ඉතාලියෙ වාණිජ අගනගර වන මිලානෝ නුවරට ස්ථිර කොන්සියුලර් කාර්යාලයක් අවශ්‍ය බව උතුරු ඉතාලියෙ ජිවත්වන ශ්‍රි ලාංකිකයෝ පවසති. එමගින් කාලය ඉතුරු කර ගනිමින් අඩු වියදමකින් තානාපති කාර්යාල අශ්‍රිත ගැටළු විසදා ගත හැකි බව ඔවුහු කියති.
මේ පිළිබඳව එසෑණ සමග අදහස් දෑක්වු දේශපාලන පක්ෂ ක්‍රියාකාරිහු කිහිපදෙනෙක් මෙසේ පෑවසුහ. මිලානෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ක්‍රියාකාරි ශාඛාවේ සභාපති මිහිර පුංචිහේවා ,
ඇත්තෙන්ම ලබන වසරේ පැවැත්වෙන එක්ස් ෆෝ 2015 ලෝක වෙළද ප්‍රවර්ධන වැඩසටහනත් එක්ක මිලානෝ නුවරට ස්ථිර කොන්සියුලර් කාර්යාලයක් අවශයයි. ඒ වගෙම උතුරු ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින්ට ඒ මගින් විශාල සේවයක් ඉටු වෙනවා. පත්වන නිළධාරියා කවුරු හෝ වේවා දක්ෂ අවංක බුද්ධිමත් අයෙක් විය යුතුයි.
ලොම්බර්දියා මිලානෝ එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියෙ සභාපති ශර්ලි ජයමාන්න, කොන්සියුලර් කාර්යාලයක අවශ්‍යතා ගොඩාක් කල් ඉදලා අපිට තියෙනවා. ඉතාලියේඋතුරු පලාතේ තමයි වෑඩිපුරම ශ්‍රි ලාංකිකයො ජිවත් වෙන්නෙ. ඒ අයගේ අවශයතා ඉටුකරගන්න රෝමයට යන්න ඕන. ඒ සදහා අදික වියදමක් යනවා. කාලයත් වැයවෙනවා. මේ කොන්සියුලර් කාර්යාලය ලැබිය යුතුම දෙයක්.
ජනතා විමුක්ති පෙරමුණේ මිලානෝ නුවර කමිටු සාමාජික නිව්ටන් ජයලත්,
ඉතාම හොද දෙයක්. නමුත් පත්වෙන කොන්සියුලර් නිලධාරියා අවංක අයෙක් වෙන්න ඕනෑ. දේශපාලනයෙන් තොරව හැමෝටම පොදුවේ සේවය ලබා ගන්න පුළුවන් කොන්සියුලර් කාර්යාලයක් ස්තාපිත කළොත් අරමුණ ඉෂ්ට වෙවි.
නෑත්නම් කෙටි කාලයකදි විනාශ වෙලා යාවි. ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ඉතාලි කැදැවුම්කරු කුමාර අජිත් මහතා, දේශපාලන පක්ෂ ක්‍රියාකාරි සාමාජිකයෙක් විදියටත් මිලානෝ නුවර ජිවත්වන ශ්‍රි ලාංකිකයෙක් විදියටත් මම කියන්නේ අනිවාර්යෙන්ම මිලානෝ වලට ස්ථිර කොන්සියුලර් කාර්යාලයක් තිබිය යුතුයි.
මමත් මගේ ලියැවිලි වැඩ කරගන්න රොමයට ගියා. පුදුම දුකක් විදින්න ඔනේ. ප්‍රසිද්ධ වියාපාරික මෝදනා වසන්ත කිර්තිරත්න, මුළු ඉතාලියෙම වගේ ඉතාලියේ උතුරු පළාතේ ජිවත්වන ශ්‍රි ලාංකිකයෝ රට වෙනුවෙන් ගොඩාක් වෑඩ කරන අය. යුද්දේ කාලේ තමන්ගේ වියදමින් ජිනිවා ගියා.
කොටි ක්‍රියාකාරි නගරවලට ගිහින් උද්ඝෝෂණ කළා. ඔවුන් මේ හෑම දෙයක්ම කළේ තමන්ගේ රට වෙනුවෙන්. අන්න ඒ මිනිස්සුන්ට රජය කළගුණ ඉටු කරනවා නම් මිලානෝ නුවරට මේ කොන්සියුලර් කාර්යාලය ලබා දිය යුතුයි. මිලානෝ නුවර ජිවත්වන චින්තක චන්දන කුමාර, යුරෝ විස්සක් (රුපියල් 3600 )වගේ පොඩි මුදලක් දිලා තමන්ගේ ගමන් බලපත්‍රය අලුත් කර ගන්න කිලොමිටර් 650ක් මඟ ගෙවා රෝමයට යන්න ඕනේ.
