හිඟුරග්ගොඩ ගල්අමුණ මහා විද්‍යාලයයේ ගුරුවරුන් දෙදෙනකුට පාසල් වේලාවේ පහර දුන් බව කියන ටියුෂන් ගුරුවරයකු ඇතුළු සිව් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පහරකෑ ගුරුවරු දෙදෙනා ගල්අමුණ රෝහලේ ප්‍රතිකාර ලබති.
හිඟුරග්ගොඩ ගල්අමුණ මහා විද්‍යාලයයේ ගුරුවරුන් දෙදෙනකුට පාසල් වේලාවේ පහර දුන් බව කියන ටියුෂන් ගුරුවරයකු ඇතුළු සිව් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පහරකෑ ගුරුවරු දෙදෙනා ගල්අමුණ රෝහලේ ප්‍රතිකාර ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් පන්ති ගිහින් තියෙනවා, මෙහෙම වුණේ නම් නැහැ ඒ කාලේ (නි)
කුසුම්පාල ඔයා හරි. (ස)
මහා විද්‍යාලයක වෙන්න බෑ. පෙර පාසලක වෙන්න ඇති. පොඩි දරුවෝ ටිකක් විතරයි ඉඳලා තියෙන්නේ? (ස)
ගුටි කෑම පැත්තක තියල නෙලන්නනේ තිබුනේ දෙකේ හතරේ පොලු කැල්ලක් අරගෙන. (ස)
අධ්‍යාපන සුදුසුකම් වල තත්ත්වය හිතාගන්න පුළුවන් (නි)
ඔවුන්ගේ උගත්කමේ තරම තමයි (නි)
ඒ මැරයෝ ඉස්කෝලේ නොගිය අය නිසානේ පාසලකට කඩා වැදිලා තියන්නේ. කඩා වැදුනට පස්සේ උන් තමන් දන්නා එකම දේ කළා. ඔවුන්ට හිතෙන්න ඇති සමහර ලොකු පාසල් වල ළමයි විතර මේ ළමයි දියුණු නැති නිසා පාඩමක් ආදර්ශයෙන්ම කියාදෙන්න ඕනෑ කියලා. (නි)
අද මුළු සමාජයම පිරිහිලා. එමනිසා ටියුෂන් ගුරුවරු පමණක් නොවෙයි හැම තරාතිරමකම පිරිස් මේ වගේ පහත් සහ නීති විරෝධී වැඩ කරනවා. දිසාපති , විනිසුරු, දොස්තර, විදුහල්පතිගේ ඉඳලා පොලිස් කොස්තාපල්, ග්‍රාමසේවක වෙනකන්ම මේ තත්ත්වය අපි දැකලා තියෙනවා. ටියුෂන් ගුරුවරයාට විතරක් බැනලා මේ ප්‍රශ්නය විසඳන්න නොහැකියි. ලෝකයේ දියුණු රටවලත් ටියුෂන් තියෙනවා. නමුත් ඒවාට ප්‍රමිතියක් තියෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමයම වෙනස් කරන්න ඕනෑ. නමුත් කතාවෙන් විතරයි. වැඩ වලින් එය කරන්න කවුද ඉදිරිපත් වෙන්නේ? (නි)
අසෝකා, මොනවද මේ කියන්නේ? (නි)
මෙහෙම ගියොත් නම් අපේ අනාගත පරපුරම ඉවරයි.(නදී)
ඔයාල මොනවාද කියන්නේ ශ්‍රී ලංකාවේ ටියුෂන් කාරයන්ට මාර තැනක්නේ තියෙන්නේ ,බලන්නකෝ අද රටේ ඔය සම්බන්දව ඉන්න ඇමතිතුමා.(දිල්)
සමහර දරුවන් පන්තියේ පළමුවෙනිය වෙන්නේ එම ගුරුවරියගේම ටියුෂන් ගියාම පමණි.(දිල්)
ශා ........ටියුෂන් ක්ෂේත්‍රයේ ලොකු ප්‍රගමනයක් තියෙනවානේ. මට මතකයි රත්නපුරේ පැත්තේ ටියුෂන් ගුරෙක් විදුහල්පති කෙනෙකුට ගහල මරුවා. පස්සේ හෘදයාබාධයක් නිසා මලා කියල නිදහස් වුනා..(නදී)
කඩ කාරයා හා සමාන ටියුෂන් කාරයාට මෙපමණ වරයක් ලැබුනේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වරදිනි. අ යන්නේ ඉදන් එය වෙනස් කල යුතුය.මන්ත්‍රීලගේ හයිය පෙන්නලා ඉවර වෙද්දී දැන් මේ කඩ කාරයෝ. අයි මෙහෙම වෙන්නේ?වගකිවයුතු අය වගකීමෙන් බලන්න.(නදී)
දැඩි දඩුවම් දිය යුතුයි. ටියුෂන් මාස්ටර්ට කාගේ හරි හයියක් තියෙන්න ඇති.(නදී)
මෙතන ටියුෂන් කරු ගුරුවරයෙක් ලෙස නම් කිරීම කණගාටුදායකයි. අපේ රටේ බහුතර දේශපාලකයන් මෙන්ම ටියුෂන් කරුවෝද අමනයන්ය. අධ්‍යාපන ආරක්ෂක ලෙස ක්‍රියා කරන අන්තරේ දේශපාලුවන් වෙනුවෙන් කෑ ගැසුවත් කිසි දිනක ටියුෂන් වලට එරෙහි නොවෙයි. හේතුව සරලය. අන්තරේ කඩේ යන්නේ ඉන්නා දේශපාලුවන් පලවා හැර අලුත් දේශපාලුවන් කරලියට ගෙන ඒමටය. ඒ සඳහා විභාගයක් සමත් වූ පමණින් තමන් මහා බුද්ධිමතුන් යයි සිතන ශිෂ්‍යයා (අම්බරුවා) සහ අධ්‍යාපනය(තණකොළ) යොදාගනී. ඒ හැර මේ දෙකෙන්ම ඔවුනට ඇති වැඩක් නැත.නමුත් යම් දිනෙක මේ යථාර්ථය හඳුනා ගතහොත් අන්තරේට මෙම ටියුෂන් පිළිලය මුළුමනින්ම ඉවත් කිරීමටද අපහසු නැත. .(නදී)
මෙහෙම ගියොත් නම් අපේ අනාගත පරපුරටම අනාගතයක් තියේද කියල බයත් හිතෙනවා. ඔය ටියුෂන් කඩ වහල දාන්න තරම් බලය තියෙන නිර්භිත ,එකම එක ඇමතියෙක්වත් ඔය ඇමති මඩුල්ලේ නැද්ද? .(නදී)