මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය මගින් සතර වැනි වරටත් සංවිධානය කරන පැහැසර 2013 කලා සහ සංස්කෘතික මහෝත්සවය දෙසැම්බර් මස 3 -5 දිනයන් හි විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට යයි.
සාහිත්‍ය ,සිතුවම්, ඡායාරූප, කෙටි චිත්‍රපට, නාට්‍ය, සංගීත ,නැටුම් අංශ සඳහා වන තරග ප්‍රදර්ශන හා වැඩමුළුවලින් සමන්විත වන මෙම උත්සවය විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම පාසල් සිසුන්ට ද තම හැකියා හඳුනාගැනීමටත් ඔප නංවා ගැනීමටත් මහඟු අවස්ථාවක් වනු ඇත.
අඩු වරප්‍රසාදලාභී සිසුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට ඉංජීනේරු සිසුහු මේ වැඩසටහනේදී තවත් මෙහෙවරක් ඉටු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාවේ වටිනා කම දන්නෙ කලා සිසුන්ට වඩා ගණිත, විද්‍යා, වානිජ වලින් හෙම්බත් උන අය තමයි. (ස)
නෑසෙන ඇසෙන දුර මුහුදේ හෝ සද්ද, පිළියන්දල මොරටු පාරට අනුබද්ද, ටැක්නිකලය ගැන රට තුළ පරසිද්ද, සිරිලක සොඳුරු ගම්මානෙකි කටුබැද්ද!!!!! ඔන්න ඔහොමයි ඒ කාලේ කවියෙන් කියල තියෙන්නේ!!! (ස)
ධම්ම, ඇයි මොරටුවෙන් පිටඋන ඉංජිනේරුවෝ මිනිසුන් වගේ නෙවෙයිද? සතුන් වගේද? අං තට්ටුවක් එහෙම තියෙනවද? දන්නේ නැති නිසයි ඇහුවේ. කොහෙන් පිට උනත් මිනිහ මිනිහමයි, නොමිනිහ නොමිනිහමයි අපි දන්නා විදියටනං.(නදී)
ධම්ම හිත රිදුනා නම් සමාවෙන්න., මමත් කෙලින්ම කිවුවේ මොරටු සරසවියේ ඉංජිනේරුවන් ගැන තමා. විශේෂයේ නම් එහි ඉන්න එක්තරා කට්ටියක් තමා බොහොම උඩඟු. ඉතින් එයාල ලඟ කොහෙන්ද කලා රසයක්. (ස)
ධම්ම ගැන දුකත් හිතෙනවා. උපාධියක් ගත්තම අං තට්ටුවක් එනවා ඔය වගේ හිතන අයට. ඒත් අනිත් අය එම දැනීම පාවිච්චි කරන්නේ හොඳින් ජීවත් වීමට. උපාධියට වඩා දැනීම තියන මහාචාර්ටවරුන් දෙපයින් යනවා බොහොම සංසුන් විදිහට මේ ලංකාවේ, (ස)
ශාන්ත, පේරාදෙණිය සරසවියෙන් පිටවුන සිවිල් ඉංජිනේරුවෝ සාමාන්‍යයෙන් එදිනෙදා මග තොටේදී හමුවන මිනිසුන් වගේමයි. ඒකයි මා එහෙම ඇහුවේ. (ස)
හෝඩියේ 'අ' යන්න කියවපු ගුරුතුමියගේ නම මතකද? (ස)
ප්‍රසන්න, මුල අමතක නොකලොත් ගොඩක් දුර යන්න පුළුවන්. (ස)
හොඳ දෙයක්, මම නම් අගය කරනවා. මහගෙදර - ඇඹිලිපිටිය ඔබගෙ පැහැදිලි කිරීම ඉතාම හොඳයි. (ස)
කුමාරි හාමි ඒ කජු කලේ ඇවිදින්න ගිහිල්ල තියනවා වගෙයි. පැණි බේරෙන කජු පුහුලන් එහෙම කන්න ඇති නේද?(නදී)
ධම්ම, ඔයා දන්නවද පේරාදෙණිය කියල සරසවියක් ලංකාවේ තියෙනවා කියලා. (ස)
ශුභ පතමි. මා ඉගෙනගත් සරසවිය. මා මිනිසෙක් කළ සරසවිය. (අ)
චානක,මොරටු සරසවියේ කජු කැළයක් තිබෙනවා කියලා ඔයා දන්නෙ නැද්ද? (නි)
ශාන්ත, ලංකාවේ සිවිල් ඉංජිනේරු උපාධි දෙන තවත් විශ්ව විද්‍යාල තියෙනවද? (ස)
කලාව සහ ආධාරය ජීවන සුවද වේ, ඉන්ජිනේරු සිසුන් මෙය වටහා ගැනීම සුභ පෙර නිමිත්තකි, ජය වේවා! (නි)
කලාවට තැනක්, කෙනෙක් කියල භේදයක් නැහැ. වැඩේ නම් හොඳයි. නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා මොරටු සරසවියෙන් එලියට එන ඉංජිනේරු ( සිවිල් ) බොහොම ලොකුවට තමා හිතන් ඉන්නේ. ඒක පොඩ්ඩක් අඩු කලා නම් හොඳයි කියලා මගේ අදහස. (ස)
මොරටුවේ ඉංජිනේරු සිසුන් කලා ශිල්ප වලට නැඹුරුවක් දක්වනවා යැයි අසන්නට ලැබීම සතුටක්. මම එහි ආ ගිය කාලයේ දැකපු විදියට නම් ඉංජිනේරු නොවන සිසුන් තමයි කලා ශිල්ප වලට උනන්දුවක් දැක්කුවෙ. (නදී)
උපාලි මහත්තයෝ, මොරටුව කියන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක්. මන රමණිය පැහැ සරණිය පේරාදෙණියයි (නි)
මහගෙදර ඇඹිලිපිටිය, ප්‍රසන්න අදහස් කරන්න ඇත්තේ ලංකාවේ "ධනවාදී පාරිභෝගික සමාජය" පිළිගන්න ආකාරයේ මිනිසෙක් කියන එක වෙන්න ඇති. (නි)
මාව නම් මිනිහෙක් කලේ මගේ පාසල් මාතාව විශ්ව විද්‍යාලයට යන්න බොහොම කලින්. ඒකට අඩි තාලම දැම්මේ මගේ දෙමව්පියෝ. විශ්ව විද්‍යාලය කාලේ මගේ මව්පියන් හා පාසල් මෑණියන් රෝපණය කරලා ශක්තිමත් කරපු පැළයට පොහොරයි වතුරයි දැම්ම එක විතරයි. (නදී)
මන රමණිය පැහැසරණිය මොරටු පුර (නි)
සුබ පතමි. සොදුරු මතකයන් දිවියට එක් කළ සරසවි මාතාව. (නි)