IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මෙරිල් ස්ට්‍රීප් පැවැත්වූ කතාවට ඇගයුම් මෙන්ම විවේචනද එල්ල වෙයි - ජනාධිපති ට්‍රම්ප් පිළිතුරු දෙයි

2017-01-12-ent-60

පසුගිය වසරේ තිරගත වූ ඇමෙරිකානු චිත්‍රපටවලට මෙන්ම රූපවාහිනී කතාමාලාවන්ටද සම්මාන ලබාදෙන ජනප්‍රිය සම්මාන උලෙළක් වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ පසුගිය 08 වැනිදා රාත්‍රියේ පැවැත්විණි.ඒ කැලිෆෝනියාවේ බෙවර්ලි කඳුවැටියේ The Beverly Hilton හෝටලයේදීය.ඩික් ක්ලාක් සමාගම සහ හොලිවුඩ් විදෙස් ප්‍රවෘත්ති සම්මේලනය නිෂ්පාදනය කළ මෙහිදී උත්සවය මෙහෙයවන්නා ලෙස කටයුතු කළේ ජිමී ‍ෆැලන්ය.මෙහිදී ජීවිත කාලයට එක්වරක් පිරිනැමෙන ගෞරව සම්මානයවන සෙසිල් බී. ඩිමිලේ සම්මානය දිනාගත්තේ ඔස්කාර් සම්මානලාභී නිළි මෙරිල් ස්ට්‍රිප්ය.එහෙත් ඇය සම්මානය ලබාගත් මොහොතේ පටන් තම සම්මානය ආයුධයක් කරගනිමින් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට පහර පිට පහර දුන් අතර, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස විවේචනයට ලක්කළාය.අනුකරණවාදී ජනමාධ්‍ය හේතුවෙන් චිත්‍රපට ලෝකයේ පමණක් සිදුවන සැබෑ ලෝකයේ සිදුනොවන සිදුවීමක් වත්මන් ඇමෙරිකාවට සිදුවී ඇති බව පැවසූ මෙරිල් ස්ට්‍රිප්,රටේ ගෞරවාන්විත අසුනට මෙවන් ‍ඉරණමක් අත්වේ යැයි තමන් කිසිදිනෙක නොසිතූ බවද මෙහිදී පැවසුවාය.ඒ අනුව ඇයගේ මෙම අභීත කතාවට මේ වනවිටත්, සමාජ වෙබ් අඩවි ජාල හරහා පැසසුම් ලැබෙන අතර හොලිවුඩ් නිළියන් වැඩි පිරිසක් ඇයව අගය කිරීම කැපී පෙනේ. මේ ඉන් කිහිපයකි.

 

Ellen DeGeneres:

මෙරිල් ස්ට්‍රිප් වගේ ගැහැනියක් තවත් නැහැ.මම කැමතියි ඇගේ කතාවට

 

Katie Holmes:

අපි අපේ ගෞරවය මෙරිල් ස්ට්‍රිප්ට පුද කළ යුතුයි.ඇය මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී තමන්ගේ සලකුණ නොමැකෙන ලෙස සටහන් කරනු ලැබුවා.ඇත්තටම අද රාත්‍රියේ ඇය පැවැත්වූ කතාව අතිවිශිෂ්ටයි.ඇත්තෙන්ම සැබෑවක්.මම සැමදා ඇය සමගයි.ඇයට හදවතින්ම සුබ පතනවා ඇගේ සම්මානයට.

 

Sharon Stone:

මෙරිල් ස්ට්‍රිප් මේ තරම් ප්‍රසාදයට ලක්වුණේ නැතිව ඇති කවදාවත්.ඇගේ හඬ කවදාවත් මෙච්චර ප්‍රබල වුණේ නැහැ.

 

Alyssa Milano:

සැබෑ ප්‍රබෝධයක්.මෙරිල්,ඔබ ඇත්තටම ශෝභමාන කාන්තාවක්.බොහොම ස්තුතියි ඔබේ හඬ නිසි අවස්ථාවේදී භාවිත කිරීම වෙනුවෙන්.ඒත් මම පුදුම වෙනවා මේ කතාවම පිරිමියෙක් කළා නම් මෙවැනිම ප්‍රතිචාරයක් ලැබුණොත්!

 

Laverne Cox:

ඇය හැමදෙයක්ම පැවසුවා.බොහොම ස්තුතියි, මෙරිල් ස්ට්‍රිප් ඔබේ කාර්යභාරයට.ඔබ හැමදෙයක්ම මේ රාත්‍රියේදී පැවසුවා.

 

2017-01-12-ent-61

එසේම ඇගේ කතාව දෝෂ දර්ශනයට ලක්කළ පණිවුඩද දකින්නට ලැබිණි.

 

Meghan McCain:

මෙරිල් ස්ට්‍රිප්ගේ කතාව නිසා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළා කියන්නේ.තාමත් හොලිවුඩ් ජනතාව ඇයි සහ කොහොමද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහයෝගය දක්වන්නේ යන ප්‍රශ්නයට පිළිතුරු හොයන්න පටන් අරන් නොමැති බව මෙයින් පැහැදිලියි.

 

Emmy Rossum:

මම නම් තවදුරටත් මෙරිල්ට ආදරේ කරන්නේ නැහැ.ඇත්තමයි. ජනාධිපතිවරයා තේරුණේ හොලිවුඩ් තරුවල ට්විටර් පණිවුඩවලින්ද? මොනවද ඔබ මේ කියවන්නේ? ඔබට වෙන වැඩක් නැද්ද ?

 

කෙසේ වෙතත් තෙවරක්ම ඔස්කාර් සම්මාන දිනූ සුපිරි හොලිවුඩ් නිළි මෙරිල් ස්ට්‍රිප්ට ඉතා ඉක්මනින් පිළිතුරු සැපයීමට වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම භාවිත කර ඇති අතර එහි සඳහන් වී ඇත්තේ මෙසේයි.

“මෙරිල් ස්ට්‍රිප් යනු හිලරිවාදියෙක්(හිලරි ක්ලින්ටන් පාක්ෂික නිළියක්). ඇය මෙසේ හැසිරුණත් ඉතා විශිෂ්ට ගණයේ හොලිවුඩ් නිළියක්.හැබැයි ඇය එදා ගෝල්ඩන් ග්ලෝබ් රාත්‍රියේදී මෙසේ හැසිරුණේ තමන්ගේ නායිකාවගේ පරාජය ඉවසුම් නොදීම නිසයි.”

 



අදහස් (0)

මෙරිල් ස්ට්‍රීප් පැවැත්වූ කතාවට ඇගයුම් මෙන්ම විවේචනද එල්ල වෙයි - ජනාධිපති ට්‍රම්ප් පිළිතුරු දෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 204 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1888 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3501 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 567 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1587 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 10990 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site