IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘මිල වැඩිකළොත් ලොතරැයි අලෙවිය නවත්වනවා‘

ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත් කර නොගතහොත් ජනවාරි 1 වැනිදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමයේ කැඳවුම්කරු පී.මුණිගොඩ මහතා අද (29) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් තවත් විරෝධතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තම සංගමය සූදානමින් සිටින බවද ඔහු කීය.

 



අදහස් (0)

‘මිල වැඩිකළොත් ලොතරැයි අලෙවිය නවත්වනවා‘

සුනිල් Thursday, 29 December 2016 02:24 PM

10, 20 කරනකොට කවුද විරුද්ධ වුනේ? දැන් 20, 30 කළාම මොකටද විරුද්ධ වෙන්නේ? (බ)

:       0       0

පෙරේරා Thursday, 29 December 2016 03:47 PM

ආණ්ඩුවට සල්ලි නැති නිසා නොයෙක් ගැට ගහනවා වගෙයි (නි)

:       0       0

ලලිත් Thursday, 29 December 2016 04:05 PM

හැමෝම වැඩ නවත්වන එකේ අපි මොකටද නිකම් ඉන්නේ කියලා හිතෙන්න ඇති. ඔය විදියට ගියාම, බෙහෙත් ගණන් වැඩි කළාම ෆාමසිකාරයෝ වර්ජනය කරයි, හාල් මිල වැඩිවුණාම හාල් මුදලාලිලා බත් කඩකාරයෝ වර්ජනය කරයි, ගුවන් ගමන් ටිකට් වැඩිවුණාම ට්‍රැවල් ඒජන්ට්ලා වර්ජනය කරයි, ඩොලර් එක ගණන් වැඩිවුණාම කවුද වර්ජනය කරන්නේ, බැංකුද? මිල වැඩි කරන අයත් මෝඩයි. වැඩි ගණනට අලුත් ලොතරැයියක් හඳුන්වලා දීල පස්සේ හෙමීට පරණ ලොතරැයිය දියවෙන්න අැරියා නම් ඉවරයිනේ (නි)

:       0       0

කරූ-කලුතර Thursday, 29 December 2016 04:17 PM

මෙයාලා දන්නවා 30 කළොත් මිනිස්සු ලොතරැයි නොගන්නා බව (නි)

:       0       0

නුවන් Thursday, 29 December 2016 06:17 AM

කොහොමත් මේ ආණ්ඩුව දන්නේ බදු ගහන්න සහ බඩු වල මිල වැඩි කරන්න විතරනේ. අපිත් ඡන්දෙ දුන්නා වෙනසක් කරන්න. නමුත් කරපු වෙනසක් නැහැ (නි)

:       0       0

ලලිත් Thursday, 29 December 2016 06:22 AM

මේ ආණ්ඩුව මහජනතාව හූරාගෙන කන්නනේ හදන්නේ. (නි)

:       0       0

සහන් Thursday, 29 December 2016 06:30 AM

අපිට මොකද, නවත්තන්න. පාරක යන්න නැහැ පස්සේ එනවා ටිකට් පොල්ල එල්ලාගෙන. බලෙන් විකුණන්න හදන්නේ. පේමන්ට් එක අල්ලාගෙන ටකරන් කූඩු ගහගෙන මිනිහෙකුට යන්න නැහැ. වෙන දෙයක් තියා රාජ්‍ය ආයතන පිරි බත්තරමුල්ලේත් පේමන්ට් උඩ ලොතරැයි කඩ (නි)

:       0       0

තුසිත Thursday, 29 December 2016 06:31 AM

ශ්‍රී ලංකාවේ ලොකුම ගැටලුව ලොතරැයි මිල වැඩිවීමද? (නි)

:       0       0

සහන් Thursday, 29 December 2016 06:32 AM

ටිකට් ගන්නන්ද ටිකට් විකුණන්නන්ද සැමදාම එකම තැනය (නි)

:       0       0

ජනිත Thursday, 29 December 2016 06:43 AM

මිනිසුන් ගසා කන ක්‍රම දෙකක් තියනවා. එකක් නිත්‍යනුකුලව, අනෙක් බලෙන්. මේ දෙකම එකයි. ලොතරැයිය කියන්නේ මිනිසුන්ව නැති කරන එකක්. ලොතරැයි දිනුව කියල හැදිච්චි මිනිහෙක් ඉන්නවද කියල දන්නේ නැහැ. රටේම ඉන්න අය එක දවසක් ඔය කියන ලොතරැයි ගත්තේ නැත්නම් මොකද වෙන්නේ කියල දන්නවද.රුපියලට දෙකට තිබිච්ච ලොතරැයිය දැන් රුපියල් 30 ක් වුනහම මිනිහගේ හෙට දින රජෙක් වීම ඉබේම නැතිව යනවා නේද? මේකත් එක්තරා බද්දක් තමයි. (බ)

