IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මොරටුව ශාන්ත සෙබස්තියන් කී‍්‍රඩකයෝ අන්තර් පාසල් විස්සයි/20 ශූරතාව දිනති

කොත්මලේ චොක්ස් සමස්ත ලංකා අන්තර් පාසල් විස්සයි20 තරගාවලියේ අද (10 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 42 කින් කොළඹ වෙස්ලි විදුහල පරාජය කළ මොරටුව ශාන්ත සෙබස්තියන් කී‍්‍රඩකයෝ තරගාවලියේ ශූරතාව දිනාගත්හ.

අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම හිමිකරගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහලේ සංගීත් කුරේ සමත්විය.

තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස වෙස්ලි විදුහලේ ජොනතන් කදිරමානපුල්ලේ සම්මාන ලැබූ අතර දක්ෂතම පන්දුයවන්නා ලෙස ශාන්ත සෙබස්තියන් විදුහලේ ප‍්‍රිමේශ් ප‍්‍රනාන්දු සම්මාන ලැබීය.

කොළඹ බ්ලූම්ෆීල්ඞ් පිටියේදී ඊයේ (9 වැනිදා) පැවති අවසන් පූර්ව වටයේ තරග වලදී මොරටුව වේල්ස් කුමර විදුහල පරදවා ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් මහ තරගය සුදුසුකම් ලැබූ අතර කොළඹ ශාන්ත පීතර විදුහල පරාජය කරමින් වෙස්ලි විදුහල අවසන් මහ තරගය සුදුසුකම් ලබාගත්තේය.

තෙවැනි ස්ථානය තොරාගැනීමේ තරගය පන්දුවාර 5 කට සීමා වූ අතර එහීදී පසුගිය වසරේ අනුශූරයන් වූ ශාන්ත පීතර විදුහල ලකුණු 14 කින් පරාජය කළ වේල්ස් කුමරුවෝ තරගාවලියේ තුන්වැනි ස්ථානය හිමිකරගත්හ.

දෙවැනි අවසන් පූර්ව තරගයේදී පන්දු 59 කින් නොදැවී ලකුණු 99 ක් රැස්කිරීමට සමත්වූ ශාන්ත පීතර විදුහලේ ජනිත් ලියනගේගේ ඉනිම තරගාවලියේ හොඳම ඉනිම ලෙස වාර්තා විය. ඔහුගේ එම ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්විය.

තරගාවලියට කණ්ඩායම් 16 ක් සහභාගී වූහ.

  • අවසන් මහ තරගය

ශාන්ත සෙබස්තියන් විදුහල  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 122
(ලූක් ජයවර්ධන 16, සමිත් සිල්වා 18, සංගීත් කුරේ 15, අනුෂ්ක පෙරේරා 12, අනුක් ප‍්‍රනාන්දු 27, කුසල් ලක්තිලිණ නොදැවී 15, ජොනතන් කදිරමානපුල්ලේ 21/2, මිගාර වික‍්‍රමසිංහ 12/2)
වෙස්ලි විදුහල  ඕවර 16.4 කදී සියලූ දෙනා දැවී 80
(ජොනතන් කදිරමානපුල්ලේ 39, තරිඳු කරුණාරත්න 15, සංගීත් කුරේ 07/3, පි‍්‍රමේශ් ප‍්‍රනාන්දු 08/3, කුසල් ලක්තිලිණ 20/2)

  • තෙවැනි ස්ථානය සඳහා තරගය

වේල්ස් කුමර විදුහල  ඕවර 5 කදී කඩුලූ 5 ක් දැවී 55
(සච්න්ත පුෂ්පකුමාර නොදැවී 20, සුචිර ප‍්‍රනාන්දු 19)

ශාන්ත පීතර විදුහල  ඕවර 5 කදී කඩුලූ 5 ක් දැවී 41
(කාවින්ද ද තිසේරා 13, හසිත ලංකා 06/2, ශෙනාල් චේතක 07/2)

ඡයාරූප: ශනුක අරවින්ද

 

 

 

 

 

 

 

 

 

 

 

ශූරතාව දිනාගත් ශාන්ත සෙබස්තියන් පිල

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අනුශූරතාව දිනාගත් වෙස්ලි පිල

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වෙස්ලි විදුහලේ නායක සචින් ජයවර්ධන අනුශූරතා කුසලානය ලබාගනිමින්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශාන්ත සෙබස්තියන් විදුහලේ නායක අනුක් ප‍්‍රනාන්දු පන්දු යවමින්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශාන්ත සෙබස්තියන් විදුහලේ කී‍්‍රඩකයින් සහ කී‍්‍රඩාලෝලීන් ජයග‍්‍රහණයේ සතුට සමරමින්...



අදහස් (0)

මොරටුව ශාන්ත සෙබස්තියන් කී‍්‍රඩකයෝ අන්තර් පාසල් විස්සයි/20 ශූරතාව දිනති

ක්‍රිෂාන් Thursday, 11 April 2013 10:30 AM

නියමයි අපේ සෙබෙස් කොල්ලෝ ටික (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 498 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 140 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2035 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2458 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3810 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site