2009 දී මාලඹේ තාක්ෂණ ආයතනයේ සිසුවකුට පහර දුන්නැයි කියන සිද්ධියේ සැකකරුවකු ලෙස නීතීපති අද හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නම් කළේය.
කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා ඉදිරියේ පැවරු නඩුවෙන් නීතීපති එසේ කළේය.ඔහු කඩුවෙල උසාවියට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය.
නිපුණ රාමනායක නම් සිසුවාට පහර දුන්නැයි ගුණවර්ධන මහතාගේ පුත් රවිදුට හා පොලීස් කොස්තාපල්වරුන් හය දෙනකුට එරෙහිව චෝදනා ඉදිරිපත් කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නපුරු කලට සත හට පැමිණේ වෙහෙස - ඒ දුක නොවේ කල පව් පල දෙවා මිස. (අ)
අපි කාගේ අතින්ද වැරදි නොවෙන්නේ? වාස් වැරදි කළා වගේම හොද දේවලුත් කළා.වාස් නොහිටින්න අදටත් කහවත්ත අදුරේ. (නි)
රත්තරක් කඩුව නිසා බෙල්ල කැපුවට කමක් නැද්ද ? "වාස් කියන්නේ රටට ආදරය කරපු, පොලිසියේ කාගේත් හිත දිනා ගත්, උසස් දක්ෂ පොලිස් නිලධාරියෙක්." නිසා එයාගේ පුතා කවුරුහරි පැහැරගෙන ගියාට කමක් නැද්ද ? ඔය සමහරුන්ට කමක්නැති වුනාට නිපුණ රාමනායකගේ අම්ම තාත්තට ඒ තිරනයගන්න දෙන්න. ශියාම් ඝාතනයේ අමාරුව දැනෙන්නේ ශියාම්ගේ බිරිදට,දරුවන්ට,අම්ම තාත්තට.තමන් වාස්ගෙ ගෙදර ලග නිසා හෝ වාස්ගෙ උදවුවකින් හිරේ නොයා බේරුනනිසා වාස්ට චරිත සහතික නොදී ඉන්න. (අ)
ඕක අලුත් පටලැවිල්ලක්ද? නැත්නම් පහරදුන් දවසේ වුණ පටලැවිල්ල දැන් උසාවියට දන්වලාද? (නි)
ආරියසේන මහත්තයෝ ඔය සෙනසුරා එකතැන ඉන්නේ නැහැනේ කැරකෙනවා. ඉස්සර එරෂ්ටකේ ලබල තිබුනේ රටේ අහිංසක මිනිස්සුන්ට. මිනිස්සුන්ගේ හොඳ වෙලාවට එක වාස් මහත්තයට කැරකුණ. දැන් නම් මට පෙන්නේ එක එකතැන කැරකෙනවා වගේ? (අ)
ඔහොම යමු. (නි)
අනේ පව්. වාස් හරිම අහිංසක කෙනෙක් (නි)
දැන් ඊළගට මොනවා වෙයිද? (නි)
ආරියසේන , ගමේ කෙනා ගැන දන්නේ ගමේ අයනේ. ඔයා මොකද මේ වාස්ට සුදු හුණු ගාන්න මේ තරම් දඟලන්නේ? අබ ඉස්සොත් අබ ගන්න පුළුවන්, මුං ඉස්සොත් මුං ගන්න පුළුවන්. මේක තමයි බුදු දහමේ සත්‍යය. (නි)
කොහොමත් අපේ නීති යාන්ත්‍රන ක්‍රියාත්මක වෙන්නේ බොහොම හෙමින්. (නි)
කුඩු කාරයෝ,මංකොල්ල කාරයෝ,තමා විරුද්දව ඉන්නේ,වාස් ගෙන් ඒ අයට තැනක් නැති නිසා. (අ)
ආරි අයියා, ඔහොම යමුකෝ (නි)
ආරියසේන, නිලධාරියෙක් වශයෙන් වාස් වැඩක් කළා. ඒ වුණාට නිල බලය අනිසි ලෙස යොදාගෙන තිබෙනවා. ඒවා තමයි දැන් මේ ගෙවන්නේ (නි)
