IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මෙල්බර්න් ටෙස්ට් තරගයේ පරාජයට හේතුව දුර්වල පහර තේරීම සහ අවධානය බිඳී යාමයි

මෙල්බර්න් ටෙස්ට් තරගයේ පරජයට හේතුව මේ යයි එක එල්ලේම කිව නොහැකි නමුත් දුර්වල පහර තේරීම නිසාත්, පිතිහරඹයේ අවධානය බිඳී ගිය නිසාත් තමන් තරගය පරාජය වූ බව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසයි. තරගයෙන් අනතුරුව මෙල්බර්න් නුවරදී පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී මහේල මේ බව පවසා සිටියේය.
”තරගය ආරම්භ වූ ගමන්ම, (දෙවැනි ඉනිමේ) පළමු  ඕවරයේදී අපේ කඩුලූ දෙකක් දැවී ගියා. ඒකෙන්  ඕස්ටේ‍්‍රලියානු පිලට විශාල ජවයක් ලැබුණා. අපේ කඩුලූ එක පිට එක වැටුණා”
”මේ තරගයේදී අපට වැරදුණේ කොතැනද කියා ඇගිල්ල දිගු කරලා පෙන්වන්න බෑ. බොහෝ දුර්වල පහර තේරීම් රැුසක්ම එහි තිබුණා විතරක් නොවෙයි පිතිහරඹයේදී තිබිය යුතු අවධානයත් අප වෙතින් ගිළිහී ගියා” යයි මහේල ජයවර්ධන පැවසීය.
ටෙස්ට් තරගාවලිය පරාජය වී අවසන් නමුත් සිඞ්නිහිදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී වඩාත් හොඳ තරගයක නිරත වෙමින් කණ්ඩායමේ ගෞරවය සඳහා සටන් කළ යුතු බවත් මහේල පැවසීය.
මහේල සිය අවසන් ටෙස්ට් ඉනිම හයේදීම ලකුණු 19 ඉක්මවා යාමට අපොහොසත්ව සිටින අතර මෙල්බර්න් පිටියේදී ඔහු දැවී ගිය ආකාරයෙන් පෙන්නුම් කළේ ලකුණු ලබාගැනීමට ගන්නා අසීරු උත්සාහයයි.
”ඇත්ත වශයෙන්ම මේ තරගාවලියේදී මා පිටියේ රැුඳී සිටිය යුතු කාලය ඉඳලා නෑ. ඒ නිසා මගේ පිතිහරඹය නැවතත් සුපුරුදු මට්ටමට ගෙන එන්නේ කොහොමද කියලා මා නිහඬවම සිතා බලන්න  ඕනෑ” යයි තමන් දැවී ගිය ආකාරයන් පිළිබඳව කණස්සල්ල පළකරමින් ශී‍්‍ර ලංකා නායකයා පැවසීය.
35 හැවිරිදි මහේල ජයවර්ධන ටෙස්ට් පිලේ නායකයා වශයෙන් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය ජනවාරි මස 3 වැනිදා සිඞ්නි නුවරදී ආරම්භ වේ.

 



අදහස් (0)

මෙල්බර්න් ටෙස්ට් තරගයේ පරාජයට හේතුව දුර්වල පහර තේරීම සහ අවධානය බිඳී යාමයි

ජනිත Saturday, 29 December 2012 10:54 PM

පරදිනකොට ඔහොම තමයි.. දිනන දාට කොල්ලො ෂා නියමයි කියනවා.. පැරදුනාම ‍ඕවා තමයි අහන්න වෙන්නෙ.. කොහොම හරි අන්තිම තරගයවත් හොදට සෙල්ලම් කරන්න.. ඔබත් එක්ක අපි සැමදා ඉන්නවා.. ජයෙන් ජය..!(නු)

:       0       0

දිනේෂ් Sunday, 30 December 2012 12:59 AM

අනේ මහේල තුන්වෙනි තරගයවත් දින්නන බලමු.. ඔබට ජය..!(නු)

