මිලානෝ නුවර දී ශ්‍රි ලංකා සුබසාධන හා මරණාධාර ඉදිරියටම යන බවත් සුළු සාමාජික පිරිසකගෙන් ආරම්භ කළ සමිතියට මේ වන විට සාමාජිකයින් දෙසිය ද ඉක්මවා සිටිතියි සභාපති තිලක් නොනිස් මහතා කියයි. සමිතිය මෙයට වසර තුනකට පෙර මේ සමිතිය ඇරැඹිණි.
අපේ ගිණුම් ශේෂය යුරෝ 38000 ක් (රුපියල් 6916000). අපි යුරෝ 40000 ක (රුපියල් 7280000) සාමාජිකයින්ගේ අවශයතා වෙනුවෙන් මේ වසර තුන තුලදි ගෙවලා තියෙනවා. යුරෝ දහයක(රුපියල් 1820 ) සාමාජික මුදලක් විතරයි අපි මාස් පතා අයකරන්නේ.
සමාජිකයෙකුගේ පවුලේ මරණයක් වෙනුවෙන් අපි යුරෝ 1500 ක් (රුපියල් 273000 ) මුදලක් ලබා දෙනවා. ඉට අමතරව ශ්‍රි ලංකාවේ වෙනත් සුබසාධන කටයුතු වෙනුවෙන්ද අපි ඉදිරිපත් වෙලා තියෙනවා.
ඉතාලිය පුරාම අපේ සමිතිය ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හෑම දෙයක්ම ඉතාලි නිතියටත් විවස්තාවටත් අනුකුලවයි සිදු වෙන්නේ. පසුගියදා අපේ වසරේ ප්‍රගති සමාලොචන සුහද හමුව පෑවෑත්වුවා.
එහිදි අපේ සාමාජිකයින්ගේ දරු දෑරියන් 92 කට තෑගි දුන්නා. තානාපති බැකුරේ මහතාත් ස්කයිප් තාක්ෂණය හරහා රෝමයේ සිට අපිට සුබපැතුවා. ආගමික ආශිර්වාද ලබා දෙන්න ආවේ ඔලබොඩුවෙ ධම්මික හා මාගම විපුලසිරි ස්වාමින් වහන්සේලාත් මෑල්කම් පෙරෙරා පියතුමාත්. සභාපති නොනිස් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොඳක් තමා ඒකේ දාලා තියෙන ආකාරයටම දේවල් සිද්ධ වෙනවා නම්.නමුත් අපිත් ඉතාලියේ හිටියත්, ඒකේ ඉන්න අයව සම්බන්ධ කර ගන්නට, කොහොමද පුළුවන් කියන එක දාලා නැත. ඇත්තටම කාටත් ප්‍රයෝජනවත් වන්නට පුළුවන් දෙයක්. (ස)
නෝනිස් මහතා ඉතාම දක්ෂ, අවංක සභාපතිතුමෙක් වන බැවින්,එතුමා සහ නිලධාරී මඩුල්ලට සුබ පතනවා. එසේම පුර්ණ සහය ලබාදෙනවා ඉදිරියටම යාමට (නි)
මමත් ඉන්නේ ඉතාලියට ලග රටක. නමුත් මේ රටේ ඒවා නැහැ. අපිටත් පුලුවන්ද සාමාජිකයෙකු වෙන්න. අවශ්‍ය මුදල් වෙලාවට නොඅඩුව අපි ලබා දෙන්නම්.(නදී)
ශ්‍රී ලංකා සුභ සාධන සහ අවමංගල්‍යධාර සමීතිය මිලානෝ ලෙස නිවැරදි විය යුතුවන අතර 4 වෙනි වර සාර්ථක ලෙස සැමරූ බවත් ගිණුම් ශේෂය යුරෝ 28,000.00 වන අතර දැනට යුරෝ 38,500.00 ප්‍රතිලාභ අප සාමාජිකයන්ට ලබාදී ඇති බවත් සතුටින් ප්‍රකාශ කරමි (නදී)
කෝ මේ පිටිගලයානන්? දැන් පෙනෙන්න වත් නැහැනේ. (නදී)
මා මෙහි සාමාජිකයෙකු නොවුවද හොද දෙයක් කරන අයට හොද හිතින් සුබ පතමි.හොද දෙයක් කොතැනක කවුරුන් විසින් කළද එහි හොදින් දකින්නටත් පුරුදු වෙමු (නි)
පිටිගල මහතා කලක සිටම කල කිරීමකට පත්ව සිටියා ජනමාධ්‍ය නිදහස ගැන. ලියන අදහස් එලෙසම පල නොවන නිසා සහ ඉතාලි සිංහලයා අනිත් රටවල සිංහලයාට වඩා අවමානයට ලක් වන පුවත් වලට ප්‍රමුඛතාවක් මෙහි ලැබෙන බවටද ඔහු නිතරම අප සමග පැවසුවා. (නදී)
හොද දෙයක්. අපි ඔබලාට සුභ පතමු. (නි)
ප්‍රවේශමෙන්, හොඳ වැඩ කරනකොට සමහර අයට ඇග නලියනවා, ඒක කඩාකප්පල් කරන්න. සමහර අයට ඕනෑ වෙනවා මේකේ තනතුරු වලට රිංගන්න තමන්ගේ ප්‍රතිරූපය අනුන්ට පෙන්වන්න. මේක රට ගිය සමහර අයට හැදෙන ලෙඩක් (නි)
පිටිගල අයියේ ලියන එක නම් නවත්වන්න එපා. ඔබගේ අදහස් නැතුව මෙම පුවත් කියවන්න හිතෙන්නෙත් නැහැ. (ස)