IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මුලින්ම හිතගියේ රූපයට

DSC_3697     

 

එය ලස්සන සිකුරාදාවක් විය. එදා උදෑසන පෙළගැසී තිබුණු වැඩසටහන් මාලාවට අනුව ස්වර්ණවාහිනියෙන් විකාශය වූයේ ”ලස්සන සිකුරාදා” වැඩසටහනය. එය ඉදිරිපත් කළේ ඉෂාරා සඳමිණි නමැති ඒ රුවැත්තියයි. මේ වැඩසටහන අවසන ඉෂාරා සඳමිණි හමුවීමට අමුත්තෙකු ආවේය. ඒ අමුත්තා පැමිණියේ ස්වර්ණවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන ජනප‍්‍රිය චරිතයක් සමගය. ඔහු මේ අමුත්තාගේ මිතුරෙකු විය.

 

DSC_3699
”නංගි මට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න”


ස්වර්ණවාහිනියේ මිතුරා ඉෂාරාගෙන් ඉල්ලා සිටියේය. ඇය හිතුවේ මේ ඔහු සමග පැමිණ සිටි අමුත්තා පසුදිනෙක වැඩසටහනකට කැඳවීමට යැයි සිතාය.
නමුත් ඔහු එදා එලෙසින් පැමිණ සිටියේ ඇයව සොයාගෙනය. ඒ බැව් ඉෂාරා සඳමිණීට නොදැනිණි. ඒ වන විට ඔහුද කලා ක්ෂේත‍්‍රයට අමුත්තෙකු නොවූයේ ඒ වනවිට රූගත කිරීම් නිමකර තිබූ රෝයි ද සිල්වාගේ ”සර් ලාස්ට් චාන්ස්” රඟපා තිබූ නිසාවෙනි. නමුත් සඳමිණි ඔහු ගැන එතරම් විස්තර දැන සිටියේ නැත. ඇයට තිබුණේ ඔහු කෙරෙහි වූ ආගන්තුක බවක් පමණි.


”මට ඔයාට කතා කරන්න පුළුවනිද?”
දිනෙක ඔහු ඇයට කතා කළේය.


‘‘ඔව්, මට හොඳට කතා කරන්න පුළුවනි. ඔයා කවුද?’’
දුරකථන ඇමතුමට ඇය පිළිතුරු බැන්දේ එලෙසිනි.


”මම අනුර පතිරණ. එදා ධම්මික එක්ක ඔයා හමුවන්න ආවේ?
‘‘ආ.... එයාද මේ?’’


සඳමිණි එලෙස කීවාය. ඇය කෙරෙහි වූ පේ‍්‍රම සිතක් ඔහුට පහළ වී ඇති බැව් ඇය වටහා ගත්තාය.

DSC_3708


”ඉතින් ඒ පාර මම කළේ ටිකක් ගණන් ඉස්සුව එකයි.” මුලින්ම මම බෑ... බෑ... බෑ... කියලා කිව්වා. ඒත් එහෙම කිව්වට මගෙ යටි හිතේ මොකක්දෝ හැඟීමක් තිබුණා. කාලයක් යනකොට එයා පව්, මා ගැන ගොඩාක් හිතනවනෙ කියන හැඟීම මට ඇතිවුණා. මම තවදුරටත් එයාගෙ සිතිවිලිවලට බාධා කළේ නැහැ. ඔව් ඔයාට කැමතියි, කියලා කියන්න හිතාගෙන හිටියදී එයා නීතිඥ උපාධිය සඳහා එංගලන්තයට ගියා. ආයෙත් ආවට පස්සෙ මමත් දේශීය වෛද්‍යවරියක ලෙස කටයුතු ඇරඹීමේ අදියරේ සිටියේ. ඒ විදියට අධ්‍යාපන කටයුතු සහ කලා අංශයේ සියලූ කටයුතු මම කළේ ඉතාම කැපවීමකින්. අම්මා මගේ තනි නොතනියට බොහෝ විට පැමිණියත් මම මගේ වැඩ කරගත්තෙ තනියම. ඒ නිසා මේ සියල්ල ගැන අවබෝධය ඇති කෙනෙක් ජීවිතයට සිටිය යුතුම වුණා. ආදරය - ගෞරවය- රැකවරණය සියල්ල මම අනුරගෙන් දුටුවා. ඉතින් අපි තවත් ප‍්‍රමාද වෙන්න  ඕනෑ නැහැ. විවාහයට කටයුතු ඉක්මණට යොදාගත්තා.


ඉෂාරා සඳමිණි හා අනුර පතිරණ අතර විවාහය පසුගිය 21 වැනිදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වූයේ ඒ ආදරණීය කතාවේ ඵලයක් ලෙසිනි. ඉෂාරා සඳමිණිගේ ජීවිතයට සමීපවූ මේ අනුර පතිරණ කවුද?

