(නිමල කොඩිතුවක්කු සහ ඉන්දිකා රාමනායක )
බම්බලපිටිය දුම්රියපොල ආසන්නයේ ඇති අබලන් වූ මගී ගුවන්පාලම ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් මැරීන් ඩ්‍රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තබන බව පොලීසිය පවසයි.
එම මගී ගුවන් පාළම අබලන් ව අවදානම් තත්ත්වයක පවතින බැවින් එය කඩා ඉවත් කිරීමේ කටයුතු අද (5) දිනයේ ආරම්භ කිරීම හේතුවෙන් මෙම මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා ලැබීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරයි.
මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටිය දක්වා පැමිණෙන වාහන බම්බලපිටිය දුම්රියපළ පාර ඔස්සේ ගාලු පාර වෙත ගමන් කර ගාලුපාර ඔස්සේ කොල්ලූපිටිය දක්වා ගමන් කළ හැක.
කොල්ලුපිටිය සිට මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත දක්වා ගමන් කරන වාහන ග්ලේන් ආබර් පෙදෙසට හැරී ගාලු පාරට පැමිණ ඩුප්ලිකේෂන් පාර ඔස්සේ වැල්ලවත්ත දක්වා ගමන් කළ හැක.
වසා තබන ප්‍රදේශය හැරුණු විට මුහුදුබඩ මාර්ගයේ අනෙකුත් ප්‍රදේශවල දෙපසටම වාහන ගමන් කිරීමේ හැකියාව ඇති බවත් පොලීසිය තවදුරටත් පවසයි.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා
නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්
මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ
ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මැරීන් ඩ්‍රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තැබෙයි