IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


'මලී' කියන්නෙ ජීවිතය සාර්ථක කරපු නාට්‍යයක්

2016-05-06-ent-49

සමාධි අරුණඡායා, ලංකාවේ කලා ක්ෂේත‍්‍රයට පෑයූ හැඩකාර තරුවකි. මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය නිළියක වූ ඇය ”මලී” ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්ෂක ආකර්ෂණයට ලක් විය. 2010 වර්ෂයේ රූපවාහිනී අවුරුදු කුමරිය වීමත් සමගම කලා ක්ෂේත‍්‍රයට පිවිසි ඇය රුවෙන් මෙන්ම නිහතමානී ගුණයෙන් නොඅඩු සැබෑ නිර්ව්‍යාජ තරුණියකි.

2016-05-06-ent-48"2010 රූපවාහිනී අවුරුදු කුමරිය වීමත් එක්ක තමයි මම රටේ කවුරුත් දන්න චරිතයක් බවට පත්වෙන්නෙ. එය මගේ ජීවිතේට සතුටුදායක අවස්ථාවක් වුණා. අවුරුදු කුමාරි තරගය සඳහා මුලූ ලංකාවෙන්ම අයදුම්පත් කැඳවලා තරග වට ගණනාවක් පවත්වලා ඒ අතරින් අවසන් වටයට 24 දෙනෙක් තෝරාගෙන තිබුණෙ. ඒ දවස ලොකු සිහිනයක් වෙලා තිබුණෙ මට. අවුරුදු 18 සම්පූර්ණ වනතුරු ගොඩක් ආසාවෙන් ඒ තරගය නැරඹුවා. ඉතින් A/L අවසන් කරපු ගමන්ම තමයි අවුරුදු කුමාරි තරගයට අයදුම් කළේ. ඒ සඳහා මාව දිරිමත් කළේ ආච්චි අම්මයි, අම්මයි. ඒ ගැන ගොඩක්ම සතුටුයි. 2010 තමයි අපි හොඳම අවුරුද්ද සැමරුවෙ. ඒ යුද්ධය අවසන් වෙලා සමරපු පළමු අවුරුද්ද. ඒ නිසා අනිත් අවුරුදුවලට වඩා ලස්සන අවුරුද්දක් වුණා. ඒ වගේම මගේ ජීවිතේටත් ගොඩක්ම සතුටක් ගෙන දුන්නා අවුරුදු කුමාරි වීමත් සමග. ජීවිතේ වෙනම පැත්තකට යොමු වුණා. මම අදටත් ජාතික රූපවාහිනියට කෘතගුණ දක්වනවා. මොකද ඒ හරහා තමයි මම කලා ක්ෂේත‍්‍රයට පිවිසියේ. ඉතින් ඒ දවස මගේ ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ඒ තරම් සුන්දරයි."

"අවුරුදු කුමාරි වීමත් සමග ඇරඹුණු ගමනෙ දී ටෙලිනාට්‍ය කීපයකටම මට ආරාධනා ලැබුණා. ඒ අතරින් කිහිපයක වැඩ කළා. ඒ එක් ටෙලිනාට්‍යයක දී තමයි මගේ ජීවිතේ සහකරුවා මුණගැහෙන්නෙ. ඒ නාට්‍යය තවම විකාශය වුණේ නෑ. "හිරු තනිවෙලා අහසේ” ටෙලි නාට්‍යය. එය මගේ ජීවිතේ සුවිශේෂී අවස්ථාවක් වුණා."

"ඒ කාලෙ දී ගොඩක් සුන්දර සිදුවීම් වුණා. ඕනම පුද්ගලයෙක් ජීවිතේ මට මේ වගේ කෙනෙක් හමුවුණොත් හොඳයි. හොඳ ගතිගුණ තියෙන කෙනෙක් හමුවුණොත් හොඳයි. ඒ වගේ ප‍්‍රාර්ථනා කරන දේවල් තියෙනවනේ. මමත් ගොඩක් ප‍්‍රාර්ථනා කරපු දේවල් තිබුණා. හැමදාම බුදුන් වැන්දා. ඒ ජීවිතේ සාර්ථක වෙන්න කියලම නෙමෙයි. නිවැරදිව, ධාර්මිකව ජීවත්වෙන්න ලැබෙන්න කියලා. මම බුදු දහම ගොඩක් විශ්වාස කරන කෙනෙක්. ඉතින් ඒ හැමදේටම ගැලපෙන කෙනෙක් තමයි මම ප‍්‍රාර්ථනා කළේ. බුදු හාමුදුරුවෝ මට හොඳම පිළිතුරක් දුන්නා කියලා හිතනවා. ඒ මම ප‍්‍රාර්ථනා කරපු ආදරණීය චරිතයක් මට මුණ ගැසුණු නිසා. ඒ හමුවීමත් එක්ක අපි දෙන්නා මුලින්ම ගියේ බෙල්ලන්විල පන්සලට. ඒ දවස මගෙ ජීවිතේට ලොකු සතුටක් ගෙන දුන් දවසක්."