නැතිනම් අතර මැදියකු සේවය ලබා ගන්න ඕනෑ. අතර මැදියෝ ගිහින් අතමිට මොලොලා කියක් හරි දිලා තමන්ගේ වැඩේ කර ගන්න නිසා තානාපති කාර්යාලයේ ඇතැම් නිලධාරිනුත් දුෂිතයෝ බවට පත් වෙලා.මම මේක වගකිමෙන් කියන්නේ. මේකට හොදම විසඳුම තමයි මිලානෝ නගරයට ස්ථිර කොන්සුලර් කාර්යාලයක් ලබා දෙන එක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දන, ඔයාලා වගේ අය ශ්‍රී ලාංකික අපිට බරක්. මේක ඕනේ මිලානෝ වලට විතරක් නෙමෙයි අනිත නගරවලටත් එක්කයි.(නදී)
අනේ ඉතින් තව මොන කතාද මිලානෝ නගරයෙන් දැනට වෙන සේවයත් නිදහසේ කරගන්න දෙන්නේ නැතිව තව මොන කාර්යාලද ? අනේ නන්දන , ඉතාලියේ පුරවැසි භාවය ගත්ත නම් ඇයි මේ සිංහල පත්තරේ කියවන්නේ ?ඉතාලි පත්තරේ කියෙව්වා නම් ඉවරයිනේ (අ)
ඉතාලියේ නැති බොරු තනතුරකුත් හදලා දේශපාලන කඩේ යන කෙනෙක් මිලානෝ වලට පනින්න කරන උප්පරවැට්ටියක්. අපරාදේ දුප්පතාගේ සල්ලි.(නදී)
අපෝ...මෙහි ඉන්න පාඨකයින් අදහසක් කියවලා හරියට තේරුම් ගන්නවත් දන්නේ නැහැනේ. මම අදහස් කලේ නාපොලි සහ කතානියා(පුංචි වෙන්නප්පුව) නගර වලට කලක් සීමා වෙලා හිටපු වෙන්නප්පු අයියලා දැන් දැන් මිලානෝ වලට එන්න පටන් අරන් කරන දේවල් මිසක් මිලානෝ කලක් වැදගත් ලෙස ජීවත් වූ, කලක සිටම ඉතාලි පුරවැසි භාවය ලබා සිටින බහුතරයක් කොළඹ,දකුණ සහ නුවර මහත්වරුන් ගැන නොවේ. (නදී)
විදේශ අමාත්‍යංශයේ ලඟදි සිදුවුන වෙනස්කම ප්‍රයෝජනයට ගෙන අලුත් වාහන සහ නිවාසයක් සහිතව මිලානෝ නගරයේ පදිංචිවන්නට අර රෝමේ ඉන්න 'අක්කා' දරන උත්සාහයක් වගෙයි පෙනෙන්නේ.(නදී)
කව්ද මේ නන්දන පනාගොඩ? හැම දෙයටම වෙන්නප්පුවක් අල්ලාගෙන තප්පුලනවා. පුරුවේ පිනකට ඉතාලියට පැන ගත්තට ඉතාලි සිතියමවත් හරියට දැකල නැහැ වගේ. මිලාන් නගරය අවට ඇති ප්‍රධාන නගරවල කොතරම් ලාංකිකයන් ප්‍රමාණයක් ජිවත්වෙනවද කියලවත් හිතන්නේ නැතිව "පනාගොඩ උම්බෑ කියනවා. (නදී)
මේක පිටුපස තිබෙන්නේ දේශපාලනයයි. සෑහෙන කලකපටන් මිලානෝවල ඉන්න දේහපාලකයෝ පසුපස දුවන කීපදෙනෙක් මේ වැඩේ කරගන්න වලිකනවා . තානාපතිකාර්යාලයට එක දේශපාලන පත්විම්වල අතුරුප්‍රථිපල තමා මේ.මේ ලියුමත් එවැන්නක් මිස වෙන මුකුත්නොවේ. (අ)
මේක පිටුපස තිබෙන්නේ දේශපාලනයයි. සෑහෙන කලකපටන් මිලානෝවල ඉන්න දේශපාලකයෝ පසුපස දුවන කීපදෙනෙක් මේ වැඩේ කරගන්න වලිකනවා . තානාපතිකාර්යාලයට එක දේශපාලන පත්විම්වල අතුරුප්‍රථිපල තමා මේ.මේ ලියුමත් එවැන්නක් මිස වෙන මුකුත්නොවේ.(අ)
මිනිසුනේ.... මඩ කාල ගිනිවතුර බිල හරි තමන් ඉන්න රටේ පුරවැසි බාවේ ගන්ට බලත්වා... ඊට පස්සේ යකාටවත් බය වෙන්ට ඕන නැහැ.ලංකාවේ ගරාවටිච්ච කාර්යාල ගානේ රස්තියාදුවෙන්ට, ලංකාවේ දෙශපාලක තක්කඩියන්ට බත්බලකන් කරන්ට උවමනා නෑ(අ)
