ප්‍රංශයේ ලෙන්ස් ප්‍රදේශයේ ජීවත්වන ක්‍රිටීන් නයාට් දරුණු පිළිකා රෝගියෙකි.
සකෑන් පරීක්ෂණයක් සඳහා ඔහු ගිලන් රථයකින් රෝහලට රැගෙන යමින් සිටියදී ගිලන් රථයේ රියැදුරුට හදිසියේ හෘදයාබාධයක් වැළඳුනි.
ගිලන් රථයේ සිටි පිළිකා රෝගියා වහාම රථයේ සුක්කානම අතට ගෙන රියැදුරා ළඟම පිහිටි රෝහලට ගෙන ගියේය. ‘තව විනාඩි 10ක් ප්‍රමාද වුවානම් රියැදුරා මැරෙනවා‘ රෝහලේ වෛද්‍යවරු පිළිකා රෝගියාට කීහ. පසුව වෙනත් ගිලන් රථයකින් ඔහු ස්කෑන් පරීක්ෂණයට රැගෙන ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ලොකු පිනක් කරගෙන ඇති බැව් පෙනෙනවා. ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
උපුල් , මගේ ගම කළුතර ඉක්මන් සුවය ලැබුනට පස්සෙනේ යාළුවා දිරිය හා සවිය ලැබෙන්නේ. ඉස්සෙල්ලා ඒක ලැබෙන්න ප්‍රාර්ථනය කරන්න. ඒ වගේම දිරිය හා සවිය එන්න හොඳට කන්නත් ඕනේ. පුළුවන් නම් කීයක් හරි අරයගෙ ගිණුමට බැර කරන්න.(නදී)
සජිත් ගම කොහෙද ? මේක බලපු අය දැන් දන්නවා කවුද මෝඩම කතාව කිව්වේ කියලා. (නි)
සජිත්, ඔබ පතන ඉක්මන් සුවයෙන් ලැබෙන්නේත් දිරිය සහ සවියම නේද? (නි)
කුමාරිගේ අදහසට මමත් එකගයි. (නි)
සුනෙත්, නිකන් මෝඩ කතා කියන්න එපා. දෙවිවරුන්ට පිලිකා එනවාද ? (නි)
හේරත්, දිරිය හා සවිය මොකටද? මිනිසෙකුට ප්‍රාර්ථනයක් කරන්නවත් දන්නේ නැද්ද? ඔබට ඉක්මන් සුවය පතනවා! (නි)
සමන්- යාපා හරි. මොකද, ගිලන්රථ පදවන්න විශේෂ රියදුරු බලපත්‍රයක් ඕනෑ. අපේ පොලිසියට අහු වුණා නම් කූඩුවේ. (නි)
ඉක්මන් සුවය සමග දීර්ඝායුෂ පතමි. (නි)
කොහෙන් ගියත් අවසානයේ කිසිම සම්බන්ධතාවයක් නැතුව තමන්ගේ අයව පටලවලා ලබන කුහක මානසිකත්වය නැති වෙන තුරු රටක් ජාතියක් ගොඩ ගන්න බැහැ. (නි)
මෙන්න මිනිස්සු. අපේ රට ගැන නම් කතාකරන්න එපා. විශේෂයෙන් පොලිසිය ගැන. (නි)
මරණය දැක දැක ජීවත්වන ඔහු , මරණය නොදැක සිටි අයට ජීවිතය දුන්නාට , ඔහුගේ මේ රෝගී තත්වය සම්පුර්නයෙන් පහව ගොස් තිර ජීවනය ලබේවා !(නදී)
යාපා, ඔන්න කිවුවා කතාවක්. වාර්තාව හොදට කියවන්න. කොහෙද යන්නේ.....මල්ලේ පොල් නැතිව. (නි)
ජිවිතයක් බේරූ පිනෙන් ඔබේ ජිවිතයද රැකේවා !(නදී)
ඔබ වීරයෙකි.ඔබට ඉක්මන් සුව !(නදී)
තැනට සුදුසු නුවණ සහ හැකියාව.... (නි)
ඔබට සුවය ලැබේවා! (නි)
අසාධ්‍ය රෝගීන් කී දාහක් එහාට, මෙහාට,රෝහල් වලට අදින්න ඇද්ද, ජීවිත කාලයේදී. ඒ පිනෙන් දෙදෙනාම බේරුනා ! (නි)
ලංකාවෙ වුණා නම් පොලිසියේ අයගෙන් බේරිලා හමාරයි. (නි)
තුනුරුවන්ගේ ආශීර්වාදයෙන් පිලිකා රෝගියාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා! (නි)
අප ළඟ වැඩ වසන දෙවිවරු නොවේද මේ.(නදී)
ඔබට දිරිය හා සවිය.(නදී)