IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මායාවරුන් නොකියූ කතාවක්

ඔක්තෝබර් මස 29 වැනිදා, ‘සැන්ඩි’ නමැති සුළි කුණාටුව ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදුණු අයුරු විදෙස් පුවත් සේවා හරහා අපට දකින්න ලැබුණි. හරිකේන් වර්ගයේ සුළි කුණාටුව සමඟ මහ වැසි සහ මීටර් ගණනාවක් උසැති මුහුදු රළ වෙරළ තීරයේ නගරවලට කඩා වැදුණි. සුළි කුණාටුවෙන් බරපතළ හානි සිදුවූයේ ඇමෙරිකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය මෙන්ම නොනිදන නගරය ලෙස ද සැලකෙන නිව්යෝර්ක් නගරයටයි. නිව්යෝර්ක් නගරයේ ලිබර්ටි දූපත පවා ජලයෙන් යටවී සුප‍්‍රකට ලිබර්ටි ප‍්‍රතිමාවටත් හානි සිදුවිය. ඇමෙරිකාවට සැන්ඩි කළ හදිය අතිමහත්ය. දේපොළ හානි ජීවිත හානි සිදුවිය. තවමත් එම ව්‍යසනයෙන් ගොඩ ඒමට ඇමෙරිකානුවන්ට හැකියාවක් ලැබී නැත. සැන්ඩි සුළි කුණාටුව නිව්යෝක් නුවර කළඹන අයුරු විදෙස් පුවත් සේවා හරහා දකිද්දී, අපේ සිහියට නැගෙන්නේ ජනපි‍්‍රය හොලිවුඞ් අධ්‍යක්ෂක රෝලන්ඞ් එම්රිච්, 2004 වසරේ දී නිර්මාණය කළ ‘ඬේ ආෆ්ටර් ටුමෝරෝ’ චිත‍්‍රපටයයි. මිනිස් කි‍්‍රයාකාරකම් නිසා පරිසර උෂ්ණත්වය ඉහළ ගොස්, අයිස් තට්ටු දියවී, සාගර ජල මට්ටම ඉහළ ගොස්, පෘථිවියේ උණුසුම් කාලගුණය අවසන් වී, උතුරු අර්ධගෝලය අයිස්වලින් වැසී පෘථිවියේ අයිස් යුගයක් ඇතිවීම චිත‍්‍රපටයේ කතාව වෙයි. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව 18 වැනි වරට පසුගියදා කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී සති දෙකක් පුරා පැවැත්විණි. මේ වන විට මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් කාබන්ඩයොක්සයිඞ් වැඩි වැඩියෙන් පරිසරයට එක් වී, උෂ්ණත්වය ඉහළ ගොස් ගී‍්‍රන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවී යෑමට පටන් ගෙන ඇති බවත් එලෙස දියවී ගොස් ඇමෙරිකාව තරම් විශාල අයිස් කුට්ටියක් කැඞී වෙන්වී සාගරයට එක් වී ඇති බවත් එම සමුළුවේදී ජගත් කාලගුණ විද්‍යා සංගමයේ විද්‍යාඥයන් සහ පරිසරවේදීහු පෙන්වා දුන්හ. ජගත් කාලගුණ විද්‍යා සංගමය වැඩිදුරටත් කියා සිටියේ කැඞී වෙන්වූ එම අයිස් කුට්ටියේ ප‍්‍රමාණය වර්ග කිලෝ මීටර් මිලියන 12 කි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සම්බන්ධයෙන් ජගත් කාලගුණ විද්‍යා සංගමය උනන්දුවීම ආරම්භ කළේ මීට වසර 10 කට පෙර සිටය. 2012 වසරේ ගෝලීය උෂ්ණත්වය වාර්තා ගත අන්දමින් ඉහළ ගොස් ඇතැයි ද ජගත් කාලගුණ විද්‍යා සංගමය පැහැදිලි කර දෙයි. ඇමෙරිකාවට කඩා වැදුණු ‘සැන්ඩි’ සුළි කුණාටුව පමණක් නොව මීට මාස කිහිපයකට පෙර යුරෝපයේත් රුසියාවේත් ඇතිවුණු අධික වියළි කාලගුණයට හේතුව ද පරිසර උෂ්ණත්වය ඉහළ යෑමෙන් සිදුවුණු කාලගුණ පෙරැළි යැයි ද දෝහා සමුළුවේදී විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. අප පරිසරයට සිදු කළ හානියේ තරම අතිමහත් බවත්, දැන් අපට ආපසු හැරීමට ප‍්‍රමාද වැඩි බවත් ජගත් කාලගුණ විද්‍යා සංගමය බිය පළ කරයි. 