IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මෙරට ව්‍යාපාරිකයන් ඩොලර් බිලියන 56ක් විදේශ රටවල තැම්පත් කරලා

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට ව්‍යාපාරිකයන් පසුගිය වසර 12 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 56.5 ක් විදේශිය රටවල්වල තැන්පත් කර තිබෙන බව  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතා අද (31) අධිකරණ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

එම මුදල් ඒ ව්‍යාපාරිකයන් වංචනිකව උපයන ලද මුදල් නොවන බවත් එම මුදල් රටට ගෙන ඒම සිදු නොකල නිසා ආර්ථිකය කඩා වැටුණු බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පැවසුවේය. අපේ රටේ මුදල් විදේශිය රටවල තැන්පත් කළ ව්‍යාපාරිකයන් අද වනවිට වෙනත් රටවල ව්‍යාපාර ආරම්භ කර ඇති බවත් එම මුදල් ආණ්ඩුවට අයිති මුදල් බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. 2006 වසරේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති වශයෙන් පත් කිරීමෙන් පසුව මෙම තත්වය ඇති වුණ බවත් එදා ඔහු පත් කරන අවස්ථාවේ තමන් ඊට විරුද්ධ වුණ බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පැවසුවේය. රාජ්‍ය බැංකු කටයුතු අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට එම සිද්ධිය එක කරුණක් බවට පත්වූ බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එසේම ජල ශාස්ත්‍රීය ක්‍රමයට මුහුද මැන විද්‍යාත්මකව සිතියම්ගත නොකිරීම නිසා වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ අප රටට අහිමි වී ඇති බවත් එය අද පවතින විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා රුපියල් බිලියන 65 ක් පමණ වන බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ(31) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

නාරා ආයතනයට 1981 වසරේදී මුහුද සිතියම්ගත කිරීම සඳහා බලය නාරා ආයතනය ලබා දී ඇතත් එය සිදු කිරීමට හැකියාවක් හෝ උනන්දුවක් එම ආයතනයට තිබී නැතැයි විජේදාස රාජපක්ෂ මහතා එම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.වසර 32 කාලයක් මෙම වගකීම නිවැරදිව ඉටු කිරීමට නාරා ආයතනය අපොහොසත් වී ඇතත් එය වෙනත් ආයතනයකට පැවරීමට කිසිවෙකු උනන්දුවක් වී නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.නාවික හමුදාවේ මේ පිළිබඳ විශේෂඥ දැනුම තිබෙන 37 දෙනෙකු සිටියත් ඔවුන්ගේ සේවයද ලබා ගෙන නොමැති බව අමාත්‍යවරයා පැවසුවේය.

ඒ හේතුවෙන් විදේශීය සමාගම් පැමිණ ශ්‍රී ලංකා මුහුදු කලාපය සිතියම්ගත කර විකුණා එම මුදලින් සියයට 10 ක් නාරා ආයතනය ලබා දී ඇති බවත් සමාගම් මුදල් නිවැරදිව ලබාදී ඇත්දැයි සෙවීමට ක්‍රමවේදයක්ද  නොමැති බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නේය.එසේ ලැබෙන සියයට 10 ද රජයට නොලැබෙන බවත් එය නාරා ආයතනයේ නඩත්තු කටයුතු සඳහා යෙදවෙන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් වසර 32 ක කාලයක් විදේශීය සමාගම් අපගේ මුහුදු කලාපය නිදහසේ අලෙවි කරගෙන ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

එම නිසා ජල ශාස්ත්‍රීය ක්‍රමයට මුහුද මැන විද්‍යාත්මකව සිතියම්ගත කිරීම සඳහා ආයතනයක් පිහිටුවීමේ අරමුණින් ජල ශාස්ත්‍රීය පනත පාර්ලිමේන්තුවට ගෙන ආ බවත් මේ වන විට නාරා ආයතනයෙන් පනතට දැඩි විරෝධයක් එල්ල වී තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.නව ආයතනයක් පිහිටුවීම තුළින් සිතියම් අලෙවි කිරීමෙන් ලැබෙන මුළු මුදලම රජයේ අරමුදලට ලබා ගැනීමට හැකියාව ලැබෙන බවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

ශ්‍රී ලංකා මුහුදු කලාපයට චාර්ට් 17 ක් තිබෙන බවත් ඒ සෑම චාර්ට් එකක් සඳහාම ශ්‍රී ලංකා මුහුදු කලාපයේ යාත්‍රා කරන නෞකා සිතියමක් මිලදී ගත යුතු බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.එක් සිතියමක් සඳහා පිළිගත් මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 25 ක් බවද ඔහු පැවසුවේය.

