IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


'මලී' හා 'අත්තම්මාට' පසුව එන මලී 03 'සිඳු'

2016-08-11-ent-38
 

දෙරණ රූපවාහිනී නාළිකාවේ විකාශය වූ "මලී 01" හා "මලී 02" ප්‍රේක්ෂකයන් අතර ඉහළ ජනප්‍රසාදය දිනාගත් ටෙලි නිර්මාණ බවට පත්විය. එහි තෙවැනි කතා මාලාව "සිඳු" නමින් අගෝස්තු 08 වැනි දින සිට රාත්‍රී 7.30ට ටී.වී. දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වෙයි. එහි තිර රචකයා වන්නේ සමන් එදිරිමුණිය. මේ කතාබහ ඔහු සමගය.

 

"සිඳු" ටෙලි නාට්‍ය ගැන කතා කරමු?

2016-08-11-ent-39දෙරණ නාළිකාවේ "මලී" කියන නාට්‍ය විකාශය වුණා. පසුව එහි දෙවැනි කොටස ලෙස "අත්තම්මා" විකාශය වුණා. එහි තුන්වැනි කොටස ලෙස තමයි මෙම නාට්‍යය රචනා වෙන්නේ. මෙය මලී තුන්වැනි කොටස. මේ ටෙලිනාට්‍ය "සිඳු" ලෙස නම්කරලා තියෙනවා.

 

"සිඳු" තුළ අන්තර්ගත වෙන්නේ?

ලංකාවේ ඥාතීත්වයක් තිබෙන එංගලන්තයේ ඉපදුණ ළමයෙක් ගැන කතා කරනවා. ඔහුගේ සීයා සහ ආච්චි ඉන්නේ ලංකාවේ. ඒ ළමයා ලංකාවට එන්නේ ආච්චි ගැන දැනගෙන ආච්චිගේ සොහොන බලන්න. ආච්චි කියන්නේ "මලී 02" නාට්‍ය‘යෙහි සිටි "අත්තම්මා". ඇයට ගුරුකම් කරන්න පුළුවන්. එමෙන්ම මේ "සිඳු" කියන දරුවටත් පරම්පරාවෙන් උරුමවෙන විශේෂ බලයක් තිබෙනවා. ආච්චිගේ තරහකාරයෙක් වෙන උක්කුවා කියන පුද්ගලයා එම බලය තමන් සතු කරගන්න කටයුතු කරනවා.

 

අත්තම්මාගෙන් මිදිලා මෙවර ළමයෙක් තේමා කරගත් ටෙලිනාට්‍යයක් නිර්මාණය වෙන්නේ?

පසුගිය කාලය පුරාම ලංකාවේ ටෙලිනාට්‍යය ගතහොත් වැඩිහිටියන්ට නරඹන්නත් ගුණාත්මක ටෙලි නාට්‍යයක් තිබිලා නැහැ. එහෙම වෙන්න හේතුව අඩු වියදම් නිර්මාණ කිරීම. එවිට නිර්මාණයක තිබෙන නිර්මාණාත්මක ගුණය ඉස්මතු කරන්න බැහැ කියා බොහෝදෙනෙක් තර්ක කරනවා. ඒ හරහා ඉන්දියාවේ ටෙලිනාට්‍ය කලාවේ හැඩය අන්තර්ගත කර ආප්ප හදනවා වගේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරනවා. මෙහෙම ටෙලිනාට්‍ය නිෂ්පාදනය වෙන කාලෙක ටී.වී. දෙරණ නාළිකාවේ ලක්සිරි වික්‍රමගේ මහතා හා ජානක සිරිවර්ධන ආරාධනා කරනවා මෙම ටෙලිනාට්‍ය රචනා කරන්න. මෙය ළමයින් තේමා කරගත් ටෙලිනාට්‍යයක්. මම කැමැත්තෙන් හිටියා ළමයින් සඳහා නිර්මාණයක් කරන්න. මෑතකාලීනව දරුවන් සඳහා ටෙලි නාට්‍යයක් නිර්මාණය වුණේම නැති නිසා අපි ළමා කාලයේදී අත්විඳපු, අත්දැකපු දේවල් අපේ ළමා පරපුරට දැන් ලැබෙන්නේ නැහැ. පවතින තරගකාරී වටපිටාව ගමෙන් ඈත්වීම හා ශිෂ්‍යත්ව විභාගය නිසා ළමයින්ගේ හොඳම ළමා කාලය අධ්‍යාපනය වෙනුවෙන් ගතවෙනවා. ළමා කාලය මගහැරෙනවා. ඒ කාලෙ සුන්දරත්වය ටෙලිනාට්‍යයක් හරහාවත් ළමයින්ට පෙන්වන්න අවශ්‍යයි කියලා හිතුණා.

