කණ්ඩලම තෙන්නකොන් විද්‍යාලයේ ගුරුවරයකු ලෙස මුල්ම පත්වීම ලබා වසර 42 ක් උප විදුහල්පතිවරයකු හා විදුහල්පති ලෙස සේවය කළ කේ ජී ගුණදාස මහතා විශ්‍රාම යන දිනයේදී ඔහුගේම ශිෂ්‍යකු වු එම විදුහලේම උප විදුහල්පති වු කණ්ඩලමේ දීපරතන හිමියෝ එහි විදුහල්පති පදවිය භාර ගත්හ.
මේ ගුරු ගෝල හමුව කාගේත් ඇසට කඳුළු ගෙන ආවේය.
විද්‍යාලයේ හා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මහත් කැපවීමෙන් සේවය කළ ගුණදාස මහතාගේ විශ්‍රාම ගැනීමේදී පාසල් දරුවන් හා මා පියන් ඔහු කළ මෙහෙය අගයා පාසලේ උත්සවයක් සංවිධානය කැර තිබිණී.
ගුණදාස මහතා ගුරු සේවයට එක් වී ඇත්තේ 1972 වර්ෂයේ දී වයස අවරුදු 19 දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශවත් විදුහල්පතිතුමෙක්.(නදී)
ඔබෙන් ශිල්ප ලබා ගත්තෙමු මෙම උපහාර උළෙලට පැමිණීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි. ඔබට දීඝායු ගුරු පියාණනි. (දිල්)
ඔබට දීර්ඝායු වේවා!(අ)
කිසිම දේශපලනයෙක්ව ගාව නොගාගත් උපහාර උත්සවයක් බව පේනවා. අනේ මේ වගේ අනෙක් මිනිසුන්න්ටත් පුලුවන්නම් මේ දෙය ආදර්ශයට ගන්න එතකොට ඔවුන්ව තැබිය යුතු තැන තැබීමෙන් ශිලාචරවත් දේශපාලනයක් බිහිවේවි.(නදී)
කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජිවත් වෙන්නකෝ.(නදී)
අවුරුදු 19 ක් ගුරු සේවයට ආවේ උපාධි අරගෙන නෙවේ නේද? ඒත් මොනතරම් සේවයක් එතුමන්ලාගෙන් උනාද අද උපාධියට හම්බවෙන රස්සාවක් විදියට තමා බොහෝ දෙනෙක් ගුරුසේවයට එන්නේ. එනිසා තමා අද අධ්‍යාපනයේ මේ තරම් ගැටළු. ගුරු පියාණෙනි ඔබට දිගායු.(නදී)
අන්තිම පිංතූරෙ ඉන්නෙ තෙන්නකෝන් විද්‍යාලයේ හිටපු විදුහල්පති වරයෙකුවන අප්පුහාමි මහත්තයයි නෝනයි. මේ දෙන්නත් විදුහලට උපරිම සේවයක් ලබාදුන්න. මං හිතන්නෙ ඒකාලෙ උප ගුරුවරයෙක්ව හිටිය ගුණදාස මහත්තයාගෙ රෝල් මොඩ්ල් එක වෙන්න ඇත්තෙ අප්පුහාමි මහත්තයා කියලයි. (නදී)
අදාල නැති උනත් නොදන්නා කමට අහන්නේ නිවන්(නිර්වාන) සම්පත්තිය ප්‍රර්ථනා කරන්න කෙනෙක් මියයායුතුමද? (නදී)
ලයනල් .ගාගත්ත නේද හත්පොලේ ?. (නදී)
ඔබතුමා හොඳ ගුරුවරයකුව සිටි බව පෙනෙනවා. ඒ නිසා අප පැතුවත් නැතත්, ඔබට බොහෝ පින්! ඔබතුමාගේ විශ්‍රාමික දිවිය නිවන් සැප ලැබෙන ප්‍රතිපදාවට උපකාරයක් වේවා! මේ "ලයනල් වැරදියි" කියන කට්ටිය හිතාගෙන ඉන්නේ නිවන මරණින් මතු ලැබෙන එකක් කියල වගෙයි. මගේ හිතේ එයාල බෞද්ධ අය නොවෙයි. නිවන යනු මරණයට පෙර සාක්ෂාත් කරගත යුතු දෙයකි. මරණයට පෙර සෝතාපන්න වීම නියම බෞද්ධයාගේ පරම අභිලාශය විය යුතුයි. අනාගාමිව මිය ගියහොත් නම් මරණින් මතු බඹ ලොවදී නිවන පසක් වේ.(නදී)
