IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මාරක රසකාරකයට වැට

ඉදිරි සති දෙකේදී මොනෝ සෝඩියම් ග්ලුටෝමේට් (එම්.එස්.ජී) රසකාරකය වෙළඳපළින් ඉවත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අද (8) ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම පියවර ගන්නා බව මහීපාල මහතා අද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ‘සුරකින්නට තව වටිනා ජීවිතයක් කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්‘ තේමාවෙන් පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමින් කීවේය.

ශ්‍රී ලංකාවේ ඕනෑම කඩයකින් මිලට ගත හැකි මේ රසකාරකය මොනෝ සෝඩියම් ග්ලුටොමේට් හෙවත් එම්එස්ජී යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. ආහාර රස ගැන්වීම සඳහා ලොව පුරා පාවිච්චි කරන මේ රසකාරකය නිහඬ මාරයකු බව විද්‍යාඥයෝ කියති. කාලයක් තිස්සේ මේ රසකාරකය මිනිස් සිරුරට ඇතුළු වීමෙන් ස්ථුලභාවය, ඇස්වලට හානි, ආතතිය, මහන්සිය, ආමාශගත රෝග, හිරිවැටීම, දැවිල්ල, මුහුණේ පේශීන් තදවීම, පපුවේ අමාරුව, හිසරදය, වමනය, ඔක්කාරය, හදවතේ ගැස්ම වැඩිවීම, නිදිමත ගතිය වැඩිවීම, ඇඟපත පණ නැති වීම, ඇඟ පුපුරු ගැසීම ආදී රෝග ඇතිවිය හැකිය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මේ රසකාරකය වෙළඳපොළින් ඉවත් කළ යුතු බවට පසුගියදා සෞඛ්‍ය බලධාරීන් හා පැවැති සමාලෝචන රැස්වීමකදී පැවසීය.

අවන්හල්වලින් කෑම ගන්නා අය මෙම රසකාරකයේ අහිතකර බලපෑම් වලට ලක්වෙතියි වෛද්‍යවරු කියති. මෑතක සිට මෙම රසකාරකය වල් නාශකයක් ලෙස භාවිතයට ගන්නා බවටද තොරතුරු වාර්තාවේ.

වකුගඩු බද්ධ කිරීමේ නව ප්‍රතිපත්ති හඳුන්වා දීම වෙනුවෙන් සම්මන්ත්‍රණය පැවැති අතර පළමු වරට වකුගඩු බද්ධ කිරීමේ අරමුණ ප්‍රකාශ කිරීමේ ආකෘති පත්‍රයක් සහ කාඩ් පතක් හඳුන්වාදීමද අද සිදු කැරිණි.

බෝ නොවන රෝග අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවත් සීනි පරිභෝජනය අවම කිරීමට ඉදිරි දෙසතිය තුළ රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කීය.

 

 



අදහස් (0)

මාරක රසකාරකයට වැට

සාලිය Tuesday, 08 March 2016 01:35 PM

මෙය බොහොම හොඳ තීරණයක්. (හේ)

:       0       0

ගිහාන් Wednesday, 09 March 2016 11:37 AM

එෆ්ඩීඒ, එක්සත් ජාතීන් අනුමත කරපු එම්එස්ජී ලංකාවේ තහනම්. අපේ ඇවුන්ට දේශපාලකයො මොකක් කිව්වත් ඔලුව උඩින් නේ පිලිගන්නේ. වෙන රටවල් වල තහනම් කරන්නේ ඒක ගැන පරීක්ෂණ කරල එ්වයෙ නිර්දේශ උඩ.අපේ ජනාධිපතිට හිතුනාම. මේක එක පාරටම තහනම් කරන්න හේතුව වල් නාශක වෙලඳ පොළ අඩුවෙන නිසාද කියන එක ගැනත් සැකයක් තියෙනවා මටනම්. (බ)

:       0       0

ධම්මි Tuesday, 08 March 2016 01:54 PM

මේක ඉවත් කරන්නෙ වෙන කිසිවක් නිසා නොවෙයි වල් නාශකයක් විදියට ගොවීන් පාවිච්චි කරන නිසා වල් නාශක අලෙවිය අඩුවන නිසා මිසක අපිට ආදරේට නොවෙයි (හේ)