1990 වසරේදී ඇති කරගත් කියෝතෝ ප‍්‍රඥප්තියට අනුව මනුෂ්‍ය වර්ගයා කටයුතු කළේ නම්, අද අපට මෙවැනි ව්‍යසනයකට මුහුණ පෑමට සිදු නොවනු ඇතැයි ජගත් කාලගුණ විද්‍යා සංගමයේ මහ ලේකම් මයිකල් ජුරාඞ් පැහැදිලි කරයි. මින් ඉදිරියට පොසිල ඉන්ධන එනම් තෙල් සහ වායු දහනය සීමා කිරීමටත්, හරිතාගාර වායු වායුගෝලයට මුදා හැරීම අවම කිරීමටත් කටයුතු කළ යුතු යැයි ලෝක නායකයෝ ඒකමතිකව තීරණය කළ අතර 2015 තෙක් කියෝතෝ ප‍්‍රඥප්තියට අනුව කටයුතු කළ යුතු යැයි ද පැවැසූහ. ලෝකයේ සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුද මැද ලෝක විනාශයට මුල් වන පරිසර විනාශය නැමැති සතුරා මිනිස් වර්ගයාට නොදැනීම හිස ඔසවා ඇත්තේ මේ අයුරිනි. ඒ අනුව ලෝක විනාශයට අප මඟ හෙළිපෙහෙළි කර ගෙන ඇතැයි ද ජගත් කාලගුණ විද්‍යා සංගමය ඉදිරිපත් කළ ඔවුන්ගේ වාර්තා වේ සඳහන් වෙයි. දෝහා කාලගුණ සමුළුවේ වාර්තාව නිකුත් වීමත් සමඟත් ස්වාභාවික ව්‍යසන ගැන නිරන්තරයෙන් වාර්තා වීමත් සමඟම 2012/12/21 වැනිදා ලෝක විනාශය සිදුවේවිදැයි යන කුහල යළිත් අප සිත් තුළ වර්ධනය වීමට පටන් ගත්තේය. ඇතැම් පුද්ගලයන් හා මාධ්‍ය මේ වන විටත් ලෝක විනාශය ‘වවාගෙන කෑමක්’ කරගෙන ඇති ඇත්තේ පටු වාණිජ අරමුණු පෙරදැරි කර ගනිමිනි. 2012/12/21 වැනිදා ලෝක විනාශය පාදක කර ගනිමින් එම්රිච් නිර්මාණය කළ ‘2012’ නමැති චිත‍්‍රපටය ද වාණිජමය චිත‍්‍රපටයක් විය. මෙරට සිනමාහල්වලත්, රූපවාහිනී නාළිකාවලිනුත් අපට නරඹන්න ලැබුණු ‘2012’ චිත‍්‍රපටයට පාදක වන්නේ අතීතයේ දකුණු ඇමෙරිකාවේ මායාවරුන් නිර්මාණය කළ දින දර්ශනයයි. ලෝක විනාශය කෙසේ වුවත් මෙම දින දර්ශනය එසේත් නැතිනම් කැලැන්ඩරය හැබෑවකි. මීට වසර දෙදහසක් තරම් පැරැණි ශිෂ්ටාචාරයක් ඇති මායාවරුන් ඔවුන්ගේ කැලැන්ඩරයේ අවසන් දිනය ලෙස නම් කරලා තියෙන්නේ 2012.12.21 දින, එනම් හෙට දිනයයි. මායාවරුන් දක්ෂ තාරකා විද්‍යාඥයන්, ජෝතීර්වේදීන් වූ අතර අතීතයේ හා අනාගතයේ දින ඉතාමත් නිවැරදිව ගණනය කිරීමට සමත් වූහ. මායාවරුන් 2012 දෙසැම්බර් 21 වැනිදායින් පසු දින පටන් කර තැබුවේ නැත්තේ ඇයි ? ඒ කියන්නේ ‘2012’ චිත‍්‍රපටයේ වුණා වගේ 2012 දෙසැම්බර් 21 දා ලෝකය අවසන් වෙනවාද ? යන්න මේ වන විට ශී‍්‍ර ලංකාවේ අපගේ සිත්වලට පමණක් නොව ලෝකයේ සෙසු රටවල වැසියන්ගේ සිත්වලට ද වද දෙන