ඇමැති මර්වින් සිල්වා මහතාගේ මිත්‍රයකු වන හට් තිලකසිරි හා ඔහුගේ ආරක්ෂකයා මාළඹේ දී අද අලුයම මුදා හැර ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඔවුන් දෙදෙනාට පහර දී ඇතැයි ද, මාළඹේ සිට ත්‍රීරෝද රියකින් ගෙදර ගොස් ඇතැයි ද පොලිසියට වාර්තා කර තිබේ.
පහර දුන් අය ගැන තොරතුරක් නැතත් ඔවුන් දවසක්ම මෙම දෙදෙනා රඳවා ගෙන ප්‍රශ්න කළේ කුමක් දැයි සොයා ගැනීමට වෙහසෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉදිරියට එන්නේ ගුටිකන කාලේවද්ද? (නි)
වටේ සිටි සහ ඉන්න අයගේ නම් ගැන නම් කියලා වැඩක් නැහැ. (නි)
ඒ පාර පොලිසිය මොනවා කරන්නද හදන්නේ? (නි)
ම් ම් ම්.... ඇත්තද? (නි)
යාළුවෝ එහෙමත් මුණගැහුනද දන්නෙ නැහැ (නි)
සිද්ධිය ගැන මෙතුමා මුල සිටම කෑගහනවා වැඩිය , පුහුල් හොරා කරෙන් දැනේ කියලා තියෙනවා නෙවද? (දී)
වෙනත් ගමනක් ගියාද දන්නෙ නැහැ. (නි)
මට එන අදහස් බොහොම දරුණුයි. එම නිසා නොදා ඉන්නවා (නි)
ඇයි මේ වාගේ මිනිසුන් තියන් ඉන්නේ කියන එක ජනතාවට ප්‍රශ්නයක්? (ත)
අහිංසකයෝ රස්සාවත් කප්පන් ගැනීමලුනේ..පව් අප්පා.(දිල්)
මෙයා සම්බන්ධීකරණ ලේකම් නොවේ නම්, මිනිහට විරුද්ධව ගන්නා පියවර මොනවාද හොර හැදුනුම්පත් එතුමාගේ අත්සනත් සහිතව සැකසුවාට. වගකිවයුතු ඇමැතිවරයෙක් නම් පියවරක් ගත යුතුයි. වගකිවයුතු නොවන කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ ඔහොමම යං(දිල්)
මෙය සත්‍යක් නොවෙයි. උප්පරවැට්ටියක්. මෙයින් පෙන්වන්න යන්නේ බොහෝ බලපෑම් තිබෙනව බවයි. (ත)
ඔය රගපෑමක් වෙන්න බැරිද.............ජනප්‍රිය (ත)
කළ කම් පල දෙන්න පටන් ගන්න හදන්නේ ඔය. (නි)
මොනවද දන්නෙ නැහැ ඇසූ ප්‍රශ්න ඔහුගෙන්? (නි)
බලු වලිගේ උනපුරුකේ දැම්මත් කෙළින් කරන්න බැහැනේ. (ත)
අහවලාට තේරෙන භාෂාවකින් කවුරු හරි මේ දවස වල එයාට සංඥා එවනවා. මම හිතන්නේ එයා ටිකක් නොවෙයි හොදටම හැදෙයි (නි)
මේ ප්‍රවෘත්තිය ඊයේ පළ වූ විට අපේ රටේ කියවන සියලු දෙනා එක සිතින් කළ ප්‍රාර්ථනාව වූයේ එතුමාට කිසිදු කරදරයකින් තොරව නිදහස් වෙන්න ලැබේවා කියලයි. මුළු රටටම සැනසිල්ල සතුට ගෙන දෙමින් එතුමා යලිත් අප අතරට ඇවිල්ලා... (නි)
මේක නීතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි, බලය පිළිබඳ ප්‍රශ්නයක්. කෙනෙකුගේ බලය පරදා තව කෙනෙකුගේ බල පරාක්‍රමය පැතිරවීමයි. කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා. ' සිතු දෙය නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොව දම් කැරකෙනවා ' (නි)
අනේ පවු ඒ නිළධාරියා.... (නි)
මැරෙනවට වඩා භයානකයි මරණ බය කියන එක. (නි)
අනේ පවු. මොකද දන්නෙ නැහැ වුණේ? (නි)
එකත් එකටම අහන්න ඇත්තේ අහවලාව හදුනනවද කියලා වෙන්න ඇති (නි)
මොනවා වුණත් එසේ වූ එක ලොකු දෙයක් (නි)
රාත්‍රිය ගත කළ ස්ථානයට නියමිත ගාස්තු ගෙවීමේදී ඇති වුණ ගැටළුවක්වද්ද? (නි)
රටේ නීතියට මෙලෙස වන්නේ ඇයි? (නි)