IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


මවගේ අනියම් සැමියා පහරදී ගොළු දැරිය මරාදාලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ, සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්) 

යාචක වෘත්තියේ යෙදෙමින් ජීවත් කරවූ ගොළු දැරියක ඉතා අමානුෂික ලෙස පහරදී මවගේ අනියම් සැමියා විසින්  ඝාතනය කර ඇතැයි හිරණ පොලිසිය කියයි.    

ඝාතනයට ලක්ව ඇත්තේ  පානදුර හිරණ ලේක් විව් පදිංචිව සිටි  බණ්ඩාරගම ගල්තුඩේ ධම්මකිත්ති ප්රාතථමික විද්යාරලයේ විශේෂ  ඒකකයේ අධ්යායපනය හදාරන පැල්පොලගේ රෝෂිණී කවිෂ්කා පෙරේරා නැමති 7 හැවිරිදි දැරියක බව පොලිසිය කියයි.

දැරියගේ ශරීරයේ සෑම ස්ථානයකම තැලුම් තුවාල දක්නට ඇති අතර කටින් හැපූ බවට සැක කරන  දත් පහරවල් සහිත තුවාලයක් පාදයක  දක්නට ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

ඝාතනයට ලක්වූ දැරියගේ පියා  යුද්ධ හමුදා විශේෂ බලකායේ සෙබළුකු වන අතර මව සහ දැරිය මීට වසර කිහිපයකට පෙර අත්හැර දමා  ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

අනතුරුව දැරියගේ මව දැරිය ජීවත් කරවීම සඳහා යාචක වෘත්තියේ යෙදී ඇති අතර පසුව වෙළඳසැලක සේවයට ගොස් සිටියදී සැකකරු  හා මිතුරු වී තිබූ බව එම කාන්තාවගේ ප්ර කාශයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.

මීට සති තුනකට පමණ ඉහතදී  දැරියගේ මව සහ දැරියව සැකකරු විසින් මවගේ නිවසට කැඳවාගෙන පැමිණ තිබූ අතර  එදින ඒ සිට දැරියට අමානුශික ලෙස පහර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුගේ පහර කෑම හේතුවෙන්   දැරිය රෝගී තත්ත්වයෙන් දින කිහිපයක් තිස්සේ පසු වී ඇති අතර දැරියව රෝහල් ගත කිරීමටත් මව හෝ මිත්තණිය  කිසිදු උත්සාහයක් ගෙන නොතිබූ බව පොලිස්  විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැරිය අද (7) උදෑසන සිට රෝගී තත්ත්වයෙන් අසාධ්යත පසුවි නිවසේ  කාමරයක  බිම දමන ලද පැදුරක් මත මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

දැරිය මිය ගොස් ඇති බව දැන ගත් සැකකරු නිවසෙන් පලා යාමේදී හිරණ පොලිසියේ නිලධාරියෙකු විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ. මහේස්ත්රාූත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
29 හැවිරිදි සැකකරු පානදුර මහේස්ත්රානත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.

පානදුර කොට්ඨාස භාර ජ්යෙුෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න  මහත්වරුන්ගේ උපදෙස් මත     හිරණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර ද සිල්වා  අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී මල්ලිකාරචිචි පොලිස් සැරයන්3081 එදිරිසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.



අදහස් (3)

මවගේ අනියම් සැමියා පහරදී ගොළු දැරිය මරාදාලා

Lalla Tuesday, 07 March 2023 08:01 PM

මේ මිනිස්සුන්ද තිරිසනුන්ද? කොහොමද දරුවාට ඔය ආකාරයට පහර දෙද්දී මවක් හෝ මිත්තණියක් බලා සිටියේ සහ රෝහලකට නොගියේ අනික මේ නිවස අසල සිටියේත් මිනී කන මෘගයෝද? පලමුව මව කියන කාලකන්නි ස්ත්‍රිය සහ දෙවනුව අනිත් උන් දෙන්න ගැන කැලෑ නීතිය ක්‍රියාත්මක විය යුතුය. රටේ නීතියට මුන් නිදහස් වෙනවා සාක්කි නැතිව....

:       0       0

Rohana Thilakarathna Wednesday, 08 March 2023 12:16 AM

කවදාවත් සංසාරේ මෙවන් වේදනාවක් ඇති නොවේවා .නිවන් සුවය පතමි

:       0       3

චින්තක Wednesday, 08 March 2023 06:01 AM

හමුදා නිළධාරියා තමන්ගෙ බිරිඳ හා දුව හැරගියාම මව සිගමනේ ගියා මොකටද දුව පෝෂණය කරන්න එතකොට මට හිතෙනවා දැරියගේ මව පියාට පමණක් නොවෙයි හමුදාවටත් අපහාස කරලද කියලා .රජයේ සේවයේ අයටනම් තමන්ගෙ තනතුර අපහාසයට ලක්කිරීම වරදක් වෙනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 228 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 208 0


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 186 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 202 0



මහරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 408 0

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site