IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මුලතිව් විනිසුරුගේ ඉල්ලා අස්වීම විදෙස් වෙබ් අඩවි මෙසේ කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සහ ශ්‍රී ලංකාවෙන් නික්ම යෑම මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුකරන බව ජුරිස්ට් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.

විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය බ්‍රහස්ත්පතින්දා අන්තර්ජාලයේ සංසරණය වූ බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. එහිදී මරණ තර්ජන සහ වෘත්තීය ජිවිතයට අධික පීඩනයක් එල්ල වීම හේතුවෙන් තමන් දරණ සියලුම විනිසුරු පදවි වලින් ඉල්ලා අස්වන බව අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ විනිසුරුවරයා සඳහන් කර තිබූ බව එම වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පසුගිය මාසයේ 21 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ඔහුගේ කාර්යාලයට තමා කැඳවා කුරුන්තූර්මලෙයි නඩුව සම්බන්ධයෙන් ලබා දී ඇති නියෝගය වෙනස් කරන ලෙස බලපෑම් කළ බව ටී.සරවනරාජා මහතා චෝදනා කර සිටි බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එසේම මහජන ආරක්ෂාව සම්බන්ධව හිටපු අමාත්‍යවරයකුගෙන් මෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වූවේ යැයිද ටී.සරවනරාජා මහතා සඳහන් කළ බව එම වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

ඔහුට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව අඩු කිරීමට නිලධාරීන් කටයුතු කළ බවත් බුද්ධි අංශ නිලධාරීන් නිරන්තරයෙන් ඔහුව නිරීක්ෂණයට ලක් කර බවත් ටී.සරවනරාජා මහතා වැඩි දුරටත් චෝදනා කළ බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

 



අදහස් (6)

මුලතිව් විනිසුරුගේ ඉල්ලා අස්වීම විදෙස් වෙබ් අඩවි මෙසේ කියයි

කිරිපුතා Sunday, 01 October 2023 08:00 PM

පේන විදිහට එයත් අර පුල්ලි තියෙන කෙනෙක්...!

:       0       0

C.K.Lankaputhra Sunday, 01 October 2023 08:07 PM

දැන් අපේ දේශපාලුවන්ට සහ ඔවුන්ගේ වටේ ඉන්න අයට හරි සනීප ඇති. කොහොමද ඉතින් මිනිසුන්ට සාධාරණය කියන එක ඉතුරු වෙන්නේ...? මේ රට කරවන අයට ලැජ්ජාව කියලා බින්දුවක් වත් නෑනේ... හැබැයි ඕනෑ දේකට කොමිෂන් පත් කරනවා. ඒ තමයි කරන ලොකුම වැඩේ...!

:       0       0

chinthaka Sunday, 01 October 2023 08:22 PM

ලෝකය පුරා හිඟමනේ ගිහින් ඉල්ලන්කන රට ආයෙත් ඉල්ලන් කාලා. නොදෝමකින් විතරක්... මේ අසික්කිත, නරි දේශපාලකයින්...

:       2       1

pakeer Sunday, 01 October 2023 10:22 PM

මහත්තයෝ මේක කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. පණ බේරගෙන මෙහෙන් යන්න. පුළුවන් නම් අහිංසක අපිවත් ගන්න. මේ රට ඕනෙම නැහැ. අපිට මේ රට අපේ නෙවෙයි, ඔවුන් කිව්වට මේක අපේ රට අපි රැකගන්න ඕනෙ කියලා. ඒ බොරු. මේක ඔවුන්ගේ රට... අපිට මේකෙ ඉඩක් නැහැ.

:       6       5

chandima Monday, 02 October 2023 04:08 AM

නඩුකාරයත් කැනඩාවට හරි, ඕස්ට්‍රේලියාවට හරි, නවසීලන්තයට හරි, ස්විට්සර්ලන්තයට හරි ... එහෙමත් නැතිනම් නෝර්වේ හරි යන්න වගේ... එහෙ කළින් ගිය නෑයෝ ඇති... දැන් ඉතින් ඔබතුමා බය නැතිව ඒ රටට හොඳ වෙන්න. තවත් අපේ රටට මඩ ගහන්නේ නැතිව..

:       5       8

fairoosMonday, 02 October 2023 04:37 PM

හොඳට තිබුණු රට තමයි එකතුවෙලා කෑවේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1657 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 741 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 248 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 349 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 157 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 106 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40001 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 227 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1302 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site