:       0       0

ඩී. ජයදේව Thursday, 29 December 2016 06:56 AM

නවත්තන එකනේ තියෙන්නේ. ඕකත් බස් ත්‍රිරෝද වර්ජනේ වගේ විහිළුවක්. ගන්න මිනිස්සුන්ට ගාන ප්‍රශ්නයක් නැත්නම් විකුණන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ මොකක්ද (බ)

:       0       0

ඉරුනික Thursday, 29 December 2016 07:23 AM

මේක නම් මහා පුදුමාකාර ආණ්ඩුවක්. පොරොන්දු කිසිවක් ඉටුකරලා නැහැ (නි)

:       0       0

සුනිල් Thursday, 29 December 2016 07:26 AM

බොරු කයිවාරුවක්. තමන්ට ලැබෙන කීයහරි නැතිකරගන්න ලොතරැයි අළෙවිකරුවෝ කැමති වෙයිද? (නි)

:       0       0

ලක්මාල් Thursday, 29 December 2016 07:29 AM

සහන්, ඔයා මිනිසුන්ට රැකියා දෙනවද? (නි)

:       0       0

අසංග Thursday, 29 December 2016 07:32 AM

දැන් රටේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීතියනේ තියෙන්නේ. (නි)

:       0       0

චන්දිම Thursday, 29 December 2016 07:57 AM

ඉතින් අපිට මොකද? ටිකට් විකුණුවොත් ලාභය එයාලටනේ. මොකද එයාලගෙන් ලාබෙන් කොටසක් අපිට දෙනවද? නැහැනේ (නි)

:       0       0

සේරා Thursday, 29 December 2016 08:06 AM

ලක්මාල්, ලොතරැයි කියන්නේ ඵලදායක ආර්ථික කටයුත්තක් නොවේ. එ්කෙන් කරන්නේ මුදල් විතැන් කරන එක පමණි. ඵළදායක නොවන ආර්ථික කටයුතුවල කී දෙනෙක් සේවය කළත් එ්කෙන් රටට ඵලදාවක් උපදින්නේ නැත. කාලය, ධනය, ශ්‍රමය නාස්ති වෙනවා පමණි. ලෝකේ ගොඩක් රටවල ලොතරැයි තහනම්. (නි)

:       0       0

අංගොඩ ලාල් Thursday, 29 December 2016 08:07 AM

ලොතරැයි විකිණීමට බාධා ඇතිවුණොත් විශාල පාඩුවක් වෙනවා රටට. ලොතරැයි මිලදී ගැනීමේදී බොහෝ දෙනා නොදැනුවත්ව කරන දෙයක් තමයි රටේ ඉතාම වැදගත් කාර්යයන් සඳහා තමන්ගේ මුල්‍ය දායක්ත්වයක් ලබාදීම. අපේ රටේ විශ්ව විද්‍යාල වල ඉන්න දුප්පත් දරුවන් වෙනුවෙන් තියෙන මහපොළ ශිෂ්‍යත්ව අරමුදලටත් බොහෝ දෙනාගේ ශල්‍යකර්ම වලට උදව් කරන ජනාධිපති අරමුදලටත් ප්‍රතිපාදන ලැබෙන්නේ ලොතරැයි මණ්ඩලයෙන් බව හුඟාක් අය නොදන්නා බව තමයි පේන්නේ මේකේ තියෙන සමහර අදහස් ගැන බැලුවම. හැමදේටම විවේචන ලියන අය මතක තබාගතයුතු දේ තමයි නරකයි කියලා පේන හුඟාක් දේ පිටිපස්සේ ගොඩාක් හොඳදේත් තියෙනවා කියන එක (නි)

:       0       0

ශෂිනි උමේෂා Thursday, 29 December 2016 08:24 AM

අංගොඩ ලාල් හරි.අපේ රටේ මිනිස්සු කිසිම දෙයක් හොයා නොබලා ලොතරැයි මණ්ඩලේට බනින අපූරුව කිසි දෙයක් නොදන්න අය ගානට (බ)

:       0       0

කමල් Thursday, 29 December 2016 08:34 AM

ලොතරැයි මිළදී නොගෙන හිටියා නම් හරි. මිල ඉබේම බහීවි (නි)

:       0       0

මෙන්ඩිස් Thursday, 29 December 2016 09:30 AM

මේක බදු නොගෙවන්නන්ගෙන් බදු ලබාගන්න ක්‍රමයක්. ලෝකය වෙනස් වෙද්දී ටිකට් එකේ මිල වෙනස්වෙන එක අහන්න දෙයක් නැහැ. (නි)

:       0       0

හිමාල් Thursday, 29 December 2016 10:35 AM

ඔය ලොත‍රැයිය මුලින්ම රුපියල් 20ට වැඩි කළේ මෙයාලා වැඩි කොමිස් ඉල්ලපු නිසා. මෙයාලා විකුණන්න බෑ කියනවා නම් මෙයාලගේ නියෝජිතකම් අහෝසි කරන්න.ලොත‍රැයි කියන්නෙ සූදුවක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 151 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 995 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 539 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3400 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2531 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4532 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site