කෙසෙල් ගෙඩි කැබැල්ලක් උගුරේ සිරවීමෙන් අටමස් බිළිඳියක මරණයට පත්වූ බව හෝමාගම රෝහල කියයි.
කුඩා කැබැල්ලක් ස්වාසනාලය ඔස්සේ ගමන්කිරීම නිසා හුස්ම ගැනීමට අපහසුවීමෙන් මරණය සිදුවන්නට ඇති බව හෝමාගම රෝහලේ වෛද්‍ය අධීකාරී ප‍්‍රදිප් රත්නසේකර මහතා පවසයි.
කෙසෙල් ගෙඩි කැබැල්ලක් උගුරේ සිරවීමෙන් අටමස් බිළිඳියක මරණයට පත්වූ බව හෝමාගම රෝහල කියයි.
කුඩා කැබැල්ලක් ස්වාසනාලය ඔස්සේ ගමන්කිරීම නිසා හුස්ම ගැනීමට අපහසුවීමෙන් මරණය සිදුවන්නට ඇති බව හෝමාගම රෝහලේ වෛද්‍ය අධීකාරී ප‍්‍රදිප් රත්නසේකර මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියණියනි ඔබට නිවන් සැප ලැබේවා! (නදී)
කවුරුහ රි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න මේ අවස්ථාවේදී කලයුතු ප්‍රථමාධාරය කුමක්ද කියා. ගොඩ දෙනෙක් කරන්නේ උගුරේ ඇගිල්ල දමා කෑම කැබැල්ල තල්ලු කිරීම. (නදී)
මාස අටක දරුවෙකුගේ කටට කෙසෙල් ගෙඩි කෑලි ගියේ කොහොමද? හරියට කටේ දත් වත් තිබුන ද දන්නේ නැහැ. කිසිම අපහසු කමක් නැතිව දරුවෝ ලැබෙන සමහරු දරුවන් ගේ වටිනා කම දන්නේ නැහැ. අවුරුද්දකට අඩු දරුවන් ට ඝන ආහාර දෙන කොට ප්‍රවේශම් වෙන්න ඕන කියල මේ ගෙදෙර අය දැන ගෙන ඉඳල නැද්ද? (දී)
මැරෙන්න තියෙනවානම් මොනවා කලත් මැරෙනවා (දී)
රඹුටන්, වෙරළු, කෙසෙල් ගෙඩි, ආප්ප, තෝසේ නිසා පුංචි දරු පැටව් කී දෙනෙක් අහිමි වුනාද? දෙමවිපියන්ගේ නොසැලකිල්ල නේද? (නදී)
පහන්, එක අතක් උඩ ළදරුවා මුනින් අතට තබාගෙන (බෙල්ල හිර නොවනසේ බෙල්ල මුලට අතේ ඇඟිලි තබා) ඔලුව පහතට සිටිනසේ අත උඩ තබා වැරෙන් පිටේ ඉහල පෙදෙසට ගැසිය යුතුයි. පහර සිරුරේ පහල සිට ඉහලට එනම් පිට හරහා කට පැත්තට මිසක් පිට මැද්දට තඩි බාලා වැඩක් නෑ. සෙන් ජෝන් හෝ වෙනත් ප්‍රතමාදාර වෙබ් සයිට් එකක් බලන්න. (නදී)
මාස හයෙන් පසු දරුවන්ට ආහාර දිය යුතුයි . නමුත් එම අහර දෙන්න ඕනි විදිහට දෙනවනම් මෙවන් අකල්මරණ වෙන එක නවත්ත ගන්න පුළුවන්.(දිල්)
සෑම් ස්තුතියි ,කුඩා දරුවෙකුට ඔබ කියන ක්‍රමය හරි එහෙත් අවුරුදු 10 ,12 ළමුන් හා වැඩිහිටියන් පවා මේ කෑම සිරවීම් තුලින් මරණයට පත් වනවා .වැඩිහිටියන් සදහා ප්‍රථමාධාර ක්‍රමය කුමක්ද ?(දිල්)
එදිරිසිංහ අපි බොරුවටනේ බෙහෙත් බොන්නේ මැරෙන්න තියනවා නම් මැරෙයි. හරිම ෂෝක්.(නදී)
මම හිතුවේ අත්දැකීම් අඩු රිසානා දැරිය අතින් නොදැනුවත්ව සිදුවූ වැරැද්ද ගැන හා ඇයට ඒ සඳහා ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වුණ බව දන්නා ලාංකික සමාජයේ අය දරුවන් ට ආහාර දීමේදී මීට වඩා ප්‍රවේශම් වේවි කියායි. අපි ඉගෙනගන්න කැමති ජාතියක් නොවෙයි. ඒත් අනුන්ට උගන්වන්න නම් බොහොම දක්ෂයි. (නි)