:       0       0

මහේෂ් Tuesday, 08 March 2016 02:38 PM

කවුද මේ දම්මි (බ)

:       0       0

නිමල් Tuesday, 08 March 2016 02:47 PM

සමාජ ජාල වෙබ් අඩවි මේගැන පුළුල් ප්‍රචාරයක් ගෙන ගියා ඒ හින්ද තමයි කාගේත් ඇස් ඇරුනේ කෙසේ නමුත් ජනතාව ලද ජයක් සැමට ස්තුතියි ! (බ)

:       0       0

සමන්ති Tuesday, 08 March 2016 02:50 PM

කොත්තු රොටියට වැලේ වැල් නැතිවෙයිද ? (බ)

:       0       0

ධර්මසේන Tuesday, 08 March 2016 09:43 AM

කරනවානම් ඉතාම හොඳ වැඩක් ජනපතිතුමාට වගේම අනෙකුත් නිලදාරින්ට ඉතාම පින් අයිතිවන වැඩක් .හැබැයි ඒ වගේම මේවා තොග වශයෙන් තබාගෙන කෑම වලට දමන්න ඉඩ තිබෙනවා එනිසා මේවා දැමු ආහාර විකිනිමත් තහනම් කරන්න (කෞ)

:       0       0

හේමන්ත Tuesday, 08 March 2016 09:48 AM

මට හරිම සතුටුයි. මිනිස්සු දැන දැන වහ කනවා. වස විස නැති ආහාර පුරුදු කරමු. (කෞ)

:       0       0

පුෂ්පා Tuesday, 08 March 2016 10:17 AM

මහත්වරුනි, ඇස්බැස්ටෝස් ගැන ද කියවා බලන්න. එහි ඇති සියුම් කෙඳි අපගේ ස්වසන පද්ධතියට ඉවත් කල නොහැක. දියුණු රටවල ඇස්බැස්ටෝස් ඇල්ලීම පවා කල නොහැක. අවාසනාවට ඇස්බැස්ටෝස් යනු අතිවිශිෂ්ට ඉදිකිරීම් සහ තාප ගුණාංගයන්ගෙන් යුත් ආදේශකයක් සොයා ගැනීමට අමාරු ද්‍රව්‍යක්. නමුත් එය පිළිකා කාරක නම් එවැනි දෑ භාවිතයෙන් ඉවත් කල යුතුයි. (ර)

:       0       0

ඉමේෂ් Tuesday, 08 March 2016 10:23 AM

ජනවාරි 8 ලබාගත්තු තවත් එක ජයග්‍රහණයක්. (ර)

:       0       0

දුමින්ද Tuesday, 08 March 2016 10:59 AM

රස තණ්හාවේ ආදීනව (කෞ)

:       0       0

සේනා Wednesday, 09 March 2016 03:32 PM

හොඳ තීරණයකි . (කෞ)

:       0       0

සංජීව Tuesday, 08 March 2016 11:27 AM

මටත් හරිම සතුටු හිතුන දෙයක්.අනිවාර්යෙන්ම මේවා හොදම වැඩ (බ)

:       0       0

ඉෂාඩ් Tuesday, 08 March 2016 12:25 PM

මෙය හොඳ තීරණයකි මම මෙය 1919 ජනාධිපතිට අමතන්නට මෙයට සති දෙකකකට පෙර යොමු කලෙමි මම යෝජනකලේ එම් එස් ජී තහනම් කිරීම හෝ කිලෝ එකක් සඳහා රුපියල් 20,000 ක පමණ බද්දක් පැනවීමි. මන්ද දෙනට වෙලදපොලේ එම් එස් ජී කිලෝ එකක් රුපියල් 150 ක් පමණි.එමනිසා කොත්තු , රයිස් යනාදියට අල්ල පුරවා එස් එස් ජී දමා. තවද වල්නාසකයක් ලෙස ග්ලෛපොසටේ තහනම් කලපසු ගොවීන් බාවිතා කරි. මෙය ඉතා අනතුරුදායකය.ජනවාරි 08 නිහඬ අවිහන්සවාදී ජයග්‍රහණයේ ජනතා ජයග්‍රහණයකි.(හේ)

:       0       0

කමල් Tuesday, 08 March 2016 12:33 PM

හොඳ තිරණයක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 93 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1937 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2254 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2947 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site