මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිදු ගුණවර්ධන රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක ශරීප ඇප මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.
එම නඩුවේම සැකකරුවකු වන වාස් ගුණවර්ධන මහතා දෙසැම්බර පස් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කැරිණි.
මෙම නඩුවට අදාළව රවිදු ගුණවර්ධනට ඇප ලැබුණත් මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට අදාළව ඔහු තවමත් රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මිනිසුන් මැරුවාමයි කියමුකෝ. ඒත් මීට වඩා අපරාධකාරයෝ දේශපාලන රැකවරණ ඇතුව ඕනෑ තරම් නිදැල්ලේ ඉන්නවා නේද ? (නි)
පවු. කෙට්ටුවෙලා වගේ පෙනෙන්නේ. (නි)
සිරියලතා සිරියලතා මා අදර සුදු ෙකල්ෙල් ඔෙබි කීම හරි.(ස)
දක්ෂ පොලිස් නිලධාරියෙක් වුණාට අවංක කෙනෙක්ද? (නි)
මට නම් හරිම කනගාටුයි.මේ පුතා හිතනවා ඇති මෙවන් පියෙකුගේ පුතෙකු උන නිසා තමා මමත් අද හිරේ ඉන්නේ කියලා. (ස)
මදු ඔබ හරි ! (ස)
මිනීමරුවන් බුදු සරණ නොයති. කඳ සුරිඳු සරණ යති. (ස)
අනේ ලංකාවේ වීර නායකයෝ බිහිවෙන්නේ හිරේ ඉදන් කියලා ඔයාලා දන්නේ නැද්ද? (නදී)
තල වැපුරුවම කපන්නේත් තල ......හොඳ පාඩමක් ඉගෙන ගනිල්ලා දෙන්නම. (ස)
කැලුම් දැන් එතකොට මෙයාලට මොකද කරන්න කියන්නේ ? ඔයා නෑදෑයෙක් වගෙයි පෙනෙන්නේ .. නැත්නම් ගෝලයෙක්වත්ද?(නදී)
ඔහොම ටික කාලයක් පොඩියට තලලා පෙලලා පස්සේ දෙන්නවම ලස්සනට නිදහස් කරයි. ඊට පස්සේ අර මැරුණ [ මරපු ] මනුස්සයට දෙවි පිහිටයි. එතකොට ආය පරණ ජොබ් එකයි බිස්නස් ටිකයි පටන්ගන්න පුළුවන්නේ. එතකන් ජනතාවට පොඩි ජොලියක් දෙමු.(නදී) .
වාස් මහත්තයා ඔයාට බුදු සරණයි. (ස)
තව ටික දිනකින් දඬුවම් අහෝසියි.ඔවුන් රාජකාරියේ.දුම්කොළ විසිකළ අයව 6 මාසයක් හිරේ.රටේ අපරාධ කරන්නේ කවුද?මේවට වග කියන්න ඕන කවුද? මේකද රටේ සංවර්ධනය?උතුරේ වුනු සිදුවීම් දකුණේ. (ස)
කාකි නිල ඇඳුම් අඳින සමස්ත රාජ්‍ය සේවාවන් තදබල නීතිරීති යටතේ ප්‍රතිසංවිධානය කළ යුතුය. (නි)
වාස් ගුණවර්ධන කියන්නේ දක්ෂ පොලිස් නිලධාරියෙක්. මීට වඩා මිනිමරුවෝ නිදැල්ලේ නැද්ද? ඔබතුමාට ඉක්මනින් නිදහස් වන්න ලැබේවා! (නි)
තමන්ගේ කෙනෙකුට මේ වගේ වුණහම කොහොමට හිටීවිද? මධූ ගජමන් වෙන්න හදනවා,මෝඩ අදහස් දීලා (නි)
මධු ,මොකද මේ වගේ අදහස් එන්නේ? (නි)
මධූ, ඔයා කියන කියන විදියට වාස් දක්ෂ නිලධාරියෙක් නම් තවත් මොනවද බල බලා ඉන්නේ? අනේ මගේ කට! (නි)
මෙය පොලිස් සිද්දි දාමය තුල එකක් පමණයි . බලය ඇති නොමැති තත්වයක්. (නදී) .
කළ පව් පොලිය ලබා දෙනවා වාගේ! (අ)
ගිම්හානි, වාස් මහත්තය ගැන හොඳට දන්නව කිව්ව නේද? ඒ කියන්නේ උසාවිය දන්නවට වඩා දේවලුත් දන්නවද? අනේ හොඳයි, හැබැයි දැන් බය නැති වුනත් 'නුදුරේදී සියල්ල එළිවෙනකොට' බය හිතෙයිද දන්නේ නැහැ නේද? (අ)
වැරදි කලාම දඩුවම ලැබෙන්න ඕනේ. හොද වැඩේ වාස්ගේ පුතාට. (අ)
ගිම්හානි කොහොමද තත්ත ගෙන දන්නේ. ඔයත් කොන්ට්‍රත්තුවක් දුන්නද? ඇත්තටම මමනම් දන්නවා..මොකද මම කොන්ට්‍රත්තුවක් දුන්න..(අ)
ගරු වාස් මැතිතුමනි, ඔබටත් ළගදීම නිදහස ලැබේවා! (නි)
වාස් මහතාණනි පුතා ගැන කොහොම උනත් ඔබ ගැන නම් අපි දන්නවා බිය විය යුතු නැහැ සියල්ල නුදුරේදීම එලිවෙනු ඇත ,ඔබට දෙවි පිහිට පතමි (ස)
කොහොමත් තව ටික දිනකින් දෙන්නම එලියට එයි වගේ. (අ)
මේ පොලිස් පුත්තු, ඇමති පුත්තු දැන් දැන් රටටම වසංගතයක්නේ. මෙයාලට මොන වගේ දඬුවම්ද දිය යුත්තේ? (නි)