IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මොරගහකන්ද වැව පිරවීම 11 ඇරඹෙයි

අමෙරිකා ඩොලර් මිලියන 1200 ක වියදමින් ඉදිකෙරෙන මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ජලය පිරවීමේ කටයුතු 11 වැනි දා පස්වරු 2.00 ට  ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බව මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේය.

‘‘පාරක‍්‍රම සමුද්‍රය වගේ පස් ගුණයක් විශාල භූමී ප‍්‍රමාණයක ජලයෙන් පිරිච්ච විශාල තටාකයක් බවට මේ භුමිය පත්වෙනවා. නව සංවර්ධනයේ අළුත් ආරම්භයක් බවට මේ මොරගහකන්ද ව්‍යාපෘතිය පත් වෙනවා‘‘ යයි නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මේ ව්‍යාපෘතියේ ජලය කිලෝමීටර් 102 ක දුරක් දක්වා හුරුළු වැවටත්, හුරුළු වැව සිට මහ කනදරාව වැවටත් එම ජල මාර්ගය වැටී තියෙනවා. වයඹ ඇල පද්ධතියේ ඉදිකිරීම් කටයුතුත් පෙබරවාරි මාසයේ ආරම්භ කරනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ රජරට සහ වයඹ පළාත් වල කුඩා වැව් 1500 කට එහා ගිය වැව් පද්ධතියකට ජලය ලැබෙනවා. මේ සමඟ මෙගාවොට් 25 ක විදුලි ප‍්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එකතු වෙනවා. මේ වෙනකොට පවුල් 3600 ට වැඩි ප‍්‍රමාණයක් නැවත පදිංචිකිරීම් කරලා තියෙනවා යැයි ඇමැති කීවේය.

 

SAM_3810 SAM_3822 SAM_3758 SAM_3790 SAM_3806



අදහස් (0)

මොරගහකන්ද වැව පිරවීම 11 ඇරඹෙයි

රේණුක Thursday, 05 January 2017 08:47 PM

මහේෂ්, සජිනි, බොහොම ස්තුතියි. මම ශ්‍රී ලාංකිකයෙක් විදියට මේ රටේ දුක් විඳින අහිංසක අසරණ ජනතාවට යහපතක් වෙනවා අසන දකිනකොට මට නම් උතුර උතුරා වාන් දමන සතුටක් දැනෙනවා. ඒ නිසයි මගේ අදහස ප්‍රකාශ කළේ. එතැනදී මේක කළේ කවුද යන්න මට අදාළ නොවේ. හොඳ වැඩක් කළාම කුහක සිතුවිලි වලින් මිදිලා පහන් සිතින් එය අගය කිරීමට අපි නම්‍යශීලී විය යුතුය. (නි)

:       0       0

ජයන්ත Friday, 06 January 2017 12:40 PM

මහවැලි ව්‍යාපෘතිය ඩඩ්ලි සේනානායක පාලන සමයේ සැළසුම්ක් අර, සිරිමාවෝ බණ්ඩාරනායක පාලන සමයේ ආරම්භ කර, ජේ ආර් ජයවර්ධන පාලන සමයේ කඩිනම් ව්‍යාපෘතියක් කර අවසන කරන ලදී. ඒ වගේ අදහස දුන්නේ කවුද, මුල්ගල තිබ්බේ කවුද, කලේ කවුද, අවසන් කලේ කවුද යන්න එතරම් වැදගත් නොවේ. වැදගත් වන්නේ ඉන් රටට සේවයක් වෙනවාද යන්නයි. මොරගහකන්ද ව්‍යාපෘතිය සැළසුම් කලේ චන්ද්‍රිකා බණඩාරනායක සමයේ. ආරම්භ කර 60% - 70%ක් පමණ වැඩ අවසන් කලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. සම්පූරණ කලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිතුමා. මේ හැමට රටේ ජනතාවගේ ගෞරවය හිමි විය යුතුයි. (ර)

:       0       0

ෂෙහාන් Thursday, 05 January 2017 07:45 AM

සිරාගේ තවත් සිරා වැඩක් (ම)

:       0       0

ඉන්දික Thursday, 05 January 2017 10:30 AM

මොරගහකන්දට පියවරු දෙදෙනෙක් සිටියද උමා ඔය අදටත් අවජාතකය.....(බ)

:       0       0

රේණුක Wednesday, 04 January 2017 06:14 PM

දස දහසක් දුක්ඛ දෝමනස්සයන් කර දරාගෙන, රටට බත සරිකරන අහිංසක, අසරණ, දුප්පත් ගොවි මහතුන්ගේ මනදොල ඉෂ්ට සිද්ධවන මොරගහකන්ද ව්‍යාපෘතිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! මගේ පරම පරම පැතුම එයයි. අතිවිශිෂ්ටයි ගරු ජනපතිතුමණි, ඔබතුමාට චිර ජීවනය සාක්ෂාත් වේවා! (නි)

:       0       0

අමිත් Thursday, 05 January 2017 01:44 AM

මහින්ද පටන්ගත් ලොකු වැඩක්! (නි)

:       0       0

මහේෂ් Thursday, 05 January 2017 02:02 AM

රේණුක අද ඊයේ ඉපදුනා වගේනේ කතාකරන්නේ (නි)

:       0       0

දේවක Thursday, 05 January 2017 02:52 AM

හරි සතුටුයි, ස්තුති ජනාධිපතිතුමනි. (අ)

:       0       0

පසිදු Thursday, 05 January 2017 01:11 PM

කොමිස්, කොමිස්, හොරකම්, බොරු නැත්ද ? (හේ)

:       0       0

ජයන්ත Thursday, 05 January 2017 02:56 AM

‍මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආරම්භ කරපු වැඩක්. ගොඩක් සතුටුයි. (අ)

:       0       0

ආසිරි Thursday, 05 January 2017 03:14 AM

එක එක දේශපාලකයන්ට කඩේ යන්නෙ නැතිව මේ ව්‍යාපෘතියට සල්ලි යොදවන්න බදු ගෙවන අහිංසක ජනතාව මතක් කරන්න. (අ).