පවතින ක්‍රමයට දර දිය ඇද මේ වනතුරු උළු කැඳ පොදක් හෝ නොලැබුන අයගෙන් මේ සඳහා ඉල්ලුම් පත් කැඳවනු ලැබේ. 8 පාස් වී ඇත්නම් අඩු වශයෙන් ප්‍රා .දේ.සභා මන්ත්‍රී වරයෙකුට සුළු අපරාධයක් සඳහා හෝ උදව් කර ඇත්නම් එය විශේෂ සුදුසු කමක් ලෙස සැළකේ. (නදී)
මේක ලංකාවනේ... ඒ නිසා බලාපොරොත්තු වෙන විදියට සේවයක් වෙයිද කියල සැකයි. කෙසේ වෙතත් වන්දිබට්ටයන්ට කරන රැකියා නිර්මාණය කිරීමක් නොවේවා...(අ)
හොඳින් අහගන්න: මිලානෝ වල සිටි සියලුම ලාංකිකයින් ඉතාලි පුරවැසි භාවය අරන් ඉවරයි. ඒ නිසා අපට ලංකාවේ කොන්සල් වරයකුගෙන් කර ගැනීමට කාර්යක් නොමැත. නාපොලි, කතානියා වැනි ප්‍රදේශ වල සිට මිලානෝ වල ඇති අධික මුල්‍ය වාසි තකා පැමිණ මෙහි සිටින වෙන්නප්පුවේ ශ්‍රී ලාංකිකයින්ට තම ගමන් බලපත්‍ර වල විවිධ දේවල් නිරවුල් කර ගැනීමට නම් කාර්යාල දහයක් දොළහක් පමණ මෙහි පිහිටුවීමට අවශ්‍ය බව මමද වගකීමෙන් සනාත කරමි. (නදී)
නන්දන පනාගොඩ කියල තියෙන්නේ මෝඩ කතාවක්. මෙහෙ ඉන්නේ වෙන්නාපුවේ අය විතරක් නෙවේ. පුන්නක්කුද කන්නේ නන්දන.(නදී)
නන්දන පනාගොඩ පිස්සෙක් .එච්චරයි කියන්ඩ තියෙන්නේ. (නදී)
බලන්න එහෙ ගිහිනුත් ලංකාවේ අය දේශපාලන පක්ෂ වලට කඩේ යන හැටි. අම්මප මේ මිනිස්සු මෙහෙ දාල යන්නේ ලංකාව හොද නැහැ ලංකාවේ දේශපාලකයෝ ලංකාව විනාශ කරලයි කියලා. හැබැයි එහෙ ගිහිනුත් කඩේ යන පුරුද්ද අත් හරින්ට බැහැ.(නදී)
හැමෝම කියනවා වගේ මේකෙන් හොදක් විය හැක වෙන රටක නම්... නමුත් මේක ලංකාවනේ. මේක තවත් ලංකාවේ පෝස්ටර් ගහන වන්දිබට්ටයක්ට කරන රැකියා නිර්මාණයක් විය හැක.(අ)
ළඟකදී මිලානෝ වලට සංක්‍රමණය වුන වෙන්නප්පු අයියලාගේ පාස්පෝට් වල ඇති 'මාරු වූ ඔලුවවල්' හදන්න නම් ලංකාවේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් ගෙන්විය යුතුය. (අ)
වසන්ත කීර්තිරත්නලා ගැන මේ කෑ ගහන මහත්වරුන් කලබල විය යුතු නැහැ. ඔහු මේ භූමියෙන් අවශ්‍ය ප්‍රයෝජනය ලබා ගෙන යුරෝපයේ මුල් පෙලේ පොහොසතකුගේ තත්ත්වයට පත්වී අවසන්. ඉතාලි පුරවැසියකු සහ වසන නගරයේ 'ගරු පුරවැසියකු' ලෙස නගරාධිපතිගෙන් පිදුම් ලද ඔහුට 'කොන්සලාත් කාර්යාලයකින්' කරවා ගන්නට වැඩක් නැත. (අ)
පනාගොඩ එහෙම කියන එක වැරදියි. මිලානෝ වලට කොන්සියුලර් කාර්යාලයක් අවශ්‍යතාවය හුඟ දෙනෙක්ට තියෙනවා.(නදී)
නන්දන පනාගොඩ මිලාන, ඔබ හරි. මේක පිටුපස කවුරුහරි ඉන්නවා. බළල් අත කාගේද? ඇතුලේ ඉන්න දේශපාලන නෝනා මිලානෝ වලට පනින්න කරන උප්පරවැට්ටියක්. මේ අය කඩේ යන්නේ වෙන කාටවත්. පරිස්සමින් කුරේ මහත්තයෝ.(නදී)
නනදන මහත්මයා ඉතාලි පුරවැසි බාවය ගත්බව ලෝකයට කියා පාන්න අවශ්‍ය නැහැ .ගත්තා නම් තමන්ගේ වැඩක් කරගෙන තමන්ගේ පාඩුවේ ඉන්න. මිලානෝ කියන්නේ ඔයාගේ අම්මගේ අප්පාගේ බූදලය නෙවෙයිනෙ. අනිත් අයටත් දියුණු වෙන්න පතන්න. ඉරිසියා කරන්න එපා. (නදී)
මේවා ඉල්ලන්නේ මිනිසුන්ට ආදරේටමද? (නදී)