"මලී" නාට්‍යයේ රඟපෑමට ලැබීමත් මගේ ජීවිතේට ලොකු සතුටක් ගෙන දුන්නා. දෙරණ නාළිකාවේ සභාපති ලක්සිරි වික‍්‍රමගේ මහත්මයා තමයි මට ඒ සඳහා ආරාධනා කළේ. මම මුලින්ම දෙරණෙ විකාශය වුණු සවීණා නාට්‍යයේ හඬකැවීම් කළේ. එය ටිකක් විකාශය වෙද්දි තමයි ලක්සිරි මහත්මයා කිව්වෙ "මලී" කියලා ටෙලි නාට්‍යයක් කරන්න යනවා. එහි ප‍්‍රධාන චරිතෙට ඔයා හොඳයි කියලා හිතනවා. ඒ චරිතය බාරගන්න කියලා. එහි දී මට ප‍්‍රධාන චරිතය ලැබුණා. "මලී" කියන්නෙ ගොඩක් ලස්සන නාට්‍යයක්. හරිම ලස්සන තේමාවක් එහි අන්තර්ගත වෙලා තිබුණෙ. ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ ගොඩක් මේ නාට්‍යයට සම්බන්ධ වෙලා හිටියා. "මලී" නිෂ්පාදකතුමා ඇතුලූ අපි හැමෝම එකම පවුලක් විදියට වැඩ කළා අවුරුදු 2ක් වගේ. ඒ කාලෙ මගේ ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ඒ ටෙලි නාට්‍ය හරහා පේ‍්‍රක්ෂකයෝ ගොඩක් පුදුම විදියට මාව වැළඳගත්තා. ඒ හැමදේම එක්ක මගේ ජීවිතේ සාර්ථක කරපු නාට්‍යයක් තමයි "මලී" කියන්නෙ. හරිම සතුටුයි ඒ පිළිබඳව."

"සුමිත‍්‍රා පීරිස් මහත්මිය සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා මාව චිත‍්‍රපටයක් සඳහා ප‍්‍රධාන චරිතයට තෝරා ගත්තා. චිත‍්‍රපටය තමයි වෛශ්නාවී"

ඒ දවස මගෙ රංගන ජීවිතේ පැත්තෙන් බැලූවොත් හැරවුම් ලක්ෂ්‍යයක්. මම කොහොමත් ලැබෙන හැම චරිතයක්ම නොකරපු කෙනෙක්. ලැබෙන හැම ආරාධනාවක්ම බාර ගත්තෙත් නෑ. මම ගියා නම් හැම නිර්මාණයකටම හැම නාළිකාවකම මූණ පේන්න ඉන්න තිබුණා. නමුත් ඒ හැමදේම බාර නොගත්තෙ පේ‍්‍රක්ෂකයන්ට හොඳ දෙයක් දෙන්න ඕන නිසා. මම කොහොමත් හැමදාමත් තෝරගත්තෙ හොඳ නිර්මාණ විතරයි. ඉතින් මම ඒ චිත‍්‍රපටයට සුදුසුයි කියලා මාව තෝරාගැනීම පිළිබඳ අතිශය සතුටු වෙනවා. එහි වැඩ කරපු කාලෙ බොහොම සුන්දර අත්දැකීම් ලැබුණා සහ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හොඳ ඔවදන් ලැබුණා. පුංචි තිරයෙ රංගනයෙ වගේ නෙමෙයි මෙහිදී ඊට වඩා වෙනස් අත්දැකීම් ගොඩක් ලැබුණා. ඒ වගේම ලෙස්ටර් සර් සහ සුමිත‍්‍රා මැඩම් ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් වගේම හරිම කාරුණිකයි. මට ගොඩක් උදව් කළා. ඒ වැඩ කළ කාලෙ හරිම ආදරෙන් හරිම ලෙංගතුකමෙන් වැඩ කළා. කවදාවත් අමතක නොවන සුන්දර කාල සීමාවක්.