 

20160812Saman-1ළමයින්ව පාදක කර ගෙන බොහෝවිට සිදුවන්නේ වැඩිහිටි නිර්මාණ?

මගේ දරුවො දෙන්නත් බියක් සැකක් නැතුව රූපවාහිනිය ඉදිරිපිට තබා මෙම නිර්මාණ නැරඹීමට සැලැස්වීමේ උවමනාව තාත්තා කෙනෙක් විදිහට මටත් තියෙනවා. මට මෙය රචනා කරද්දී නිතරම මතක් වෙන්නේ මගේ ළමයි දෙදෙනාව. මගේ දරුවන් දෙදෙනා මෙම නාට්‍ය දෙස බැලුවහොත් ඔලුව අවුල් කරගනීද කියන ප්‍රශ්නය ගැන හිතනවා. මම තාත්තා කෙනෙක් ලෙස හිතලා තමයි මෙම නාට්‍ය රචනා කරන්නේ. වගකීමෙන් කියන්න පුළුවන් "සිඳු" ටෙලි නාට්‍යය විකාශය වන වෙලාවට ඕනෑම දරුවෙක්ට නරඹන්න ඉඩ ලබාදෙන්න. කිසිම විටක ළමයින්ට හානි වන ආකාරයේ දෙබසක්වත් මේ ටෙලිනාට්‍යයට ඇතුළත් කර නැහැ. දරුවන්ගේ සුරතල්කම් ළමා කාලේ දරුවන් තුළ තිබිය යුතු ගුණයහපත්කම්, බෞද්ධ හැදියාවන් කියන දේවල් තමයි පාදක කරගෙන තියෙන්නේ. පැහිච්ච කතා කියන ඒවා මේ නාට්‍ය‘යේ නැහැ. ළමයින්ට නොගැළපෙන වැඩිහිටි කතා ඔවුන් කියන්නේ නැහැ.

 

මෙයත් මෙගා නාට්‍ය නිර්මාණයක්?

සැලසුම්කර තිබෙන පරිදි අවම කොටස් දෙසීයක පමණ ප්‍රමාණයකට සීමා වෙයි. කෘත්‍රිම මෙගා නාට්‍යයක් නොකර උපරිමයට ස්වාභාවික ලෙස සත්‍ය සිදුවීම් තාත්වික සිදුවීම් ආශ්‍ර‘යෙන් ගොඩනැගෙනවා. ගැමි පරිසරයක රූගත කිරීම් කරන්නේ. මෙගා නාට්‍යය කලාවේ ගුණාත්මක බව ආරක්ෂා කරගන්න නිෂ්පාදක කණ්ඩායම උත්සාහකර තිබෙනවා.

 

දායක වෙන පිරිස ගැන මතක් කළොත්?

දෙරණ ටී.වී. ටෙලිනාට්‍ය අංශයේ ප්‍රධානී චරිත් කොතලාවලගේ දායකත්වයත් මතක් කළ යුතුයි. මූලික කතා තේමාව මට ඔවුන් විසින් ලබාදුන්නා. ඒ ඔස්සේ කතාව ගොඩනැගීම කළා. රචකයාගේ කාර්යයෙන් ඔහු රූප මාධ්‍ය‘යෙන් ප්‍රේක්ෂකයා නරඹන තැනට වෙනකම් වූ ක්‍රියාපටිපාටිය තුළ බොහෝ මිනිසුන් ප්‍රමාණයක් තිරය පිටුපස සිට ලොකු කැපකිරීමක් කරනවා. ඔවුන් සියලු දෙනාවත් මේ මොහොතේ මතක් කරනවා.

 

නිදුක් මධුෂික

 

2016-08-11-ent-40
2016-08-11-ent-70
2016-08-11-ent-69
2016-08-11-ent-68
2016-08-11-ent-67
2016-08-11-ent-66
2016-08-11-ent-65
2016-08-11-ent-64
2016-08-11-ent-63
2016-08-11-ent-62
2016-08-11-ent-61
2016-08-11-ent-60
2016-08-11-ent-59
2016-08-11-ent-58
2016-08-11-ent-57
2016-08-11-ent-56
2016-08-11-ent-55
2016-08-11-ent-54
2016-08-11-ent-53
2016-08-11-ent-52
2016-08-11-ent-51
2016-08-11-ent-50
2016-08-11-ent-49
2016-08-11-ent-48
2016-08-11-ent-47
2016-08-11-ent-46
2016-08-11-ent-45
2016-08-11-ent-44
2016-08-11-ent-43
2016-08-11-ent-42
2016-08-11-ent-41
 



අදහස් (0)

'මලී' හා 'අත්තම්මාට' පසුව එන මලී 03 'සිඳු'

යසන්ත Sunday, 11 September 2016 03:30 PM

මේ ලිපියට ස්තූතියි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 31 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 74 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 604 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 514 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 720 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 872 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site