IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මාරුව ලැබූ පාසලට නොගියොත් වැටුප අත්හිටුවයි

(යොහාන් භාසුර)

අධ්‍යාපන අමාත්‍යංශය දී ඇති ස්ථාන මාරු අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

පාසල් තුළ පවතින පුරප්පාඩු පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණයට එළමි බවත් ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කීපයකදී ගුරුවරු දැනුවත් කර ඇති බවත් එම නිලධාරියා කීය. 



අදහස් (7)

මාරුව ලැබූ පාසලට නොගියොත් වැටුප අත්හිටුවයි

උපුල් මහේෂ් වනිගරත්න - කරණ්දෙණිය Friday, 18 August 2023 02:48 PM

අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිවරයා මේ වන විට වසර 18 ක් එම පාසලේ විදුහල්පති පුටුවේ ඉන්නවා. ආණඩුකාරයාගේ සිට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දක්වා ඒ බව දැනුවත් කරලයි තියෙන්නෙ. විගණකාධිපතිවරයා පවා දැනුවත් කරලයි තියෙන්නෙ. පාසලේ විභාග පතිඵල හොද බව පෙන්වන්න එම පාසලේ 11 ශේණිය දක්වා ඉගෙනුම ලබපු දරැවන් කිහිිප දෙනෙක්ම පසුගිය අපොස සාපෙල විභාගයට පුද්ගලික අයදුම්කරැවන් ලෙසත් ඉදිරිපත් කරල තියෙනවා.ඒ ගැන පැමිණිලි කරලත් තියෙනවා. කෝ විසදුම් හෝ දඩුවම්. පඩි නතර කරන්නේ අහිංසක ගුරැ වරන්ගෙ තමයි. ඔය ලොකු ලොකු අයගෙ බිරින්දෑවරැ හැමදාම නගරයෙ තියෙන පාසල් වල තමයි.දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් තනිකරම නීති විරෝධි කොමිසමක්්‍. කොහොමද නීතිය කියාත්මක කරන්නෙ. අම්බලන් ගොඩ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට පිහියෙන් ඇන්නෙත් ගරැ මාරැවක් කරල නොගිය නිසා බිරිදගෙ පඩි නතර කලාට. ඒ නිසා නීතිය කාටත් සාධාරණව ඉටු කරන්න. මේ දිනවල මාරැවීම් දිගටම කරනවා. හැබැයි මාරැමණ්ඩල දන්නවද දන්නෙත් නැතිව ඇති.නොදන්න මිනිස්සු මේවට අභියෝග කරන්නෙත් නැහැ. කොහොම නමුත් නීති ය නම් කාටත් නීතිය එකසේ කියාත්මක වෙන්න ඕන.මාරැවීම් දිය යුතුයි. ඒ සදහා නිසි කිමවේදයක්

:       1       30

City Friday, 18 August 2023 09:11 PM

ජෝෂප් ස්ටාර්ලින් කෝ...?

:       0       1

චන්දනSaturday, 19 August 2023 07:58 AM

ඔබ කියන විදුහල්පති ගැන නම් මම දන්නේ නැහැ. වෙනත් කාරණයකුත් කියන්න තියෙනවා. වෘත්තිය සමිතිකාරයෝ තමන්ට අවශ්‍ය පරිදි මාරුවීම් කරනව සල්ලි වලටයි, හිතවත් කමටයි. වඳුරඹ මහ විදුහල හොඳම උදාහරණය. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන්න එකම ගුරුවරයෙක්වත් නැහැ. භෞතික විද්‍යාවට හිටපු එක්කෙනා අවුරුදු 3යි. නිකම්ම මහින්දෙට යැව්වා. ඒ වෙනුවට කවුරුත් නැහැ. විද්‍යාව ගුරුවරයා විද්‍යාලෝකයට යැව්වා. සේවය අවුරුදු 2යි. ඒකට විශල මුදලක් අරගෙන වෘත්තිය සමිතියක් වැඩේ කළා කියලා ආන්දෝලනයක් තියෙනවා. ඒ වෙනුවටත් කවුරුත් නැහැ. ඒ දෙන්නම වඳුරඹින් නිදහස් කරලත් නැහැ. ගාල්ලේ නගරයේ ගුරුවරු වැඩියි. සිරිධම්මෙත් ගුරුවරු හිගයි. කිසිම පිලිවෙලකට මාරුවීම් කරලා නැහැ. ගෘහ විද්‍යාව උගන්වන ගුරුවරියක් පදිංචිය ගාල්ලේ දාලා තියෙන්නේ වඳුරඹට. වඳුරඹ අයෙක් සිරිධම්මෙට දාලා. දෙන්නගේ මාරුවීම පාසල් 2ට වෙනස් නොකලේ වෘත්තිය සමිති මැදිහත්වීමකින්. මෙවාට වග කියන්නේ කවුද?

:       0       3

කේ.ටී. - අම්බලන්ගොඩ Friday, 18 August 2023 04:32 PM

උපුල් මහේෂ් දන්නේ ටිකයි. මේ විදුහලපතිට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාවේ මේ වනවිටත් පැමිණිලි 03 ක් විභාග වෙනවා. මෙයාට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නැහැ. උපයාගත්තු මුදලෙන් ලැබෙන පොලිය විශ්‍රාම වැටුප වගේ හතර පස් ගුණයක්. ලොකු ලොක්කෝත් මේවාට අත ගහන්නේ නැහැ. නැත්නම් කොහොමද අවුරුදු 18ක් ඉන්නේ. ළමයෙක් පාසලට දාලා ගන්න මුදල කට්ටිය එක්ක ගානට බෙදා ගන්නවා... හාල් කිලෝවක මිල රුපියල් දාහට ගියත් මේ අයට ගානක් නැහැ.

:       0       10

don Friday, 18 August 2023 06:07 PM

ගුරු සේවයට එන්න ඕනම තැනක රස්සාව කරන්න බලාගෙන නෙවෙයිද?

:       0       5

නිමල් - සීනිගම Friday, 18 August 2023 10:09 PM

අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිගේ කියාකලාපය ඉතා බරපතළයි. වහාම පියවර ගන්න...

:       0       4

Ana Saturday, 19 August 2023 10:51 AM

මමත් අවුරුදු 10 හමාරක් එකම පාසලේ... හැබැයි එපා කියලා ළමයිවත්, විදුහල්පතිවත් කියන්නේ නැහැ. මට දිගටම ඉන්න ඕනෑ නැහැ. හැබැයි මගේ විෂයට ගුරුවරයෙක් නැතිව යන්නෙත් නැහැ. ගුරුවරයෙක් විදිහට සමාජ වගකීමක් තියෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 86 0

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1368 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 206 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 456 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 545 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2259 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 358 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1384 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site