IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


මෙරට නිපදවූ බසයක් වෙළෙඳ පොළට

( තිලකරත්න දිසානායක)

ගම්පහ, කළගෙඩිහේන " සනිරෝ" ආයතනය, මෙරට තුළ නව පිටුවක් පෙරළමින්  සැහැල්ලු බස් රථයක් නිෂ්පාදනය කළේය. 

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නව නිපැයුම් අංශයෙහි කටයුතු කළ ආදි සිසුවකු වන කණිෂ්ක මාධව මහතාගේ නිර්මාණශීලිත්වය මගින් මෙම බස් රථය නිපදවූ බව සනිරෝ ආයතනයේ අධිපති නිලන්ත දිල්රුක් මහතා බස් රථය එළි දක්වමින් සදහන් කළේය. 

මෙම බස්රථය අඩි 22 ක දිගින් සහ අඩි 5 අගල් 6 ක පළලකින් යුක්ත වන අතර ඇන්ජින් ධාරිතාවය 660 කි. 

රජයේ සහාය ලබා දීම සිදු කරන්නේ නම්  ඉදිරියේදී බස් ඇන්ජිම පවා මෙරටදී සකස් කරමින් උසස් මට්ටමේ බස් රථයක් නිෂ්පාදනය කිරීමට හැකිව ඇතැයි ද නිලන්ත දිල්රුක් මහතා කීය.



අදහස් (19)

මෙරට නිපදවූ බසයක් වෙළෙඳ පොළට

Ratawasiyek Thursday, 01 December 2022 01:10 PM

ඕවා නෙමෙයි දැන් රටට අවශ්‍ය. විදුලියෙන් දුවන ඒවා.

:       28       26

SanthuThursday, 01 December 2022 05:35 PM

හොඳක් පේන්නෙම නෑ දකින්නෙම නෑ කියන්නෙම නෑ මහ පුදුම ලෙඩක්නෙ මේක

:       1       8

සකල ගුරු Thursday, 01 December 2022 01:12 PM

රජයේ අනුග්‍රහය නොවෙයි ලියාපදිංචි කරන්න ඉඩක් දෙයිද බලන්න එහෙම නොවුනොත් මහන්සිය අපතේ යනවා

:       3       35

කිරිපුතා Thursday, 01 December 2022 01:25 PM

ඇමතිට කොමිෂන් එකක් දෙනව නම් රජයේ සහාය ලැබෙයි. නැත්නම් වට කරලා ගහලා ඔය නිර්මාණය ඔතනම යට කරලා දානවා. එකෙකුට ස්වාධීනව හිස ඔසවන්න දෙන්නෙ නෑ. රටක් හැටියට ස්වාධීන වෙන්න අරමුණක් නෑ. ණයට කකා කොම්ස් ගහගන්න එක් තමයි කරන්නෙ . කාට කියන්නද මේ අවනඩුව.

:       4       45

arschfikaaThursday, 01 December 2022 10:42 PM

කිරි පුතා උඹ අන්තවාදී බයියෙක් වුණත් ඇත්ත කියලා තියනවා. බයියන් හදපු බයියන්ගේ ස්කොට ගිය බයියන්ගේ ටෙක්නික්වලින් හදපු බයි බසයක් .

:       2       4

C.K.Lankaputhra Thursday, 01 December 2022 01:43 PM

සහාය හම්බ වෙයි කියල ඇස් ඇරගෙන බලන් ඉන්න පුතේ. එව්වා මේ සිරි ලංකාවෙ නෙවෙයි. අපේ දේශපාලන හොටු පෙන්දො ඇස් ඇරගෙන බලන්නෙ මේකෙන් මාටියා පාරක් ගහන්න පුලුවන්ද කියල පමනයි. එහෙම නැතිනං ඉතින් පුතාට දෙයියන්නෙම පිහිට විතරයි.

:       4       33

උපාලි Thursday, 01 December 2022 02:30 PM

බබ ඝැමට ජය. දේශපාලකයනි, කොමිඝ් නොඉල්ලා මේවා දියුනුවට වැඩ ඝලඝන්න.

:       1       26

pakeer Thursday, 01 December 2022 03:00 PM

කරුණාකරල මේ ගැන සොයා බලල, අදාල බලදාරීන් අත හිත දේවියි ප්‍රාර්ථනා කරමි.

:       1       24

vernon Thursday, 01 December 2022 03:56 PM

මේක බස් රථයක ආකෘතියකටයි සමාන වෙන්නේ. මොකද මේ තිබෙන තත්ත්වයෙන් මේක පාරේ ධාවනය කරන්න බෑනේ. ඉතින් අමුතුවෙන් රජයේ සහයක් අවශ්‍ය වෙන්නේ නෑ අවශ්‍ය තාක්ෂණික කරුණු සම්පූර් ණ කරලා තියෙනවා නම් ආරක්ෂාව ගැන තහවුරු කරන්න පුළුවන් නම් දැරිය හැකි මිලකට දුන්නොත් ලංකාවේ බස් හිමියන් මේක මිලට ගනී.

:       2       41

Kumara Thursday, 01 December 2022 04:20 PM

මේක බස් එකක් ද? මෝටර් වාහන පනත අනුව මේක කොහොමද බස් එකක් කියලා කියන්නේ? අවම මගී ආරක්ෂාව වත් නැති මේකෙ ගිහින් අනතුරක් වුනොත් වෙන දේ ගැන හිතන්න. දේශීය නිෂ්පාදන කියලා මේ වගේ එකක යන්න කැමති අය කවුද?

