IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘මුව රැල අතරේ වග වලසුන්ගේ රඟ මඩලකි මේ උයනේ‘

යාල වනෝද්‍යානයේ දින දෙකක සංචාරයකට ගිය අපි පෙබරවාරි 8 වැනිදා හිමිදිරි පාන්දර යාල මහසීලව බංගලාවේ සිට සතුන් නැරඹීම සඳහා පිටත්වීමු. අපගේ මඟ පෙන්වන්නා වුයේ වසර 22 කටත් වඩා එම රැකියාවේ නිරතව සිට ශ්‍රී ලංකාවේ සියලුම වනෝද්‍යාන, වන සතුන් සහ ගහ කොළ පිලිබඳ අත්දැකීමෙන් ලද මහා දැනුම් සම්භාරයක් ඇති තිලක් නම් මිතුරාය. වාහනය පදවුයේ වනදිවියට ඉමහත්සේ ඇලුම් කරන අප ඥාති පුත්‍ර චන්දිම අතපත්තුය. අප සමඟ ඔහුගේ බිරිඳත් මවත් දරු දෙදෙනාත් වුහ. ගමන ආරම්භ කෙරුනේ පාන්දර 5.30 ටය.  මහසීලව මඟ පෙදෙස ඒවනවිට මද අඳුරකින් යුතු විය.

මද දුරක් යනවිට තිලක්ගේ තියුණු ඇස ගැටුනේ දුවිල්ලෙන් පිරුණු මාර්ගයට ඔබ්බෙන්වූ අඳුරෙන් වැසීගිය මුකලානේ සැඟවී සිටි වලස් පැටවෙකු වෙතය. වලස් පටවා තබා මුකලානවත් නොපෙනෙන තරමට අඳුරු සහගත එම උදෑසන තිලක් මේ කියන්නේ බොරුවක්දයි මට සිතුනි.කෙසේ වුවත් වාහනය නවතා එන්ජිම නිශ්ක්‍රියා කොට අපි කිසිවක් නොපෙනෙන කළුවර දෙස බලා සිටියෙමු. ගතවුයේ නිමේෂයකි. වනරොද අයිනෙන් කලුපාට ගුලියක් මතුවිය. ඇසිපිය හෙලන නිමේෂයකින් ගුලිය මඩපාට මාවත හරහා අඩියට දෙකට පැනගොස් අනිත්පැත්තේ කළුවර සමඟ මුසුවී ගියේය. අන්න වලහා යැයි තිලක් ඇසෙන නොඇසෙන හඬින් මිමිනුවේය. යාල වනයේ වලසුන් ඇතත් එකෙකු බලාගැනීමට ලැබීම ඉතාම දුර්ලභ දෙයක් බව එතනින් පිටත්වූ පසු තිලක් කීවේය. අඳුර වැඩි නිසාත් වලසාගේ වේගවත් ගමන නිසාත් චායාරුපයක් ගැනීමට නොලැබුන බව කියමින් චන්දිම නෝක්කාඩුවක් කිවේය.

එවන විටත් අවට සෑම දෙසකින්ම කුරුල්ලන්ගේත් මොනරුන්ගේත් කුරුමිණියන් වැනි වෙනත් සතුන්ගේත් කෑගැසීම් තොරතෝංචියක් නැතිව ඇසෙන්නට පටන්ගෙන තිබුණි. පසුගිය මාසයේ අද හැලුන වර්ෂාව නිසා පිරී ඇති විලුවක් පසුකර යනවිට හිරු උදාව මනාව දැකගත හැකිවිය.

මොහොතකින් තිලක් අත තිබු ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබුණි. එයින් කියවුනේ පලුගසක දෙබලේ දිවියෙකු ඉන්නා බවයි. ක්ෂණයකින් වාහනය එදෙසට එලවුනි. අපි පලුගස අසලට පැමිණෙන විට වෙනත් වාහන කිහිපයක්ම මාර්ගය අහුරවමින් නවතා තිබෙනු දැකගත හැකිවිය. දුර සිට පලුගස් දෙබලේ ඉන්නා දිවියා අපට පෙනුනි. දිවියා ගසෙන් බසින වගක් පෙනෙන්නට තිබුනේ නැත.කොතෙක් ඉල්ලා සිටියත්  බොහෝ වෙලාවක් පලුගස අසල නවතාගෙන සිටි එකද වාහනයක්වත් ඉවතටවී අනෙත් අයට දිවියා ලඟින් දැකගැනීමට අවස්තාවක් ලබාදෙන්නට  කටයුතු කලේ නැත.

එතන කොතෙක් රැඳී සිටියත් දිවියා ලග සිටි පලුගස අසලට යාමට අනෙක් රිරදුරන්ගෙන් අවස්තාවක් නොලැබෙන බව පෙනී ගිය නිසා අපි එතනින් පිටත්වුවෙමු.

දැන් ඉර එලියද හොඳටම වැටී ඇතිනිසා රස්නයද වැඩිවී ඇත.   විල්ලුවක දියනාමින් සිට එතනින් ගොඩවී පාරදිගේ ඇවිද එමින් සිටි දැවැන්ත ඇතෙකු මුහුණටම හමුවිය. වාහන කිහිපයක්ම ඇතා සමඟ පාර දිගේ පැදගියේ ඒවායේ සිටි මන්ගීන්ගේ ජීවිත අවදානමට ලක් කරමිනි.

