IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මොරටු වසන්ත ඉන්ටපෝල් පොලිසියෙන් අල්ලයි

මොරටු සරසවියේ උපාධිධරයකු බව කියන මෙන්ඩිස් ලියනගේ වසන්ත නොහොත් මොරටු වසන්ත (46)  ඉන්ටපෝල් ජාත්‍යන්තර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට එවනු ලැබ සිටී.

ශ්‍රී ලංකාවේ සිටියදී හෙරොයින් මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ වලට සම්බන්ධ වී යැයි කියන ඔහු තායිලන්තය, ඉන්දියාව හා පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් මත්කුඩු එවීයැයි කියන තොරතුරු ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මොරටුව කටුබැද්දේ සුරම්‍ය පෙදෙසේ පදිංචිකරුවෙක් වන මොහු 28 හැවිරිදි තරුණියක හා විවාහ වී සිටින මොරටු වසන්ත පාතාලය සමගද සබඳකම් ඇත්තකු බව කියති.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙරට පොලිසිය මොරටු වසන්ත අත්අඩංගුවට ගැනීමට සොයද්දී 2013 වසරේ දෙසැම්බර් 6 වැනිදා ඔහු ඉන්දියාව ඔස්සේ සිංගප්පූරුව පළාගිය බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට වසර තුනක් තිස්සේම නොහැකිවූ බවද දැනගන්නට ඇත.

ඉන්දියාවේ හා පාකිස්තානයේ පාතාලය හා එක්වෙමින් ශ්‍රී ලංකාවට මත්කුඩු එවීයැයි සැකපිට ඉන්ටපෝල් පොලිසිය මොහු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කැර තිබිණි.

ඒ අනුව තායිලන්ත පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබ බැංකොක් නුවර සිට පසුගිය සෙනසුරාදා (26) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශයට බාර කැරිණි.

 



අදහස් (0)

මොරටු වසන්ත ඉන්ටපෝල් පොලිසියෙන් අල්ලයි

සිල්වා Monday, 28 March 2016 05:36 AM

උගත් කුඩු ජාවාරම් කාරයෙක් තත්වය බරපතලය (බ)

:       0       0

මොහොමඩ් Sunday, 27 March 2016 01:54 PM

කවුද දැන් කුඞු ඒජන්තවරු? අපිද? (බ)

:       0       0

නිමේධා Monday, 28 March 2016 07:33 AM

දැන් මේවට අදාල ලොක්කෝ කෝ. එයාල ඔහේ නිදහසේ ඉන්නවා. (ර)

:       0       0

සාලිය කුමාර Monday, 28 March 2016 12:47 AM

අන්න ලංකාවේ දේශපාලකයෝ පොරකාවී මොහු වෙනුවෙන් පෙනී සිටින්න මේ උපාධිධරය තනියෙන් මේ වැඩ කරන්නේ නැතුව ඇති (බ)

:       0       0

අනුර Monday, 28 March 2016 03:07 AM

අධ්‍යාපනය තුළින් දියුණු සමාජයක් හැදිය හැකිය යන මගේ මතය ඉවත් කර ගන්නවා සරසවිය ඉදිරිපස ඇති සමාජ රටාව සිසුන් නොමගට යොමු වෙනවා ගංජා මිටි එකල සුලබ වුනා අපේ සාක්කු වල දමාගෙන දේශන වලට ගියා 1978 1979 කාලේ (බ)

:       0       0

සේන Monday, 28 March 2016 05:03 AM

මොරටුවෙන් එලියට එන්නේ ඉන්ජිනේරුවොයි ගෘහ නිර්මාණ ශිල්පියෝයි විතරයිනේ, ඉතින් එහෙම සුදුසුකම් තියෙන කෙනෙක් මෙහෙම වැඩකට යොමු වුනා කියන්නේ සාමාන්‍ය මිනිස්සු ගැන මොන කතාද? (බ)

:       0       0

ෆාරා Sunday, 27 March 2016 01:06 PM

අයියෝ කුඩු තියෙන්නේ මිනුවන්ගොඩනේ. රෑට අපේ ගෙවල් කඩනවා දල්ට කුඩු උරනවා. පොලිසිය කියනවා අහිංසක කුඩුකාරයෝ කියලා. (බ)

:       0       0

ප්‍රදීප් Sunday, 27 March 2016 01:17 PM

මොරටුව සරසවියටත් ,නිදහස් අධ්‍යාපනයටත් අවමානයක්. රටට කුඩු විකුණා සැපවත් ජිවිතයක් ගෙවන්නට ඇති කරගත් ආකල්පයම කොතරම් දුෂ්ටද? මෙවැනි මිනිහෙක් රටට කළ විනාශය, නුගත් රස්තියාදුකාරයෙක් කුඩු විකුණා කරන විනාශයට වඩා බරපතලයි. (බ)

:       0       0

ලාල් Sunday, 27 March 2016 01:44 PM

ජත්‍යන්තරයෙත් නම තියපු මේ කුඞු උපාධිධාරයට පළමු නඞුවාරයේදීම ඇප ලබාදිය යුතුයැයි මා යෝජනාකරමි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 18 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 57 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 95 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 207 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 161 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 464 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site