අශෝක, ලයනල්ගේ සිංහල භාෂාව ගැන කනගාටු වෙන අතරේ එයාටමද දීර්ඝායුෂ පතන්නෙත්!! විදුහල්පති තුමා පැත්තක!! (නදී)
ලයනල් ලියන්නේ අපායේ ඉඳන්? ගණන් ගන්න එපා යම පල්ලා.(නදී)
ලයනල්ගේ සිංහල භාෂා දැනුම ගැන මට කණගාටුයි. එතුමාට දීර්ඝායු වේවා! (නදී)
පළාතේ ජනතාව ඔබ කල සේවයට කෘතගුණ සැලකීමෙන් දීල තියන සහතිකය ලොවට පුළුවන් හදුනාගන්න ඔබ කළ සේවයේ ආදීනව. ඇස්පියන් හැර ලොව දෙස දෙනෙතින් බලා මනසින් තීරනගෙන කටයුතු කරන්න. නුඹ වැනි ගුරු පියෙකුට මුළුමහත් ජාතියේම ගෞරවය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි.(නදී)
ලයනල් ඔබ වැරදියි. මෙතුමාට ඉතාම හොඳ විශ්‍රාම ජීවිතයක් ප්‍රර්ථනා කරනවා.(නදී)
ගුරු දෙවිවරු.(නදී)
ගෞරවනීය සේවයට දීර්ඝායු වේවා. (නදී)
දීපරතන හිමියනි, ඔබ වහන්සේට ඇති විශාල වග කීම ඔබ වහන්සේගේ ගුරුවරයා කලාක් මෙන් කරගෙන යන්න. ඔබ දෙපලතත් , සිසු දරුවන්ටත්, දෙමව් පියන්ටත් ත්‍රිවිද රත්නයේ පිහිටයි.(නදී)
1976 දී මට විද්‍යා/ගණිත ගුරුපත්වීමක් ලැබිල තෙන්නකෝන් විද්‍යාලයට යනකොටත් ගුණදාස මහත්තයා පරිණත වි/ගණිත ගුරුවරයෙක්. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ෆ්ලයින් ස්කොඩ් එකෙන් ඇවිල්ල කරපු පරීක්ෂාවෙදි එතුමා තමයි හොදම ගුරුවරයා විධියට නම් කෙරුනෙ. මට එතුමා ආශ්‍රය කරන්න ලැබුනෙ මාස 10ක් විතර කෙටි කාලයක්. අද තමයි මං එතුමාගේ පිංතූරයවත් දැක්කෙ අවුරුදු 38කට පස්සෙ. එතුමා එදාට වඩා අද කඩවසම් කියලයි මට පෙනෙන්නෙ. (නදී)
ලොවේ ඇති විශිෂ්ටම සේවය ගුරු සේවයයි !(නදී)
ඔබ වැනි විරල වියතුන් අප අතර ඇත්තේ අතලොස්සකි, දයාබර විදුහල්පතිතුමනි ඔබට චිරං ජයතු,(නදී)
විදුහල්පතිතුමනි, ඔබට දීර්ඝායු වේවා! (නදී)
ඡායාරූපයෙන් හරි දැකීම සතුටක්. (නදී)
ගුරුතුමණනි , ඔබට නිවන්සුව පතමි.(නදී)
මාගේ උත්තමාචාරය .(නදී)
ඒවුනාට දැන් ඉතින් ස්කොලේ ඉස්සර වගේ දියුණු වෙන්නේ නැතුව ඇති. (නදී)
මගෙත් දැන් මේ ගානටම කෙස් පැහිලා. මාත් ගුරු සේවයේ දිගටම හිටියා නම් මේ වන විට විශ්‍රාම ගිහිල්ලා. ඇත්තෙන්ම ගුරු සේවය මොන තරම් සුන්දර අත්දැකීමක්ද. ගෝලයෝ ඉහල තැන්වල ඉන්නවා දකිනකොට දැනෙන්නේ පුදුම සතුටක්. (නදී)
අනිත් විදුහල්පතිවරුන්ට මෙයා ආදර්ශයක්.(නදී)
ආදර්ශමත් දෙයක්. (නදී)