බුලත්සිංහල ගෝවින්න,කෝන්හේන නිවසකට ඇතුළු වු කොල්ලකරුවකු කාන්තාවගේ (23) රන් මාලය කොල්ලකෑමට තැත් කරද්දී ඇය කෑ ගසන්නට වුයෙන් පිහියකින් ඇගේ බෙල්ල කපා පැන යන්නට තැත් කළහ.
එහි රැස් වු පිරිස ඔහු අල්ලා පොලීසියට භාර දී ඇත.
තුවාල ලැබු කාන්තාව ද ප්‍රදේශවාසින්ගේ පහරදීම නිසා තුවාල ලැබු සැකකරු ද රෝහලට ඇතුළු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් මහත්තයෝ, ඔයා හරි (නි)
මේ සමන්ගේ අදහස සමඟ එකඟ වෙන්න අමාරුයි . කුඩා කලදී ආදරය සෙනෙහස අහිමි වීම නිසි මඟ පෙන්න්නට කෙනෙකු නොමැති වීම තමයි මේකට මුලික හේතුව. හැබැයි දැන් ප්‍රමාද වැඩියි. සෙසු ජනයාගේ ආරක්ෂාව තකා සිරගත කල යුතුයි. (ස)
සීතා, ඔයාගේ කතාව ඇත්ත.වතුවල වැඩ කරන්න මිනිස්සු හොයන්න අමාරු තමා. ඉතින් ඔයා පටන් ගන්නකො වතුවල වැඩ කරන්න. එතකොට එක් කෙනෙක් හරි වැඩි වෙනවනේ. (ස)
දරුවන් අහිමි දෙමව්පියන් හට රජයෙන් කිසියම් මුදලක් මාසිකව ගෙවිය යුතුයි. නාස්තිය අවම කල යුතුයි. (ස)
මෙයා ජීවිත වලට තර්ජනයක් නිසා සිර ගත කල යුතුයි. හැබැයි මේකේ දෙපැත්තක් තියනවා. අපේ ගෙවල් ලඟ පවුලක් හිටියා. දරුවෝ දෙන්න කුඩා වයසේදී තාත්ත නැති උනා. තාත්තා දරුවෝ දෙන්නට පණ වගේ ආදරෙයි. දරුවන්ට නිසි ලෙස උගන්නන්න අම්මට සල්ලි තිබුනේ නැහැ කුඩා වයසේදී දරුවෝ පාසල් ගමන නැවතුනා. අධ්‍යාපනයක් නැති මේ පිරිමි දරුවාව ගමේ නොහොබිනා මිනිස්සු ප්‍රයෝජන ගන්න පටන් ගත්තා. මම උපරිම උත්සහ කළා මෙයාව යහ මගට ගන්න .ගෙදර ගෙනල්ල ඉගැන්නුවා.අපිත් ලොකු සල්ලි කාරයෝ නෙමෙයි .අනික මමත් පොඩියි රස්සාවක් කරපු වයසක් නෙමෙයි. මේ දරුවා නරක ආශ්‍රය නිසා කුඩු බොන්නත් ඊට පස්සේ මාල කඩන්නත් ගිහින් දැන් හිරේ . තාත්ත හිටියනම් පපුව පැලෙයි. සමාජයේ මේ අයව අපි අනුකම්පාවෙන් නිවැරදි මාර්ගයට ගන්න ඕනේ. (ස)
මෙයටත් ටිකක් ගැඹුර ගඟක් බලන්න ආස හිතිලද දන්නේ නැහැ. මාංචු දම්මලින් පස්සෙ ගඟ ගැඹුර වෙන්න ඕනේ නැහැ. මල්ලි මොකද හැමදාම පත්තරේ බලනවද? (ස)
සීතා මන් ආවා !! පඩිය කීයද ඔයාගේ වත්ත බලාගන්න ? (නදී)
සමන්ගේ අම්මට හරි සහෝදරියෙකුට හරි මේ දේ වුනා නම් ඔහොම ලියන එකක් නැහැ. ඒ කාන්තාව කොච්චර බයෙන් ඉන්න ඇත්ද? මට වත්තේ වැඩට ගෙදෙර වැඩට කෙනෙක්ව හොයා ගන්න අමාරුයි. අද මිනිස්සුන්ට ඕන ලොකු මුදල් ලබාගන්න වැඩක් නොකොර. සිගරට් වලටයි මත්පැන් පානයටයි කුඩු වලටයි රේස් දමන්න ලැබෙන සල්ලි මදි. (නදී)
සමන්, මටත් ආර්ථික විෂමතාව නිසා හරි අමාරුයි.ඔයාගේ බෙල්ල කපලා මාලේ කඩා ගන්නද? (නි)
ඔය වගේ අයට රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ (නි)