:       4       4

Hafeel Thursday, 01 December 2022 04:27 PM

මෙම ව්‍යාපාරය කිසිම බාධාවකින් තොරව සාර්ථක වේවා කියමින් සුභපතනවා. මේ රටේ දේශපාලුවන්ගෙන් පමණක් නොවේ, ඉන්දියානු රජයෙනුත් අපි පරිස්සම් වෙන්න ඕනේ. මෙතකදී මේ රටේ දුම්රිය මැදිරි අඩු වියදමට අළුත් වැඩියා කරලා සහ නිෂ්පාදනය කරනවිට ඉන්දියානු රජයෙන් අපිට බාදා එල්ල වුනා. ඔවුන් බලහත්කාරයෙන් ඔවුන්ගේ දුම්රිය මැදිරි 180 ආනයන කරන්නයි කියමින් අපිට බල කළා. දැනටමත එම ආනයන කල දුම්රිය මැදිරි ගණනාවක් සහ දුම්රිය එන්ජිම ගණනාවක් භාවිතයෙන් තොරව අයින් කරලා තියන්නේ. මේවා කෝප් කමිටුව හෙලි වුනා. ටේ ජනතාව පත් කරන දුර්වල පාලකයෝ නිසා තමයි මෙහම වෙන්නේ.

:       0       4

පිටිගල මිලානෝ Thursday, 01 December 2022 04:51 PM

ඔක්කොටෝම ඉස්සෙල්ලා ප්‍රමිති සහතිකයක් ගන්න අවශ්‍යයි. කරත්ත, පුවක් කොල පාරැ පදිනවා වාගේ වාහන පැදිය නොහැකියි. එය බොහෝ අන්තරාදායකයි. අපි තවමත් කෝච්චියට වාහන හැප්පෙන රටක ඉන්නේ.

:       0       8

Bamunuaracchi Thursday, 01 December 2022 05:15 PM

ජාතික ජන බලවේගය බලයට පත්වූ දවසක මේ වගේ අයට සහායක් ලැබේවි.

:       4       6

sharm warn Thursday, 01 December 2022 05:15 PM

මේවා නම් මොනවද .අර එක පාසල් සිසුවෙක් හෙලිකොප්ටරයක් පවා හැදුවා .ඒවාට නඩු දාන්න තමයි අදාළ ආයතන වැඩ කලේ.තව දරුවෙක්ට ටර්පන් ට් වලින් පෙට්‍රල් හැදුවා.අවසර ගන්න යනකොට ඒ දරුවාටත් නීතියෙන් දඬුවම් දෙන්න හැදුවා.මේවා ආරක්‍ෂිත තත්වයේ වාහන නෙවෙයි.මේවා වැඩි දියුණු කරනවා තියා අර මයික්‍රෝ සමාගමෙන් හදපු වාහනත් නවත්තපු රනිල් තමයි දැන් පිනට මහ පුටුවේ එල්ලීගෙන හිට්ලර් වෙන්න හදන්නේ කියලා මතක තියාගන්න

:       2       6

බද්රානි Thursday, 01 December 2022 10:17 PM

ලෝකයේ වෙනත් රටවල මේ වගේ ඩක්කු හැදුවේ මීට වසර දෙසීයකටත් කලින්. මීට වසර කිහිපයකට කලින් ඉතා විශිෂ්ඨ ලෙස වාහන නිෂ්පාදනය කල, "මයික්‍රෝ කර්මාන්තය" ලංකාවේ තවමත් තියනවද??

:       3       11

මගියෙක් Thursday, 01 December 2022 10:49 PM

රියදුරෝ දෙන්නෙක් මොකටද. දෙපැත්තටම යන්න පුලුවන්ද. මේකේ වැහි කාලෙට ගියොත් අනාතයි. මීට‍ වැඩිය පිරිසක් මේකේ ගෙනියන්න පුළුවන් විදියට හැදුවනම් හරි. කෙසේ වෙතත් ගමන් ගාස්තු අඩුවෙනවනම් මිනිස්සු කොහොම හරි ඔකේ යයි... ඔබලාට ජය... තෙරුවන්සරණයි..

:       1       6

Ruwan Thursday, 01 December 2022 11:19 PM

නිලන්ත දිල්රුක් ගැන දන්නෝ දනිති..

:       2       0

Perera Thursday, 01 December 2022 11:43 PM

engine, gear box, differential, rim, ලංකාවේ නිෂ්පාදනලය කරපු ඒවද?

:       1       2

Jayalath Friday, 02 December 2022 04:10 AM

සුබ පැතුම්.! ඔබ සියලු දෙනාටම.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්
2025 පෙබරවාරි මස 08 772 1

එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග


පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්
2025 පෙබරවාරි මස 08 1082 3

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්


’බිම්ස්ටෙක්’ මහලේකම් අගමැති හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 08 367 0

’බිම්ස්ටෙක්’ සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාල


ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 08 436 0

පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තු


පොලිස් ලොක්කෝ 6කට ස්ථාන මාරු
2025 පෙබරවාරි මස 08 1434 1

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


ලී කොටන් දෙකකට යටවී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 1214 0

ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 39 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 841 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site