:       0       0

බිහාර Sunday, 30 December 2012 03:58 AM

අම්මෝ! මගෙත් ඇගිල්ලක් කැඩුණොත් ලක්ෂ කීයක් පාඩු වෙනවද? මීළඟ එකෙත් මොකක්හරි කරලා ඇගිලි ටික බේරාගෙන ගෙදර ආවොත් ඇති. අයි.පී.එල්.එකත් ළඟයි නේ අප්පා. (නි)

:       0       0

කමල් Sunday, 30 December 2012 03:56 AM

ටෙස්ට් තරග අපට එපා. අයි.පී.එල්. ,මසාලා ක්‍රිකට් අපිට හොඳයි. (නි)

:       0       0

නිමල් Sunday, 30 December 2012 04:03 AM

අවධානය බිඳුනේ තරගය බලන්න ආපු කාවහරි දැකලාද? (නි)

:       0       0

ගුනේරිස් Sunday, 30 December 2012 04:01 AM

නටන්න බැරි කලේ පොලව ඇදයි බොලේ ... (නි)

:       0       0

යොහාන් Saturday, 29 December 2012 12:20 PM

සහතික ඇත්ත (දී)

:       0       0

දීපා Sunday, 30 December 2012 05:08 AM

අපේ අයට ටෙස්ට් බැරිද? මට නම් හිතෙන්නේ එහෙමයි. (නි)

:       0       0

අසින්ත Saturday, 29 December 2012 12:22 PM

ලක්මාල්, ඔයා හරියටම හරි !!! මෙහෙම ගියොත් සිම්බා‍බේ ටීම් එකට වෙච්ච දේ තමයි ලංකාවේ ක්‍රිකට් වලට වෙන්නෙත් (ස)

:       0       0

අසින්ත Saturday, 29 December 2012 12:29 PM

හැමදාම නිදහසට කරුණු කිය කිය ඉඳලා හරියන්නේ නෑ (ස)

:       0       0

අසේල Sunday, 30 December 2012 06:47 AM

මොනවා වුණත් අපේ කණ්ඩායම සමග අපි හැමදාම ඉන්නවා. පැරදුණත් අපි ඔබ සමගයි. (නි)

:       0       0

සිල්වා Saturday, 29 December 2012 01:06 PM

පැරදුනාට පස්සේ හැමදාමත් කියන කතා තමයි මේ. (ස)

:       0       0

මධුරංග Sunday, 30 December 2012 08:28 AM

ලක්මාල් ඔබගේ අදහස 100% ක්ම හරි. මහේල, ඔබේ සුපිරි පිති ටෙසට් හරඹයට ඔය කල උදා වුණේ අයි.පී.එල් නිසයි. සංගාටත් ඒ සෙතේම තමයි. මතක තියා ගන්න. ඔයාලා මේ සෙල්ලම් කරන්නේ අර්ජුන,අරවින්ද,මහානාම,හෂාන් වගේ අය අමාරුවෙන් ගොඩනගපු අපේ රටේ ගෞරවය සමගයි. (නි)

:       0       0

වජිර Saturday, 29 December 2012 01:10 PM

අපි මීට කලින් අර්ජුන කිව්ව දේ පිළිගත්තනම් අද මෙහෙම වෙන්නේ නෑ (ස)

:       0       0

සමන් Sunday, 30 December 2012 09:42 AM

අවුරුදු 10-15 ලෝකේ හැමතැනම ගිහින් ක්‍රිකට් ගහල පුරුදු අය කියනවා නම් පරාජයට හේතුව දුර්වල පහර තේරීම සහ අවධානය බිඳී යාම කියලා, ඒක මොනජාතියේ විහිළුවක්ද කියලා මට නම් තේරෙන්නෙ නැහැ. (නි)

:       0       0

උපේන්ද්‍ර Saturday, 29 December 2012 01:58 PM

ඔබ ලාංකීය ක්‍රිකට් වෙනුවෙන් කළ සේවය උදාරයි. නමුත් දැන් නවක තරුණ පරපුර ගැනත් සිතාබැලිය යුතුයි නේද? (නි)

