වගාවනට හානි කරතියි මොණරුන් වසදී මරා දැමීමට රජරට ඇතැම් ගොවියන් ක්‍රියා කරතියි වනජීවි නිලධරයෝ කියති. කතරගම දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන මොනරා ආගමික සංකේතයක් වෙයි.වස ශරීරගත වූ මොනරකු කුඹුරක වැටී සිටියදී සොයාගත් අනුරාධපුර වනජීවි නිලධරයෝ බෙහෙත් දී සුවපත්කර වනයට මුදා හළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන් මිනිස්සු ආච්චර ලස්සන සතට මොන හිතකින් වස දෙනවද ...i (අ)
පව් අහිංසක සතෙක්(දිල්)
මත්තලින් ආපු එකෙක් වෙන්නැති .වගාවට කෙසේ වෙතත් ගුවන්යානාවලට හානිකරයි කියල නම් ආරංචියි (දිල්)
මේ සත්තුන්ට ජිවත් වීමේ නිදහස නැති කරන්නේ මේ මිනිස්සු වගේ (දිල්)
මේවගේ අපරාද කරන එවුන් තමා අලි කොටි ගහල හේනේ කැලේ මැරෙන්නේ (අ) (්
අනේ මේ ලස්සසන කුරුල්ලා මරන්න තරම් හිතක් ගොවීන්ට ඇතිවෙන්නේ කොහොමද ? මේ සතුන් නොමරා වෙනත් ක්‍රමයකින් වගාවලින් පන්නන්න බලන්න.මොණරා අපේ රටේ ලස්සන වැඩිකෙරන කුරුල්ලෙක්. මොඋන්ගේ කෑමටික ලබා දෙන එකත් ගොවියන්ගේ යුතුකමක්.පිනක් (දී)
මට නම් හිතෙන්නේ මේ විනාශකාරී ක්‍රියාදාමය තුළ විදේශීය බලවේග සමග එකට වැඩ කරන දේශීය ද්‍රෝහියන් ඉන්නවා. මේවා ගොවියන් හෝ ඒ මට්ටමේ මිනිසුන් ළවා කරවා ගෙන තමන්ගේ ඉලක්කය සපුරා ගන්න තරම් ඔවුන් සුක්ෂමයි. ඇතාත්, මොණරාත් බෞද්ධ හා හින්දු සංස්කෘතියේ ආගමික සංකේත. (නදී)
අහිංසක සතුන් ඔය විදියට විනාස කරලා දාන්නා එපා ගොවි මහත්වරුනි .ඒ සත්තුත් ජීවත් වෙන්න කැමතියි. ඒ නිසා මේ සතුන්ගේ ජීවිතත් රැකෙන විදියට කටයුතු කරන්න.(නදී)
කතරගම දෙවියන්ගේ වාහනය මේවා පවු කාරකමක් (දී)
අනේ මේ සතාවත් ලංකාවේ වඳවී යන සතෙක් වෙයිද (දී)
මොනරා කියන්නේ ලෝකයම ව්ශ්මයට පත් කල සතෙක් රැක ගන්න ඕනේ (දී)
අනේ පව් අහිංසක සත්තු ..සත්ව කරුණාවක් නැති තැන මිනිසුන්ගේ හදවත් කුරිරු වන තරමට ..ඔවුන්ගේ පිරිහිම යහ පැවැත්මන් පිරිහෙනවා පමණක් නොව ..වර්ගයත් වැනසෙනවා ..?(දිල්)
1960 ගණන්වල චීනේ මාඕ සේතුං කලාක් මෙන් වගාවන් සදහා උපකාරී වන මෙවැනි පක්ෂීන් විනාශ කිරීමේ ශාපය එදා චීනය පුරාද පැවතියේය. රජරට ගොවීන් ඕනා තරම් ඉඩකඩ තිබියදී පවා වනාන්තරයන් බලහත්කාරයෙන් අල්ලාගෙන හේන් ගොවිතැනටයයි කියා මෙකල සිදු කරන අනවශ්‍ය වන විනාශය වැළක්විය යුතුය. අතීතයේදී මෙන් නොව දැන් රජරට බොහෝ ගොවීන් සාපරාධි ලෙස ගහකොළ සතා-සීපාවුන්ට සිදු කරනා මේ විනාශය දරාගත නොහැක. (අ)
අහෝ දුකකි මේවා කොහෙන් ඉවර වෙයිද මන්දා (අ)
පැරණි ගොවින් නම් කුරුළු පාළුව කියල වෙනම ලියද්දක් තිබ්බ කුරුල්ලන්ට කන්න. (අ)
මුහුණු සයකි , අත් දොළොසකි මයුරා පිට වාහනේ, තව පව් රැස්කර ගන්නට වස දී උන් මරලනේ. මොන පවක්ද මේ...? (නදී)
ගොවි මහතුනි මෙවැනි ජාතික අපරාධ නොකර වෙනත් ක්‍රමයක් අනුගමනය කරන්න.හක්කපටස්ද මිහිතල නුහුලන අපරාධයකි. (අ)
ගොවියන්ට ශාප කරාවි (අ)
පව් වැඩ කරන්න එපා ගොවිමහතුනේ,සතුන්ට හිංසා නොකර වගාවන් බෙර ගන්න හැටි යාපනයේ ගොවි මහතුන්ගෙන් ඉගෙන ගන්න, (අ)
අනේ. අනේ. (අ)
ඔක්කොම විනශ කරගෙන කොහෙටද මේ යන්න හදන්නේ. අපේ පැරණි ගොවියන් සත්තුන්ට ආදරය කලා. කුඹුරේ ගොයම් ටික්කක් සත්තුන්ටත් ඉතුරුකලා. ඒ කට කුරුළු පාළුව යැයි කීවා (අ)
අලින්ට හක්ක පටස් මොණරුන්ට වස. මෙයාලා ගොවියෝ නම් වෙන්න බැහැ. මුදලාලිලා යටතේ වැඩකරන කුලීකරුවෝ වෙන්න ඇති. (නදී)
මොණරුන්ටත් අපල කාලයක් උදාවෙලා. රජ රට වස කාල මැරෙනවා. මත්තල ප්ලේන් වල වැදිලා මැරෙනවා.(නදී)
ඕක මොකක්ද අර මත්තල ගුවන් තොටුපොල අවට මොණරු මරන්න නියෝග දීලලු නේද තියෙන්නේ. (නදී)