(විමුක්ති එස් රුද්‍රිගු)
මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිටි හමුදා සාමාජිකයන් 10 දෙනෙකු මියගොස් තිබේ.
මැලේසියානු නාවික හමුදාවේ ප්‍රධාන මූලස්ථානය පිහිටි උතුරු ලුමුට් නගරයට ඉහළ අහසේදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුර හේතුවෙන් එක් යානයක් පිහිනුම් තටාකයක් අසලටත් අනෙක් යානය ක්‍රීඩාංගනයක් අසලටත් කඩා වැටී ඇති බවත් එරට නාවික හමුදාව ප්‍රකාශ කළේය.ක්‍රීඩාංගනයට කඩා වැටුණු යානයේ අනතුර සිදුවන අවස්ථාවේ හමුදා සාමාජිකයන් සත් දෙනෙකු සිට ඇති බවත් පිහිනුම් තටාකය අසලට කඩා වැටුණු යානයේ හමුදා සාමාජිකයන් තිදෙනකු සිට ඇති බවත් මැලේසියානු නාවික හමුදාව පැවැසුවේය.
අනතුරට හේතුව සෙවීම සඳහා පර්යේෂකයන් කණ්ඩායමක් පත් කරන බවත් එම විමර්ශන කණ්ඩායම අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරනු ඇති බවත් මැලේසියානු නාවික හමුදාව ප්‍රකාශ කළේය.දැනට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව එක් හෙලිකොප්ටර් යානයක් පිටුපස කොටස අනෙක් හෙලිකොප්ටර් යානයේ වැදී තිබෙන බව මැලේසියානු නාවික හමුදාව පැවැසුවේය.
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව
විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
thissa Tuesday, 23 April 2024 12:29 PM
අපේ එක්කෙනා යන එක තාම හැප්පුනේ නෑනේ...