:       0       0

නිත්‍යා Saturday, 29 December 2012 04:07 PM

මීට කලින් නේද මෙවැනි දුර්වලතා ගැන සිතාබලා ඒවාට විසඳුම් ගතයුත්තේ (ස)

:       0       0

ජානු Saturday, 29 December 2012 04:20 PM

නායකත්වය මාරු වෙනකොට හැම දේම අවුල් වෙනවා.ත. (නු)

:       0       0

කුරුවිට Sunday, 30 December 2012 01:08 PM

ලක්මාල්ගේ කටේ මී පැණි වක්කරන්න හිතෙනවා මට. (නි)

:       0       0

කාවින්ද Saturday, 29 December 2012 04:25 PM

පැරදුනාට පස්සේ කියලා වැඩක් නැහැ එය සිතිය යුත්තේ තරගයට පෙර අනික මෙල්බන් තරගයදි පන්දු යැවීමත් සාර්ථක නැහැ.. අපේ පන්දු යවන්නන් පන්දු යැව්වෙ එක එල්ලයකට නෙවෙයි..!(නු)

:       0       0

කමල් Sunday, 30 December 2012 01:15 PM

පරදිනකොට ඔයාලට බැණවදින්න තරමේ පහත් තත්ත්වයනට වැටෙන්න අපිට න්ම බැහැ. (නි)

:       0       0

අපොන්සු Saturday, 29 December 2012 04:26 PM

කමක් නැහැ අනේ IPL එකට හොඳට සෙල්ලම් කරන්නකෝ. ජය වේවා (ස)

:       0       0

තත්සරණි Sunday, 30 December 2012 02:31 PM

කවුරු කොහොම මොනවා කිවුවත් හැමදාම වෙන්නේ පිට්ටනියට බැස්ස ගමන් හැමෝටම සෙල්ලම් කරන්න බැරිවෙන එකයි. (නි)

:       0       0

තත්සරණී Sunday, 30 December 2012 02:33 PM

මමනම් ලාංකිකයෙක් ව‍ශයෙන් ජය පරාජය සතුටින් භාර ගන්නවා. ඒක නොතේරෙන අය තමයි අපේ වීරයන්ට බනින්නේ (ස)

:       0       0

තිසර Monday, 31 December 2012 10:50 AM

අවසන් තරඟයට අපි සුබ පතනවා . මහේල නැවත හොඳ ඉනිමක් කරන්න . ඔහු නායකත්වය තියෙනතුරු දිගටම වැඩ පෙනවයි මොනවද ඔට්ටු (ස)‍‍

:       0       0

සිල්වා Sunday, 30 December 2012 02:51 PM

අයි.පී.එල්. කාලසටහන අනුව ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන හදපු එකේ විපාක තමයි මේ පෙනෙන්න තියෙන්නේ. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 29 December 2012 10:21 AM

ඇත්තට? (ස)

:       0       0

ලක්මාල් Saturday, 29 December 2012 10:48 AM

ඇත්තටම දැන් ක්‍රිකට්‌ අප්පිරියයි , මොන කරුමෙකටද මන්ද එකට තියෙන ආසාව නැති වෙන්නෙත් නැනේ. (ස)

:       0       0

සදුන් Saturday, 29 December 2012 09:48 PM

ටෙස්ට් තරග අපට එපා.. අයි.පී.එල්.. අපට හොදයි..!(නු)

:       0       0

සුභාෂිණි Monday, 31 December 2012 09:32 PM

මධූරංගගේ අදහස් නම් හරියටම හරි. (නි)

:       0       0

සමන් Saturday, 29 December 2012 09:53 PM

මහේල කවුරු කො‍හොම කිව්වත් ඔබට දිරිය ශක්තිය ලැ‍බේවා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 3 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත බාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 294 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 431 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 331 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1200 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1094 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site