මගේ විවාහ උත්සවය දවසත් ජීවිතේ සුවිශේෂී දවසක්. අපි දෙන්නට ලොකු ආශාවක් සහ බලාපොරොත්තුවක් තිබුණා. ලස්සන විවාහ උත්සවයක් ගන්න. අපි ඒ වෙනුවෙන් ගොඩක් කැපවීම් කළා. එය අපි නම් කළේ සහශ‍්‍රයේ මංගල්‍යය කියලා. 2014 මැයි 16 අපේ විවාහ උත්සවය පැවැත්වුණේ, සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ. ඒ දවස හරිම ලස්සන දවසක් වුණා. ක්ෂේත‍්‍රයේ දැවැන්තයො ගොඩක් උදව් කළා විවාහ උත්සවය සාර්ථක කරගන්න. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා විවාහයට අත්සන් කළේ. දෙමව්පියන්ගෙ, නෑදෑයන්ගෙ, රසික රසිකාවියන්ගෙ ආශිර්වාදය ගොඩක් ලැබුණා. ඒ ආශිර්වාද මැද 2014 මැයි 16 ලස්සන විවාහ උත්සවයක් ගන්න අපට පුලූවන් වුණා. ඒ දවසත් මට ජීවිතේ අමරණීයම දවසක්.

මගෙ බබා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවස ජීවිතේ ගොඩක් සතුටු වුණ දවසක්. ඒ තමයි මුල්ම වරට අම්මා කෙනෙක් වෙනවා කියලා දැනගත්තු දවස. අපි කුඩා අවධිය, යෞවනය, තාරුණ්‍යය පසු කරගෙන ඇවිල්ලා විවාහ වුණාට පසුව ඊළඟ බලාපොරොත්තුව තමයි දරුවෙක් ලැබීම. ඉතින් ඒ ලස්සන බලාපොරොත්තුව මල් ඵල ගැන්වුණා කියන ඒ දවස පුදුමාකාර හැඟීමක් ජනිත කරවපු දවසක් වුණා. එය පුදුමාකාර විදියට හිතින් වින්දා. හැමෝගෙම ආදරයට, ගෞරවයට ප‍්‍රසාදයට පාත‍්‍ර වුණා. සැමියගෙන් වගේම පවුලෙ හිතවතුන් සහ හැම කෙනෙක්ගෙන්ම වෙනදා නොතිබුණ ආදරයක්, ගෞරවයක් ලැබෙන්න පටන් ගත්තා. ඒක වෙනස්ම විදියෙ දෙයක්. පෙම්වතියක්, බිරිඳක් වගේ නෙමෙයි තවත් ආදරයක් ඒකට එකතු වුණා. එදා මම ජීවිතේ කවදාවත් නොලබපු මිහිරි සතුටක් වින්දා. ඒ සතුට වචන වලින් විස්තර කරන්න බැරි තරම්.

2016 පෙබරවාරි 13 මගේ පුංචි දුව ලැබුණු දවස ජීවිතේ ගොඩක්ම සතුටු වුණ දවසක්. දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසෙ ඉඳන්ම කුසට අත තියාගෙන මාස 9ක් හීන මැව්වා. බලාපොරොත්තු, හීන ගණන් කරන්න බැරි තරම්. අපි දැනගත්තා අපිට ලැබෙන්න ඉන්නෙ දුවෙක් කියලා. ඒ නිසා තවත් සංවේදී වුණා. කොහොම හරි දුව ලැබුණු දවසෙ හිතාගන්නවත් බෑ. ඒ තරමට සතුටක් හිතට දැනුණා. බබා ලැබෙන මොහොතෙ සැමියත් මගෙ ළඟ හිටියා. එක පාරටම අපේම කියලා කෙනෙක් අතට ආවා. ඒ මොහොතෙ ජීවිතෙ සම්පූර්ණ වුණා කියලා හිතුණා. මෙතෙක් ගෙනාපු ජීවිතේ අංගසම්පූර්ණ කළේ මගේ දුව. එයාගෙ නම සලන්‍යා සයුනදි මොරගොල්ල.

 

ධනූ විජේරත්න

 

sandalla

 

2016-05-06-ent-50



අදහස් (0)

'මලී' කියන්නෙ ජීවිතය සාර්ථක කරපු නාට්‍යයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 37 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 825 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1531 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1377 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 393 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 352 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38454 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 270 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 904 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site