DSC_3747


”සරසවි අධ්‍යාපනය ලබමින් සිටියදී සරසවියෙන් ස්වර්ණවාහිනියට” නමින් ස්වර්ණවාහිනිය කළ වැඩසටහන් මාලාවේ හොඳම නිවේදක ලෙස තේරුණේ මම. පසුව ස්වර්ණවාහිනියේ වැඩසටහනක් ඉදිරිපත් කළා. ඒ අතරේදී ”සර් ලාස්ට් චාන්ස්” චිත‍්‍රපටයේ සහ මුතුකිරිල්ලී ටෙලි මාලාවේ රඟපෑවා. පසුව හිරු ටී.වී. ගැජට් ෂෝ ප්‍රෝග‍්‍රෑම් එක කළා. ඉදිරියේදීත් එලෙසින් වැඩසටහන් කරාවි. රංගනයටත් එක්වේවි. ඒත් මම වෘත්තියෙන් නීතිඥවරයෙක්.


ඇයි අනුරට ඉෂාරා කෙරෙහි හිත ගියේ.


මුලින්ම රූපයට කැමති වුණේ. පසුව සොයලා බලද්දී ගතිගුණ හරි හොඳයි. නිවේදන ක්ෂේත‍්‍රයේ මගේ ගුරුතුමා වන්නේ හේම නලීන් කරුණාරත්න ශූරීන්. මේ සියලූදෙනාම අපට ආශිර්වාද කළා. හොඳ තේරීමක් බව මගේ මිතුරන් සහ පවුලේ අය පවා කිව්වා. මම නිදහස් මතධාරියෙක්. ඇයත් එහෙමයි. අපේ ආදරය පෑහුණේ ඒ විදියටයි. ඇත්තටම මම ඉෂාරාට ආදරෙයි.


ඉෂාරා එතකොට ඔබ?
සහතිකමයි, එයා තමයි මගේ ආදරේ....

DSC_3784

DSC_3770

DSC_3804


Make up- Lakshitha Jayasinghe, Event Planner- Janaka Mawella

sadun-gamage



අදහස් (0)

මුලින්ම හිතගියේ රූපයට

චාරු Thursday, 28 May 2015 07:47 AM

ඉෂාරා නම් නම කැත කරගන්නේ නැතිව ඉන්නවා. සුභ මංගලම් !. එ්ත් මෙහෙම කට්ටියට නෙවෙයි ලංකාවේ තැන තියෙන්නේ. අන්න අර ඇඳුම් හොරකම් කළ නිළිය මිසිස් ශ්‍රී ලංකා වෙලා. සොරකමක් කර නීතියෙන් වරදිකාරියක වූ කෙනෙකු ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යවන්න තෝරාගත් විනිසුරු මඬුල්ලේ කවුද දන්නේ නැහැ ඉන්නේ. ලැජ්ජාවේ බැහැ. (බ)

:       0       0

කමල් Thursday, 28 May 2015 07:54 AM

අපෝ කවුද අර උදාර චරිතයක් තිබෙන කෙනාද ? අපේ රටේ වෙනත් වැදගත් පොලිසි උසාවි නොගිය රූමත් කාන්තාවක් හිටියේ නැද්ද ලෝක රුප රැජින තරඟෙට යවන්න ? ඒක අහල මේ මනමාලිට සුභ පතන්නත් අමතක වුණා. සුභ මංගලම් ඉෂාරා ! (ම)

:       0       0

දිලිනි Wednesday, 27 May 2015 11:35 PM

සුභ පැතුම්, විවාහ වෙලා පිළිවෙලක් වෙන එක හොඳයි. අපි දැක්කා රයිගම සම්මාන උළෙලේ නිර්දේශිත උත්සවයේ දී එක්තරා නිලියක් විනිසුරු මඩුල්ලේ සාමාජියෙකු ළඟ, තැනට නුසුදුසු ඇඳුමකින් සැරසී මුකුළු කරමින් මොබයිල් ෆෝන් එකට ඔහුගේ දුරකථන අංකය ඉල්ලා ගන්න බව හොඳට පෙන්නුම් වන ඡායාරුපයක්. ඔය වගේ සම්මාන ඔබට නොලැබුනාට කමක් නැහැ. හොඳ පතිනියක් වෙන්න. (නදී)

:       0       0

ෂාම් Thursday, 28 May 2015 08:41 AM

හොඳට ගැලපෙන චෝඩුව ඔබට සුභ පැතුම් (ම)

:       0       0

ඕෂාන් Tuesday, 02 June 2015 03:19 PM

දැක්කම කොහොමත් හිත යනවා තමයි.(හේ)

:       0       0

සුමිත් Monday, 08 June 2015 05:14 AM

සදුන් ගමගේ ඔබේ හැකියාවට මගේ සුබපැතුම් (ම)

:       0       0

උත්පලා Thursday, 28 May 2015 09:19 AM

සුබ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!! ඔබගේ චරිතය මෙලෙසින්ම තබාගෙන ඉදිරියටම යන්න .............. ජය වේවා!!(ම)