අප එතනින් ඉවත්වී යාල දෙවන කොටස දෙසට ගියෙමු. එහිදී වරහන බංගලාව පසුකර මද දුරක් ගියා පමණි. තිලක් හදිසියේ වාහනය නවත්වන ලෙස ඉල්ලා සිටියේය.

වනය අසල ලඳු කැලෑවේ පිඹුරෙකු සිටින බව ඔහු දුටුවේය. චන්දිම වාහනය සෙමින් සෙමින් ආපස්සට ගත්විට දක්නට ලැබුනේ පාර අසලම විශාල පිඹුරෙකු සෙබඩක ගිල දමන ආකාරයකි. පිඹුරා තම ගොදුර පාර මැද සිට අල්ලාගෙන වන ලැහැබ දෙසට ඇදගෙන ගිය බවට ලකුණු අවට දක්නට තිබුණි. අප එතනට යනවිට සෙබඩගේ හිස කොටස සම්පුර්ණයෙන්ම ගිල දමා තිබුණි.

සතුන් දෙදෙනාගේ ශරීර ප්‍රමාණය දකින විට නම් එතරම් කුඩා කටක් ඇති පිඹුරෙකු එතරම් විශාල පක්ෂියෙකු ගිලින්නේ කෙසේද කියා සිතාගත නොහැකි විය. විශාල සතෙකු ගිලීම සඳහා පිඹුරා තම හකු පාඩා වෙන් කරගන්නා බව තිලක් කීවේය. කෙසේවුවද මඳින් මද සෙබඩ ගිල දමනු අපට එහිදී දැකගත හැකිවිය. සෙබදගේ හිස මුලින් ගිල ඇති අතර සම්පුර්ණ සෙබඩගේ ඉතිරිව තිබු මුළු ඇඟම පිඹුරා විසින් දෙරනදමා වෙලා ගෙන සිටියේය. පැය එකහමාරක් පමණ ගතවූ පසුව තමන් අල්ලාගත් ගොදුර සම්පුර්ණයෙන්ම ගිලදමීමට පිඹුරා සමත්විය. ඉන්පසු කට විවරකර කිහිප වතාවක්ම උත්සාහ කර හකු පාඩා යතා තත්වයට පත්කර ගනු දුටුවෙමු.

මෙවැනි දසුනක් වනයේදී දැකගැනීමට ලැබීමද ඉතාම දුර්වල දෙයක් බව තිලක් කීවේය.

 



අදහස් (0)

‘මුව රැල අතරේ වග වලසුන්ගේ රඟ මඩලකි මේ උයනේ‘

ප්‍රියන්ත Friday, 27 February 2015 02:59 PM

මේ පිඹුරෙක්ද ? නැතිනම් ඇනකොන්ඩා එකෙක්ද ? සත්තු වත්තෙන් ඇනකොන්ඩා පැටව් වනයට මුදාහරින්න ගියා කියල ප්‍රවෘත්තියක් තිබුනා (නදී)

:       0       0

සිරි චන්ද්‍ර සිංහවීර Friday, 27 February 2015 10:21 PM

බන්දුල දැන් ජංගම වැසිකිලි විකිණීමට තියෙනවා. ඒවා අටවා ගැනීම හරි පහසු වැඩක්. හැබැයි අන්තිම කට්ටේට එනකල් ඉන්න නම් එපා. වැඩේ වර්චස් වෙන්න පුළුවන් (නදී)

:       0       0

කොඩිතුවක්කු Friday, 27 February 2015 07:33 AM

ඔබ ලබාගත් අපුරු දර්ශන පෙළ අපිට පෙන්වීම ගැන ස්තුතිය.(නදී)

:       0       0

පාලිත Friday, 27 February 2015 07:39 AM

මාර සීන් එකක් , තැන්ක්ස් මේක වීඩියෝ කරපු කෙනාට ,(නදී)

:       0       0

ජානක Friday, 27 February 2015 08:00 AM

මේ වීඩියො එකනම් වටිනවා. නමුත් මට හිතෙන්නෙ සෙබඩ මැරිල හිටපු එකෙක් වගෙයි. ඒ නිසා තමයි මේ තරම් මැස්සො ඉන්නෙ. (නදි)

:       0       0

නිර්ෂාඩ් Friday, 27 February 2015 09:53 AM

ජානක නිරීක්ෂණය බොහොම හොඳයි. ලංකාවේ දකින්ට ලැබෙන බොහොම දුර්ලභ වීඩියෝ දසුනක්. යු ටියුබ් එකට ගියා නම් විශාල කිඹුලන්ව ගිලින පිම්ඹුරන්ව බලන්ට පුළුවන්. (දිල්)

:       0       0

සරත් Friday, 27 February 2015 10:02 AM

මේ තමයි සත්ව ලෝකේ විවිධත්වය (දිල්)

:       0       0

බන්දුල Friday, 27 February 2015 10:11 AM

අපි යල් ගිය වෙලාවේ විවේක ගන්න තැනක වහනය නතර කළා. දේශිය විදේශික සංචාරකයෝ පිරිලා හිටියා . එකම වැසිකිළියක් තිබුණා . (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 121 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 997 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 265 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 161 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 363 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 906 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site