ආරියසේන කියන කෙනා වාස් මහතා ගැන හොදටම දන්නා බව පෙනෙනවා. ඒ මොනවා වුණත් වාස් චෝදනා වලින් නිදහස් වෙලා නැවත පොලිසියේ රස්සාවට පැමිණියා කිවුවත් මම පුදුම වෙන්නෙත් නැහැ.ලංකාවේ වැඩ වෙන්නේ එහෙමයි. (නි)
ආරියසේන හිතන විදියට තමයි මාත් හිතන්නේ මේ ප්‍රශ්නයේදි. මම ඉන්නේ වෙනත් රටක. නමුත් රට යන හැටි අපි හොදට පෙනෙනවා. ළිදේ ඉන්න කෙනාට පෙනෙන ප්‍රමාණයට වැඩිය වපසරියක් පිට ඉදලා බලන කෙනාට පෙනෙනවා. (නි)
වාස් නෙමේ කව්රු උනත් වරදක් කලානම් දඩුවම් ලබන්න ඕන (දිල්)
ආරියසේන, මම අම්බලන්ගොඩ තමයි. හැබැයි ගමේ කියලා ගමේ පැත්ත ගන්න කෙනෙක් නෙමෙයි. (නි)
මට නම් හිතෙන්නේ ගම්පහ පළාතේ දේශපාලකයක්ට හිතේ හැටියට නටන්න බැරි වුණ එකත් මේකට එක හේතුවක් වෙන්න ඇති කියලා (නි)
වෙන නඩු නැද්ද පැටළුණු? (නි)
ඕක තමා කියන්නේ අටලෝ දහම අනුව කළ හොද පස්සෙන් එනවා කියලා. වැරදි කරන අනිත් අයටත් කවදා හරි පස්සෙන් ඒවි කළකම්. (නි)
වැපිරූ දේ තමා නෙලාගන්න වෙන්නෙත්. මොනවා කරන්නද ඉතින්...? (නි)
එකක් අවසන් වෙනකොට තව එකක්... (නි)
'ගොඩ ඒමක්' නම් නැහැ වගේ (නි)
ඔහුගේ පවුලේ වෙන කවුරුත් මේ නඩුවට අදාල නැද්ද? (නි)
එහෙම නඩුවලට සම්බන්ධ කරගන්න පුලුවන්ද? මම මේ නොදන්නා නිසයි ඇහුවේ. (නි)
තමන් බලයේ සිටියදී ඕනෑම දෙයක් කර ගොඩ යා හැකි යැයි සිතන අයට හොද පාඩමක් (නි)
එතකොට ඒ ළමයාට පහරදෙන්න කාන්තාවකගේත් සම්බන්ධයක් තිබුණා කියලා කියන කතාව මොකක්ද? (නි)
තනතුරු නිසා පිම්බුණු අය දිනයක පිපිරෙනු ඇත (නි)
මා පළමුවෙන් මතක් කර දෙන්න කැමතියි වාෂ් කියන්නේ රටට ආදරය කරපු, පොලිසියේ කාගේත් හිත දිනා ගත්, උසස් දක්ෂ පොලිස් නිලධාරියෙක්.මම හිතන්නේ මුළු පවුලටම සෙනසුරු ඒරාස්ඨකේ වෙන්න ඇති.නැත්නම් නරක මතුවෙන්න විදියක් නැහැ.(අ)
දැනට ටික දවසකට ඉස්සර අපේ වත්තේ බැඳලා හිටපු හරක හොරු අරන් මරල මස් විකුණලා , අපි පොලිසි ගියහම පොලිසියෙන් කිවුව හරක් පරිස්සන් කරන්න අපට බැහැ කියල , එතකොට වාස් මහතය තමඊ ගාලු කොට්ටාශය භාරව හිටපු පොලිස් නිලධාරියා , මටත් බැරිද ඔහුව අල්ලලා නඩුවක් දාන්න (අ)
ආරියසේන වාස්ගෙ දේශප්‍රේමය ගැන ඔයා අම්බලන්ගොඩ ඇවිල්ලා අහන්න..නියමෙට අහගන්න පුලුවන්. (අ)
කාන්ත ඔබ අමලන්ගොඩ ද අඩු ගානේ ගමේ මිනිහට වත් හිතවත් කමක් තියෙන්න ඕන නේද? (අ)
නිල බලය පාවිච්චි කරලා එයා වැරදි කළා නම්, මෙහෙම වෙලා මදි. (නි)
වාස් කියන්නේ ජනතාවගේත්, පොලිසියේත්, රටෙත් ආදරය දිනාගත් යකඩ කොන්දක් තිබුණු පොලිස් නිලධාරියෙක්. වැඩිය ජනප්‍රිය වෙන එකත් ඒතරම් ඇඟට ගුණ නැහැ. පුද්ගලිකව මට නම් වාස් වීරයෙක්. (නි)
වාස් අම්බලන්ගොඩ ගමේ නමත් විනාස කරලා දැම්ම (අ)