ප‍්‍රශ්නයක් වී අවසන්ය. 2012 චිත‍්‍රපටයේ සිදුවන ආකාරයේ ලෝක විනාශයක් හෝ වෙනත් ආකාරයේ ලෝක විනාශයක් හෝ හෙට දිනයේ සිදු නොවන බව නාසා ආයතනය පසුගිය දින පුරා ම පුන පුනා අවධාරණය කළේය. ලෝක විනාශය වීමට හේතු සාධක ලෙස 2012 චිත‍්‍රපටයෙන් කියැවෙන්නේ සූර්යයාගෙන් නිකුත් වන විනාශකාරී විකිරණශීලී ගිනිදැල් පෘථිවියට බලපෑම් කර, පෘථිවි අභ්‍යන්තරයේ උෂ්ණත්වය වැඩි වී, ගිනි කඳු පිපිරීම්, භූ කම්පන සිදුවීම්, මෙගා සුනාමි නමැති සුනාමි රළ හට ගෙන මුළු ලොවම ජලයෙන් යටවීමය. නමුත් එම චිත‍්‍රපටයට අනුව ඒ සියල්ල සිදුවන්නේ එක රැුයින් නොවේ. චිත‍්‍රපටයට අනුව එම සිදුවීම් 2010 සහ 2011 යන වසරවල සිට සිදුවෙයි. මේ වසරේ අවස්ථා කිහිපයකදී සූර්ය ගිනිදැල් නිකුත් වී සූර්ය ගිනිදැල් නිකුත් වීම් ගැන වාර්තා වුණත් එය පෘථිවියට ලොකු බලපෑමක් නොකළ බව නාසා විද්‍යාඥයෝ අවධාරණය කරති. 2012 චිත‍්‍රපටයේ ලෝක විනාශයට පාදක වන්නේ සූර්ය ගිනිදැල් නිකුත් වී පෘථිවි අභ්‍යන්තරයේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස්, ගිනි කඳු පිපිරීම්, භූමිකම්පා සහ මෙගා සුනාමි හට ගෙන ලොව ජලයෙන් යටවී යෑමයි. චිත‍්‍රපටයේ සිදුවූ ආකාරයට සෞර ග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක එක එල්ලේ පිහිටීමක් ද සිදුවන බව තාරකා විද්‍යාඥයන් පැවැසුවත් එයින් පෘථිවියට අනතුරක් සිදු නොවන බවට නාසා විද්‍යාඥයෝ සහතික වෙති. 1966 දී හවාඞ් සරසවියේ පුරාවිද්‍යාඥ මයිකල්. ඞී. කෝයි ‘ද මායා’ යනුවෙන් පොතක් පළ කර තිබේ. එම පොත අතිශයින් ජනපි‍්‍රය වී සාර්ථක අලෙවියක් ද වාර්තා කළේය. එම පොතෙන් කෝයි පැහැදිලි කියා සිටින්නේ මායාවරුන්ගේ හිරු, සඳු හා තරු පිහිටීම අනුව ඔවුන්ගේ දින දර්ශනය ඉතා නිවැරදිව සකස් කර අනාගතයේ දින කාල වකවානු ගැනත් සටහන් තැබූ බවය. එම දින දර්ශනයේ සියලූම දින අවසන් වෙන්නේ 12/21/12 දා යැයි කෝයි පෙන්වා දෙයි. කෝයි පමණක් නොව 2012 වසරේ ලෝක අවසානය වන බව බොහෝ දෙනා පැවැසුවේ, පටු වාණිජ පරමාර්ථවලින් බවත් පැහැදිලිය. මායාවරු විශ්වාස කළේ ඔවුන්ගේ ශිෂ්ටාචාරය 2012 දෙසැම්බර් 21 අවසන් වන බව යැයි ඇතැම් විද්‍යාඥයන් පවා විශ්වාස කරන්නේ වැරදි වැටහීමකින් බවත් මායා ශිෂ්ටාචාරය ගැන හසල දැනුමක් ඇති පුරාවිද්‍යාඥයෝ පැහැදිලි කරති. ඔවුන් වැඩිදුරටත් කියන්නේ මායා කැලැන්ඩරය බොහෝ දෙනා වැරදි ලෙස අර්ථ දක්වන බවය. විද්‍යාඥයන් පවසන්නේ මායාවරුන්ගේ කැලැන්ඩරයට අනුව 2012 දෙසැම්බර් 21 වැනිදායින් පසු යළිත් නව ආරම්භයක් ඇති වන බවය. මෝටර් රථයක වේග මානය සැතපුම් ලක්ෂයක් ධාවනය වූ පසු යළි බිංදුවෙන් ආරම්භ වෙනවා හා සමානව. ඒ අනුව මෙය ලෝක අවසානයක් හෝ ශිෂ්ටාචාරයේ අවසානයක් නොවන බව ඔවුහූ පැහැදිලි කර දෙති. 