:       0       0

සජිනි Thursday, 05 January 2017 03:12 AM

රේණුක, මේ ප්‍රොජෙක්ට් එක අරඹන්න මුලික කටයුතු කෙරුනේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ. නමුත් චන්ද්‍රික ආණ්ඩුව කාලේ මේකේ මුලික වැඩකොටසත් නවතා දැමුවා. ප්‍රොජෙක්ට් එක ආරම්භ කලේ 25 ජනවාරි 2007, එකේ සීයට70 ක් වගේ අවසන් කළේ මහින්ද ආණ්ඩුව කාලේ. මහින්ද රාජපක්ෂට බැන බැන හරි කියන්න තියෙන්නේ මහින්ද යුගයේ ආරම්භ කල දේවල් හා කළ කි දෑ දේවල් විතරයි. (අ)

:       0       0

නවෝදා Thursday, 05 January 2017 03:32 AM

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආරම්භ කරපු වැඩක්. මහින්ද මෙම ව්‍යාපෘතියට අකුල් හෙළුවේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා කාලයේ.(අ)

:       0       0

කාරියවසම් Thursday, 05 January 2017 03:35 AM

අමිත් ඔයාට වැරදිලා. මහින්ද මුල ඉදලම මේ වැඩේට කකුලෙන් ඇද්දා. (අ)

:       0       0

පාලිත Thursday, 05 January 2017 03:39 AM

බොහොම ආඩම්බරයි. අපේ සුබ පැතුම්. අපේ රට හදන අයට අපි මේ විදියට හරි සහයෝගය දෙන්න ඕන. (අ)

:       0       0

ඉෂාර්ඩ් Thursday, 05 January 2017 03:55 AM

මෙම ව්‍යාපෘතිය මහින්ද ජනාධිපති කාලේ , මෛත්‍රී මහවැලි ඇමති කාලේ පටන්ගත්තේ නමුත් මහින්ද මෙය ඉවරකරන්න මෛත්‍රීට මුදල් දුන්නේ නැහැ . මහින්ද කරේ නැව් එන්නැති වරායවල් ,උත්සවනැති සම්මන්ත්‍රණ ශාලා ,ක්‍රිකට් නැති ක්‍රීඩා පිටි තමන්ගේ ගමේ හදපු එකයි. රටක් හැටියට හිතුවේ නැහැ.මෛති ජනපති වුනාට පස්සේ මුදල් වෙන්කරලා ප්‍රමුක වැඩක් ලෙස ඉටුකළා. මෙයින් මෛත්‍රීගේ ගමට නෙමෙෙයි ජලය දෙන්නේ.මහාවැලිය නැත්නම් අද පවතින නියගයට ලංකාවේ වී නිෂ්පාදනයක් නැහැ,මේවා මින්නිස්සුන්ට කුහක නැතිව බලන්න බැරිකම තමා ලංකාවේ අභ්‍යාග්‍යයක්. . රටක් දියුණුවෙන්න රටක් ලෙස බලන්න ඕනේ.(අ)

:       0       0

චින්තක Thursday, 05 January 2017 04:08 AM

අරයගෙ ආණ්ඩුව කළේ මෙයාගේ ආණ්ඩුව කළේ කියන එක ලංකාව ඉදිරියට යන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුවක්. කවුරු කළත් අරය කළා මෙයා කළා කියල කියන්නේ නැතුව ප්‍රොජෙක්ට් එකක් ඉවර කලා කියල කිව්වනම් ගොඩක් ප්‍රශ්න අද රටේ නැහැ. (අ)

:       0       0

සරත් Thursday, 05 January 2017 04:10 AM

ජනාධිපති හා අගමැතිතුමනි ඔබට දිගාසිරි පතනවා.(අ)

:       0       0

නිශාද් Thursday, 05 January 2017 04:16 AM

රටක සංවර්ධනය සඳහා නොයෙක් විදියේ ව්‍යපෘති ආරම්භ කර ඒවා ක්‍රියාත්මක කිරීම පත්වන සෑම රජයක වගකීමයි. ඒවාට වියදම් වෙන මුදල් කැපෙන්නේ අපෙන්, ඒ කියන්නේ පොදු ජනතාවගෙන්. ඒක නිසා මම කියන්නේ \" රටට වැඩදායක යම් දෙයක් සිදුවෙනවානම් එය හොඳය කියයි (ම)

:       0       0

මංජුල Thursday, 05 January 2017 04:24 AM

කව්රු කලත් දැන් මේක අපේ රටේ ..අපිටත් මතු පරම්පරාවටත් උරුම දෙයක්..මිනිස්සුන්ගේ බදු මුදලින් හැදුන දෙයක්..(ම)

:       0       0

ටෙරන්ස් Thursday, 05 January 2017 04:50 PM

හොඳ වැඩක්. ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 343 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 762 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 123 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 585 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6712 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2193 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site