(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රකට සමාගම් ව්‍යාපාරිකයකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන දිනේශ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඔහු විසින් ලියන ලදැයි කියන හැඟීම්බර ලිපිය විමර්ශන කටයුතු සඳහා පවුලේ සමීප ඥාතීන් ගෙන් මෙතෙක් ඉදිරිපත් වී නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
ඔවුන් එය ලබා දීමට මැලිකමක් දක්වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි
දිනේශ් ශාෆ්ටර් මහතා ඉකුත් 15 වෙනි දින පැය බාගෙන් නිවසට පැමිණෙන බව බිරිඳට පවසා සිය මෝටර් රථයෙන් කුරුඳුවත්ත මල්පාර නිවසින් පිටත් වී ඇති අතර නමුත් ඔහු යටතේ වසර පහළොවකට අධික කාලයක් සේවය කළ විධායක නිලධාරිවරයාට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් හමුවීමට යන බව පවසා තිබී ඇතැයි පොලිසිය කියයි
එතෙක් මෙතෙක් සිදුකල සීසීටීවී දර්ශන වල දී ඔහු නිවසින් පිටවී යන අතරවාරයේදී දෙදෙනකුට සෑහෙන ලෙස කෙටි ආහාර කීපයක් අතර මගදි මිළදී ගෙන තිබූ අතර එලෙස කෑම ගත්තා බව කියන කිසිදු අසුරනයක් ඔහු රෝහල් ගත කිරීමත් සමඟම ආරම්භ කරන ලද විමර්ශනවලදී පොලීසිය වෙත හමු නොවීමද සිදුකෙරෙන විමර්ශනවලට ගැටලුකාරී තත්ත්වයක් ව පවති
දිනේශ් මහතා ගෙල සිරවී තිබූ ඇන්ටනා වයරය සහ අත් දෙක බැඳ තිබූ පටිය ඔහු පදවාගෙන පැමිණි මෝටර් රථයේ වම්පස අසුන මත තිබෙන අයුරු දැක්වෙන සීසීටිවී දර්ශනයක්ද අභිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන විමර්ශකයන් මේ වනවිට අනාවරණය කරගෙන ඇති අතර ඔහු අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කිරීමට පෙර ගෙල සිරවී තිබූ වයරය, අසුන මත තිබූ වයර් කැබැල්ල ද ? එම වයර් කැබැල්ල නිවස තුළ තිබෙන ඇන්ටනා වයරයේම කොටසක් ද? යන්න සංසන්දනය කිරීමට මහේස්ත්‍රාත්වරයා ගේ නියෝග ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය
කෙසේ නමුත් දිනේශ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය සියදිවි නසාගැනීමක් බවට ඒත්තු ගැන්වීමට සැලසුම් සහගතව කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් උත්සාහ ගත්තාද? මේ වනවිටත් ගනිමින් සිටිනවා ද? යන්නත් පැතිකඩ කිහිපයක් ඔස්සේ කිහිපයක් ඔස්සේ දැඩි අවධානය යොමු කර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැරෙන්න පෙර ශාෆ්ටර් ලිපියක් ලිවුවාද?
පහන් Monday, 26 December 2022 11:21 PM
වොට්සන් මට අල්ලසට වරදාන වලට යට වෙන්න බැහැ ඒ නිසා මම මේ පරිෂණයෙන් ඉවත් වෙනවා බලන්න එංගලන්තය බලා යන ලගම ගුවන් යානය කවදද කියල -ෂර්ලොක් හෝම්ස්
Priyankara Tuesday, 27 December 2022 07:54 AM
ඔහු ලබා ගත් ආහාර මරණයෙන් පසු අමාශයේ තිබුණ බව මරණ පරීක්ෂණයෙන් සොයා ගත හැකි නේද? සිය දිවි නසා ගන්නා කෙනෙකුට දෙදෙනෙකුට සෑහෙන කෑම ප්‍රමානයක් කෑමෙට තරම් රුචියක් ඇතිවේද.?
Ruhunu Tuesday, 27 December 2022 10:30 AM
මැරෙන්න යන මිනිහ ලාබෙට කඹ හෙවුව වගේ. සියදිිවි නසාගන්න ගිය කෙනා කෑමත් අරගෙන යාවිද?.
de silva Tuesday, 27 December 2022 10:32 AM
සල්ලි වැඩිඋනාමත් මහ කරදරක්
Perera Tuesday, 27 December 2022 04:09 PM
බලවත් දේශපාලන හස්තයක් මේ පිටුපස ඇති... නැතිනම් මිනීමරුවන්ව පොලිසිය හොයාගනීවි...