2012 සූර්ය නිවෘත්තිය පවතින කාලයේදී සෞරග‍්‍රහ මණ්ඩලයේ කක්ෂ තලය සහ රාශි දොළහේ ගමන් මාර්ගය එකට එකතු වන බව ජෝතීර්වේදීහු පෙන්වා දෙති. එම එකතු වීම සිදුවන්නේ ක්ෂීරපථයේ ධනු රාශිය අසළ ‘ස්වීභේදයක්’ (පැල්මක්) ඇති තැනකදීයි. පැල්මක් යැයි කීවත් මෙය පැහැදිලිව අපට පෙනෙන පැල්මක් හෝ ඉරිතැලීමක් හෝ නොවේ. දක්ෂ තාරකා විද්‍යාඥයන් වන හෙයින් රාශී දොළහේ එම එක් වීම මායාවරුන් කල් තියා දැන සිටින්න ඇතැයි  ද ජෝතීර්වේදීහු වැඩිදුරටත් කියා සිටිති. එම එක් වීම යෙදී ඇත්තේ හෙට එනම් 2012/12/21 වැනිදාටය. තාරකා විද්‍යාඥ ටෙරන්ස් මැකෙනා මේ සම්බන්ධයෙන් නව න්‍යායක් ඉදිරිපත් කරයි. ඔහුගේ එම න්‍යාය හැඳින්වෙන්නේ ‘කාල තරංග ශූන්‍යය’ යනුවෙනි. මැකෙනා එම න්‍යාය ඉදිරිපත් කරන්නේ ඇල්ෆ‍්‍රඞ් නෝර්ත් වයිට්හෙඞ් නම් දාර්ශනිකයාගේ ඉගැන්වීම් ඔස්සේය. වයිට්හෙඞ්, ඔහුගේ තර්ක ඉදිරිපත් කර ඇත්තේ පුරාණ චීන ‘අයි චෙං’ නම් දාර්ශනිකයාගේ ඉගැන්වීම්  වර්තමාන ගණිත ක‍්‍රමවලට යෙදීමෙනි. ඒ අනුව 2012 දෙසැම්බර් 21 දා ලෝකය වෙනස් වන දිනයක් යැයි මැකෙනා අනාවැකි පළ කරයි. මායාවරුන් සහ මැකෙනා පවසනුයේ කුම්භ රාශියෙන් අවසන් වී මීන රාශියෙන් නවයුගයක් ආරම්භ වීම හෝ ලෝකයේ අවසානයක් හෝ සිදුවනු ඇති බවය. පුරාණයේ බටහිර අර්ධගෝලයේ විසූ මායාවරුන් පමණක් නොව ඇස්ටෙක්වරුන් සතුව ද ඉතා දියුණු කැලැන්ඩර තිබුණි. මේ කැලැන්ඩර රූපාක්ෂර යොදා ගනිමින් පාෂණාවල කොටා සකස් කර ඇත. මෙම කැලැන්ඩරවල ඉලක්කම් නොමැත. පුරාණ කැලැන්ඩර අතුරින් මායාවරුන්ගේ කැලැන්ඩරය, මධ්‍යම ඇමෙරිකාවේ අනෙකුත් ශිෂ්ටාචාරවල නිර්මාණය කෙරුණු කැලන්ඩරවලට සමාන විය. මායා කැලැන්ඩරයට වසරකට දින 365 කුත් ආගමික පුදපූජා වතාවත් අනුව නම් කළ දින 260 කුත් තිබේ. මේ දින 365 අවුරුද්දට දින 20 මාස 18ක් ඇතුළත් වෙයි. වසර සම්පූර්ණ කරන්නට අසුබ දින 05ක් එක් කර තිබේ. වෘත්තාකාර මේ කැලැන්ඩරයට දින 18,980 ක් ඇතුළත් වෙයි. වසර 52 ක් නොකඩවා ගිය පසු එක් දිනක් එකතු කර නැවතත් නව වසරක් ඇරැුඹෙයි.



අදහස් (0)

මායාවරුන් නොකියූ කතාවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 942 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 813 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 447 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 307 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1200 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 998 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site