මෙතෙක් ශ්‍රී ලංකා මුහුදු කාලපය වෙනත් පාර්ශවයක් විසින් සිතියම්ගත කිරීම හේතුවෙන් මෙරට මුහුදු කලාපය ඔස්සේ යාත්‍රා කරන නෞකා වලට රක්ෂණ අධිභාරයක් ගෙවීමට සිදුව ඇති බවත් එම මුදල නෞකා රැගෙන යන භාණ්ඩ වලට එකතු වන බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.වසරකට නෞකා 35000 ක් පමණ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ යාත්‍රා කරන බවත් දිනකට නෞකා 200 - 300 ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ යාත්‍රා කරන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

ජලාශ්‍රිත මිනුම් සහ සිතියම්ගත කිරීම කලට වේලාවට සිදු නොකිරීම මෙරට වරායන් වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව අඩු වීමටද ප්‍රධාන හේතුවක් වී ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේදී පැවසුවේය. කොළඹ වරායට 2015 වසරේදී නෞකා 4197 ක් පැමිණ ඇති බවත් 2022 දී එය 3648 දක්වා අඩු වී ඇති බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.



අදහස් (11)

මෙරට ව්‍යාපාරිකයන් ඩොලර් බිලියන 56ක් විදේශ රටවල තැම්පත් කරලා

Asanga Tuesday, 31 October 2023 05:48 PM

ඔච්චරටම දන්නවා නම් ඇයි නීතිය ක්‍රියාත්මක නොකරන්නේ..? හොරු අල්ලනවා දැක්කෙම නැහැ මේ ඩ්‍රාමා එකේ...

:       0       2

Romesh Tuesday, 31 October 2023 06:05 PM

මෙය පට්ටපල් බොරු වැලක්. මෙයා වෙන ආයතනයකට බිස්නස් එක බාරදීලා තව හොඳ ගානක් කපාගන්නයි බලන්නේ. ව්‍යාපාරිකයින් තමන්ගේ මුදල් පිටරටවලට ගෙනගියේ රජයේ බදු ගෙවලා. තමන් මහන්සියෙන් උපයා බදු ගෙවා ගත් ඒ සල්ලි අයිති ඒ අයට මිසක් ලංකාවේ ආණ්ඩුවට නොවෙයි !!!

:       0       3

Nimal Tuesday, 31 October 2023 06:12 PM

ප්‍රශ්න ගොඩක් කිව්වට වැඩක් නෑ. උත්තර නැතිව... අනික අපිට නෙවෙයිනේ බලය තියෙන්නේ.. ඔබතුමාලාගේ ආණ්ඩුව නේ...!

:       0       0

Asela Tuesday, 31 October 2023 06:29 PM

එතකොට දේශපාලකයින් ගැන මොකද? ඔවුන් කොපමණ මුදලක් තැන්පත් කර තිබෙනවාද?

:       0       0

sanjaya Tuesday, 31 October 2023 06:29 PM

නාරා ආයතනය නිවැරැදියි !!!

:       0       1

Pradeep Kumara Tuesday, 31 October 2023 07:18 PM

මහත්තයෝ, ඔයාලා කට්ටිය මාරුවෙන් මාරුවට එකතුවෙලා රටට මේ කරලා තියන දේ දැකදැක මොන මෝඩ ව්‍යාපාරිකයාද මේ රටේ තව දුරටත් ආයෝජනය කරන්නේ? විදෙස් ආයෝජන ඇති, විදෙස් බැංකු ගිණුම් හිමි දේශපාලක මිත්‍රයින් ගැන කියන්න ඔබට අමතක වුණාද?

:       0       1

Lalla Tuesday, 31 October 2023 07:27 PM

නාරාහේන්පිට කියන්නේ සුපුරුදු පරිදිම හොර ගුහාවක්.. පුහුණුවට විශේෂ සැසිවලට කියලා විදේශ සංචාර යාම ඉහළ නිලවල වාර්ෂික ආදායම් මාර්ගයක්... රටට ඇති සේවයක් නෑ....!

:       0       0

Chaminda Tuesday, 31 October 2023 09:12 PM

කට ඇරෙන්නේ දැන් තමයි.

:       0       0

ඩීල්දාස රාජපක්ෂ Tuesday, 31 October 2023 10:17 PM

ඔබතුමා මේවා දැනගෙනත් ඒ සල්ලි ලංකාවට ගන්න ක්‍රමයක් සොයා බැලුවේ නැද්ද? හැමදාම ඔබතුමා තම පැවැත්මට ඩීල් දැම්මා මිසක්...!

:       0       3

Perera Wednesday, 01 November 2023 09:58 AM

ඔය දේශපාලුවන්ට හිතවත් ව්‍යපාරිකයන් වෙන්න ඔන. රටෙ විඩෙශ විනිමය පාලනයක් තිබෙද්දි කොහොමද රටින් පිටට මුදල් යවල තියෙන්නෙ දේශපාලුවන්ගෙ සහය නැත්නම්?

:       0       5

Nathalie Wednesday, 01 November 2023 10:44 AM

ව්‍යාපාරයෙකු නොවී ඔයා කී කෝටියක් රජයට වංචා කළාද කියලා හොයලා බැලුවොත් මොකද?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 167 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 67 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 356 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1752 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 245 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 3320 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39688 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25806 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 371 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1224 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 409 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site