IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘මෙරට යාන්ත්‍රණ එපා : ජාත්‍යන්තර යාන්ත්‍රණ හොඳයි‘

ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් පමණක් නොව අනෙක් සෑම කටයුත්තක් සම්බන්ධයෙන්ම පරීක්ෂණ පැවැත්වීමේ දී  මෙරට සිදුවන කවර අන්දමක හෝ යාන්ත්‍රණයකට දෙමළ ජාතික සන්ධානය අකැමති බවත්, සලකා බැලීමක් හෝ කරන්නේ ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුතු යාන්ත්‍රණයක් ඇත්නම් පමණක් බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් පැවසීය.

මෑතදී රටවල් හයක තානාපතිවරුන් හා යුරෝපා සංගමයේ නියෝජිතයයින් අවස්ථා කීපයක්ම වරින්වර පැමිණ සාකච්ඡා කළේ කවර කරුණුදැයි යාපනයේ මාධ්‍යවේදීන් මහ ඇමැතිගෙන් ඇසීය.

තමන් එසේ පැවසුවේ දැනට රටේ පවතින වාතාවරණය අනුව අධිකරණය සම්බන්ධයෙන් පමණක් නොව සෑම තැනකම සාධාරණය ඉටු නොවන වටපිටාවක් ගොඩනැගී අති අයුරු දක්නට ලැබීම නිසා යැයි ඔහු  කියා සිටියේය.

පක්ෂයක් වශයෙන් දෙමළ ජාතික සන්ධානය  රජයෙන් ඉල්ලා සිටි කිසිම ඉල්ලීමක් හෝ මෙතෙක් ඉටුවී නොමැති බව පවසන ඔහු දකුණේ ඊනියා ජාතිවාදී පක්ෂවල අදහස් හා විරෝධතා මත යැපෙමින් රටේ දෙමළ වැසියන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ගේ ප්‍රශ්නයට   එකම විසඳුම උතුරු නැගෙනහිර පළාත් එකට එකතු කොට පෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීම පමණක් යැයි තමන් උතුරට පැමිණි සියලුම විදේශීය නියෝජිතයින්ට පැවසූ බව කී මහ ඇමැතිවරයා මෙම අදහසෙන් ඉවත් වීමට දෙමළ ජාතික සන්ධානයට මෙන්ම දෙමළ ජනයාටද අවශ්‍යතාවයක් නැතැයිද කීවේය.



අදහස් (0)

‘මෙරට යාන්ත්‍රණ එපා : ජාත්‍යන්තර යාන්ත්‍රණ හොඳයි‘

දේවි Wednesday, 22 June 2016 09:30 AM

මෙයා කියන දේ අහන මිනිස්සු දැන් යාපනෙත් නැහැ (බ)

:       0       0

තිලක් - නුවර Thursday, 23 June 2016 05:17 AM

කිසිදා මව්බිමට ද්‍රෝහී වෙන්න එපා.

:       0       0

ශ්‍රීලාල් Wednesday, 22 June 2016 12:04 PM

අමාරුවෙන්, අප්ප්රියාවෙන් මේ රටේ ඉන්නවට වැඩිය ඔය කොහේ හරි රටකට යන්නකෝ. ඉන්දියාවෙනම් ලොකු තනතුරකුත් ලැබේවි. (බ)

:       0       0

ජි නන්දන Wednesday, 22 June 2016 12:33 PM

දෙක එකට එකතු පෙඩරල් පාලන ක්‍රමයක් ඉල්ලන තමුන්නාන්සෙලා උතුරේ ඊනියා ජාතිවාදීන් නෙමෙයිද (බ)

:       0       0

හර්ෂ ගමගේ Wednesday, 22 June 2016 12:34 PM

උඹලට මෙහෙ යාන්ත්‍රණය හරි නැත්නම් වෙන රටකට පලයන්, මේක අපේ සිංහල රට මේකේ වැඩ කෙරෙන්න ඕන ලංකාවේ මිනිස්සුන්ට ඕනි විදියට. නැතුව උඹලට ඕන විදියට නෙවේ අන්න එක දැනගනින් (බ)

:       0       0

උපාලි Wednesday, 22 June 2016 01:47 PM

හර්ෂ මචෝ, උඹේ කතාව හරි (බ)

:       0       0

අයිරා Wednesday, 22 June 2016 02:24 PM

හර්ෂ ඔබතුමා හරියටම හරි අපේ රටේ ඉන්න බැරිනම් යන්න පුළුවන් රටකට පලයල්ලා. දකුණේ ඊනියා ජාතිවාදී පක්ෂ නෙවෙයි උතුරේ ඊනියා ජාතිවාදීයො ට්ක කිව්වොත් තමයි හරි .මුන් කතාකරන්නේ දකුණු පලා‍තේ එක දෙමළ මනුෂ්‍යයෙක් නෑ වගෙයි (බ)

:       0       0

ඉසුරන්දි Saturday, 25 June 2016 05:02 AM

මමත් එදාපටන් මේ මනුස්සයා කියන දේවල් වලට විරුද්දයි. අපේ රටේ කොච්චර වැරදි තිබ්බත් ඒවා අපේ රට තුල විසදගන්නවා මිස වෙන රටක සහය පැතීම අපේ රටට කරන ද්‍රෝහී වැඩක්. ඒ වගේම ඒ පුද්ගලයත් රටට ද්‍රෝහියෙක් ලෙසටයි මමනම් දකින්නේ. (ර)

:       0       0

ටෙෂාන් Wednesday, 22 June 2016 07:36 PM

කොන්ද පණ ඇතුව මොවුන්ට මුහුණදෙන්න. එච්චරයි අපි බලාපොරොත්තු වෙන්නේ (නි)

:       0       0

ආනන්ද Wednesday, 22 June 2016 11:56 PM

රටක් කන්නේ නායකයින් කියාගන්නා උන්මත්තකයින්. විග්නේශ්වරන්ද එවැන්නෙක් ලෙසයි අපි දකින්නේ. (නි)

:       0       0

ජයම්පති Wednesday, 22 June 2016 08:53 AM

ඉල්ලීමක් දිනාගන්න කලින් පවතින රජය සමග සහයෝගයෙන් කටයුතු කරන්න ඕන. හැම දේම වර්ජනය කර කර ඉන්නේ නැතුව.(ම)

:       0       0

නිර්මල Wednesday, 22 June 2016 09:24 AM

ඔන්න මම හැමදාම උදේට කිලෝමීටරයක් පයින් ඇවිත් දෙකක් ත්‍රීවීල් එකේ යනවා. මේක බලන් ඉඳපු ත්‍රීවීල් කාරයෙක් නොදන්නා ගානට ඇවිත් මගේ හයර් එක ගන්නවා. දවසක් මේ කෙනා මම ගමන පටන් ගන්න තැනින් නොදන්නා ගානට ඇවිත් හයර් එක ගන්න බැලුව. කතාව තේරෙනවනේ. සිංහල සහ දෙමල මිනිසුන් උපායමාර්ගික ලෙස එකතුවිය යුතුය. මේ ජන වර්ග දෙකම අඩු තණ්හාව ඇති ජන වර්ගයන්ය. තරමක් පසුගාමී ජනවර්ග ලෙස හැඳින්වුවද වරදක් නැත.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 0 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 16 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 893 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1351 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2021 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 501 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site