාගෙන් පස්සේ හයිද්‍රාබාද්හි හයවැනි නිසාම්වරයාට තමා මාලිගාවේ අයිතිය පැවරැවේ. විකාර් අල් උමාර් ඉන්දීය රැපියල් ලක්ෂ 40ක් වියදම් කළාලු මේ සුන්දර මාළිගයට අවැසි ගෘහභාණ්ඩ අරගන්න. විකාර් අල් උමාර් කියන්නේ විශාල ධනස්කන්ධයකට උරැමකම් කීව පොහොසතෙක්.

ඒත් මේ මාලිගාව නිමකරන්න ඔහුටත් බෙංගාල බැංකුවෙන් ණයක් ගන්න සිදුවුණාලු. මේ මාලිගයට ආව ඔහුගේ බිරිඳගේ සොයුරා මේ මාලිගාවට දැක්වූයේ පුදුම කැමැත්තක්ලු. ඒ හින්දා මේ මාලිගාව තමන්ගේ මස්සිනාට තෑගි කරන්න විකාර් අල් උමාර් තීරණය කරලා. ඒත් මස්සිනාකමට දුන්න අමිල තෑග්ග නිකම්ම ගන්න අකමැති වෙච්ච එයා ඉන්දීය රැපියල් ලක්ෂ 20ක් දීලා ඉතිරිය තෑග්ගක් විදිහට බාරගත්තලු. ඒ නිසාම්වරයා ඒ මාළිගයේ තිබුණු මහේශාක්‍ය පෙනුම නිසාම ඒක රාජකීය විවේක නවාතැනක් ලෙස පාවිච්චියට අරන්. 1950න් පස්සේ මේ මාලිගාව හිස්ව තිබුණා. අවසන් වරට එහි නවාතැන් ගෙන හිටියේ හිටපු ඉන්දීය ජනපති රාජේන්ද්‍ර ප්‍රසාද්. ඒ 1951 දී.

ඉන්පසු දීර්ඝ කාලයක් එය වසා තැබුණු අතර පසුව නැවත අලුත්වැඩියා කිරීමෙන් පසු ටාජ් හෝටල් සමූහය වෙත භාර කෙරැණා. දැන් හෝටලයක්ව පවතින මෙම මන්දිරයේ පිළිගැනීමේ කාමරය හරිම දැකුම්කළුයි. ෆෙරෙස්කෝ චිත්‍රවලින් සිවිලිම අලංකාර කරලා. මන්දිරයේ කාමර 60ක් ඇති අතර ශාලා 22ක් තියෙනවා. දුර්ලභ චිත්‍ර, ප්‍රතිමා, ගෘහභාණ්ඩ සහ පොත් ආදී වටිනා දේ බොහෝමයක් තවමත් මෙහි පවතිනවා.

මෙහි ඇති ජේඩ් එකතුව අද්විතීය එකතුවක් ලෙසයි සැලකෙන්නේ. ප්‍රධාන කෑම ශාලාවේ පිහිටි සුවිසල් මේසයේ එකවර අමුත්තන් 100 දෙනකුට අසුන් පැනවිය හැකියි. රෝස්වුඩ් දැවයෙන් පුටු නිමවා කැටයම් කපා ඇති අතර කොළපැහැති සම්වලින් කුෂන් නිමවා තියෙනවා. මේසයේ ආයිත්තම් රත්තරන්වලින් හදලා තියෙන්නේ. මේසයේ දිග අඩි 108ක් ද පළල අඩි 2.7ක්ද වෙනවා. මෙය ලොව විශාලතම ආහාර ගැනීමේ ශාලාව ලෙස ප්‍රකටයි. පුස්තකාලයේ වහලය නිමවා ඇත්තේ වෝල්නට්වලින්. එය වින්ඩ්සර් මන්දිරය සිහිගන්වන්නක්. බිලියඩ් කාමරයක්ද තියෙනවා.

එංගලන්තයේ බරෝස් සහ වොට්ස් සමාගම තම සමාගම් ඉතිහාසය තුළ සුවිශේෂී බිලියඩ් පුවරැ දෙකක් නිර්මාණය කර ඇති අතර ඉන් එකක් ඇත්තේ එංගලන්ත රුජන ඉන්නා බකිංහැම් මාළිගයේ. අනෙක ඇත්තේ මෙහි. දුරකතන සහ විදුලි පහසුකම 1983 දී හඳුන්වාදී ඇති අතර ඉන්දියාවේ දැනට දක්නට ලැබෙන විශාලතම විදුලි පරිපථයක් මෙම මාළිගයේ දක්නට ලැබෙනවා. නිසාම් පවුලේ පෞද්ගලික බූදලයක් වූ මේ මැදුර 2000 වසර වනතෙක් සාමාන්‍ය ජනතාවට විවර වුණේ නෑ.

2000 දී ටාජ් හෝටල් සමාගම විසින් නවීකරණය කිරීම ඇරුඹූ හෝටලය විවෘත වූයේ 2010 නොවැම්බර්යේදීයි.

ටාජ් ෆලක්නුමා මාලිගයේදී අපට රසවත් තේපැන් සංග්‍රහයක් භුක්ති විඳින්න අවස්ථාවක් ලැබුණා. ඉතා රසවත් ඉන්දියානු කෑම වර්ග සහ සැන්විඩ්ච් වර්ග එහි තේපැන් සංග්‍රහයක් භුක්ති විඳින්නෙකුට රස බලන්න පුළුවන්. ඒ වගේම එහි නවාතැන් ගන්න සංචාරකයන් වෙනුවෙන් හවසට ගසල් ගී ප්‍රසංගයකුත් පැවැත්වෙනවා. මධුවිත තොල ගාමින් සම්ප්‍රදායික ඉන්දියානු සංගීතය රසවිඳීමත් ඇත්තටම ප්‍රිය අත්දැකීමක්.

තෙලඟනා ප්‍රාන්තයේ සංචාරයක නියැලෙන්නෙකු තම සංචාර සටහන් අතරට එක්කරගත යුතුම තැනක් විදියට ටාජ් ෆලක්නුමා මන්දිරය සඳහන් කිරීම ඇත්තටම මුසාවක් නොවෙයි.

 

සංජු

(ඉන්දියානු සංචාරයකින් පසුව)

 

DESHAYA

 

2016-07-24-ent-21
2016-07-24-ent-20
2016-07-24-ent-19
2016-07-24-ent-18
2016-07-24-ent-16
2016-07-24-ent-15



අදහස් (0)

මයුර උද්‍යානයේ ධවල මන්දිරය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 53 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 215 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 70 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 47 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 218 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1118 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site