සමන්, මේ අනවශ්‍ය දේවල් නේද ඔයා ප්‍රකාශ කරන්නේ? (නි)
හොර ඇල්ලුවට මාලේ නම් මේ කපේදී ලැබෙන්නේ නැහැ (නි)
දැන් ගෙවල් වලවත් ඉන්න බැහැනේ. හැම ගමකම අසල්වාසී කණ්ඩායමක් හදලා හොඳින් පෙර හුරු කරලා පුහුණු කරන්න ඕනෑ,ගමට හොරෙක් අාවොත් කට්ටියම කැති පොලු මුගුරු අරන් දුවගෙන එන්න. එතකොට හොරු බය වෙනවා. (නි)
අපේ මාම කෙනෙකුට උන දෙයක්- 1999 වසරේදී එයාගේ නැන්දම්මාගේ (44) අනියම් පෙම්වතා (23) සමඟ ගෙදර හොරෙන් ඉදල මාමල මගුල් ගෙදරක ගිය දවසක රාත්‍රියක එහෙත් එයාල ඉක්මනිම නැවත ඇවිල්ලා.පෙම්වතාට එලියට යන්න බැරිවෙලා හැංගිලා ඉන්දෙද්දී මාමා හොරෙක් කියා මාම තඩිබාල අසල්වසියොත් වැඩේට එකතුවෙලා.පෙම්වතා අසාධ්‍ය උන නිසා මාම ඇතුළු කිහිප දෙනෙකුට රිමාන්ඩ් ඉන්න වන්දී ගෙවන්න සිදුවුනා.පසුව තමා අර කතා එලියට ආවේ.නැන්දම්මා ගමෙන් ගියා.පෙම්වතා ගමේ ගිහින් විවාහ උනා.මාම නිවාස විකුණා දමා කුලී ගෙවල්වල ඉන්නවද සිදුවුනා.අර ආච්චි ගැබ්ගෙල පිළිකාවෙන් පීඩාවිද කලකට පෙර මිය ගියා. (ස)
ගමේ වැසියන්ට තිබුනේ හොරාගෙත් බෙල්ල කපන්නයි. (ස)
නයින්ට කිරි පොවනවට වැඩිය හොදයි විනාශම කරලා දැම්මහම (නි)
මෙයාවත් ඔන්න ඔහේ හංගපු ආයුධ පෙන්වන්න කියලා එක්කගෙන යන්න. (නි)
අදහස් ප්‍රකාශ කරන දෙගොල්ලම නිවැරදියි. (නි)
සමන් මහත්තයාද මන්දා තමයි ගැට කපන්නන් සංගමයේ ලොක්කා? (නි)
සමන් හරි. මේ වගේ පොඩි හොරු විතරක් අල්ලන්නේ ඇයි?ඇයි ලොකු ලොකු දේශපාලුවෝ අපේ ගෙට නොපැනම අපේ බෙලි අපටත් හොරෙන් කපලා කොමිස් කුට්ටි ගණන් ගහනකොට ඔය හොරු අල්ලන ජනතාව නොදැක්කා සේ ඉන්නේ? (නි)
හොරාට තඩි බාලා පොලිසියට බාරදුන්න පිරිසට පොලිස්සියේ කුඩුවේ ඉන්න වේවිද දන්නෙත් නැහැ (නි)
සමන් මහත්තයා, පොළොවට පය ගහලද ඉන්නේ?මේවට අරාබි නීති ගෙනා ආ යුතුයි (නි)
සමන්, ඔබතුමාගේ නිවසේ මෙවැනි හොරකමක් සිදුවුණොත් ඔබ හොරාට සමාව දෙනවද? නැත්නම් ඔලුව අතගාලා යවනවද? (නි)
සමන්, එතකොට ඔයාගේ ගෙදරට ඇවිල්ලා ඔයාගේ අම්මාගේ හරි,නංගිගේ හරි බෙල්ල කපලා මාල වළලු හොරකම් කළොත් ඔයා, නැති බැරිකමටනේ,ආර්ථික විෂමතාවය නිසානේ මෙහෙම කරන්නේ කියලා ඔයාගේ නෝනව ඉස්සරහට ගෙනල්ලා, ආ..මෙයාගෙත් බෙල්ල කපාගෙන මාලේ ගන්න මල්ලි කියලා කියනවද? (නි)
ඇයි එහෙම කියන්නේ? එයාගේ නැති බැරිකම නිසානේ මෙහෙම කරන්නේ. ආර්ථික විෂමතාවය නිසා මෙහෙම වෙන්නේ. (නි)
මොහුගෙත් බෙල්ල කපන්නයි තිබුනේ. (ස)
පොලිසියට නෙමේ බාරදෙන්න තිබුනේ වැවක් ලඟට ගෙනිහිල්ල තල්ලු කරන්නයි තිබුනේ. ඊට පස්සේ කියන්න ඕනේ බේරෙන්න යනකොට දියේ ගිලුනා කියලා.(නදී)
කොල්ලනෙ බලාගෙන ගහපු මිනිස්සුන්ව පොලිසිය හොයයි. මම එහෙම පරිප්පුවක් කෑවා. (ස)