:       0       0

කුමාරි Wednesday, 27 May 2015 11:10 AM

දෙන්නටම සුබ පතනවා යහපත් අනාගතයකට! (බ)

:       0       0

කුමාරිහාමි Friday, 29 May 2015 03:47 AM

නළුකම වගේම පෙරකදෝරු තනතුර ගැනීමත් අගය කළ යුතුයි. නදීකා චන්ද්‍රසේකර හා නතාෂා නීතිය හදාරන බව පත්තරවලට කියලා තිබුනා. දෙන්නම බැන්දා. නීතිය ඉගනගත්තද නැද්ද දන්නේ නෑ.(හේ)

:       0       0

නලින් Thursday, 28 May 2015 04:09 AM

මමත් දැක්ක ඔය කියන ඡායාරූපය . අපිට මේ සම්මාන උළෙලවල් ගැන තිබෙන විශ්වාසය ඉබේම නැතිව ගියා. ඔය පින්තුරය දැකපු ඕනෑම කෙනෙකුට තේරෙනවා අද කලාවට සම්මාන ලැබෙන්නේ කොහොමද කියලා. ඔය නිළිය එම උළෙලේ සම්මානයකට නිර්දේශිත කෙනෙක්. ලැජ්ජාවේ බැහැ ! කිසිම වෘත්තීය ගරුත්වයක් නැති විනිවිද බවක් නැති කටයුත්තක් (බ)

:       0       0

සුමේද Sunday, 07 June 2015 10:35 AM

හොඳ ගැළපීමක්. දෙන්නටම සුභ පතනවා! යහපත් අනාගතයක්! (නි)

:       0       0

ජයන්ත Saturday, 06 June 2015 09:22 PM

මම පිටරට රස්සාව කරන්නේ.ලංකා නාට්‍යයකට බලන්නේ උතුම් පැතුම්. ඒකේ ඔබ හොඳට රඟපානවා.අහිංසකයි. සැබෑ ජීවිතෙත් ඔබ ඒ වගේ අහිංසකද? (නි)

:       0       0

ඉශානි Monday, 01 June 2015 01:57 PM

එහෙනම් සුදු දුව මයන්ත්තවත් කැලුම්වත් බදින්නෙ නැතුව අනුරව බැන්දා නේද? අනේ ඔයා උතුම් පැතුම් එකේ ලස්සනට රඟපානවා. ඒ වගේම ඡායා එකෙත්. ඔයාට සුබ මංගලම්. (කේ)

:       0       0

සුදත් ශ්‍රී Tuesday, 02 June 2015 11:51 AM

දැන් එතකොට කාගෙ හරි ෆෝන් නොම්බරයක් ඉල්ලා ගන්න ඕනෑ නම් ඔසරියක් ඇඳගෙන, විනිසුරු මණ්ඩලයක ඉන්න නැති වෙලාවවක් බලලා, නැකතක් එනකම් ඉන්න ඕනෑද? (බ)

:       0       0

සන්දු Monday, 08 June 2015 10:00 AM

ඇත්තටම ඔය රගපානව ගොඩක් ලස්සනයි සුබ මංගලම් (ම)

:       0       0

රුක් Wednesday, 27 May 2015 03:49 PM

සුබ අනාගතයක් (කේ)

:       0       0

කුමාරිහාමි Thursday, 28 May 2015 07:24 AM

"තැනට නුසුදුසු ඇඳුමකින් සැරසී"? ඇත්තටම ඔය ඇඳුම ඔය තැනට නුසුදුසුද? සම්මාන උළෙලවල් කියන්නේ විලාසිතා ප්‍රදර්ශන. ඔතනට වැඩට යනවා වගේ හෝ පන්සල් යනවා වගේ යන්න බෑ. හොලිවුඩ් සම්මාන උළෙලවල් දැකල නැද්ද? කොසේ වුවත් දැන් ඉෂාරා වෙදකම් කරන්නේ කොහෙද කියල කිව්වනම් හොඳයි.(ම)

:       0       0

නෙතුමි Tuesday, 02 June 2015 05:30 AM

සුභ පැතුම් සොඳුරු දිවියකට! (බ)

:       0       0

ලක්මිණි Thursday, 28 May 2015 07:42 AM

කුමාරිහාමි ඔය කියපු ඇඳුම මමත් දැක්ක . රාත්‍රියට අඳින කොට,ඇඟ භාගයක් විවෘත කොක්ටේල් පාටි ඇඳුමක් . ඇඳුම පැත්තකින් තියමුකෝ . ඔය කියන නිළිය මොකටද අර ඔමරි පාමින් විනිසුරු මඩුල්ලේ කෙනෙක්ගේ ළඟ ගැවසුණේ තමනුත් සම්මානයකට නිර්දේශ වෙලා ඉන්දෙද්දී . ඒ අතින් මේ ඉශාරලා බොහොම නම්බුකාරයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 60 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2397 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1300 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 528 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 865 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1497 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site