IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ නිදහස්

(නිමන්ති රණසිංහ)

මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනකු නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව නිදහස් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මින් ඉදිරියට නිති මගින් කටයුතු කිරීමට අදහසක් නොමැති බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවට නිතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ ප්‍රියන්ත නාවන  මහතාගේ අත්සනින් යුත් උපදෙස් ප්‍රකාරව මෙම සැකකරුවන් 14 දෙනා නිදහස් කිරීමට අධිකරණය එලෙස නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 46 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන තෙක් ඔවුන් රක්ෂිත භාරයේ රදවා සිටි බවත්, මෙම සැකකරුවන් අතරින් ප්‍රධාන සැකකරුවන් 16 දෙනකු සම්බන්ධයෙන් නිතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇති අතර තවත් සැකකරුවන් 10 දෙනකු සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව විමර්ශන අවසන් නොවුණු සැකකරුවන් මහාධිකරණ ලද ඇප නියෝගයට අනුව එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් 07 දෙනකුට ඇප නියම කිරීම ද අධිකරණය මගින් සිදුවිණී. තවත් සැකකරුවන් තිදෙනකු තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.



අදහස් (10)

මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ නිදහස්

රටවැසියා Thursday, 05 May 2022 07:55 PM

එදා චීවරධාරින් යැයි සමහරක් පෙළපාලි ගිය එක මුලු ලොවම දුටු නිසා හිතන්න ඇති කැඩුව බුදුපිළිමෙන් ශාසනයට වුණු හානියට වඩා ඒ පෙළපාලි ගිහිල්ලා ඒ හැසිරුණු ආකාරයෙන් වුණු හානිය ඉතා දරුණුයි කියලා...!!

:       3       39

සුරම්‍ය ශාන්තThursday, 05 May 2022 09:18 PM

පවුලේ දිළිඳුකම නිසා, පවුලේ දරුවන් ගණන වැඩි නිසා දරුවන් පැවිදි කිරීම ශාසනයේ පරිහානියට හේතුවක් වෙලා. ඔවුන් ශාසනයට පැවිද්දන් වශයෙන් ඇතුළු වන්නේ නිවන් දකින්න නොවෙයි. කාලයත් එක්ක ඔවුන් අත මුදල් ගැවසෙනවා. සමාජයෙන් ගරු සත්කාර , සිවුපසය ලැබෙනවා, අනතුරුව ඔවුන් ලෞකික ආශාවන් පසුපස හඹා යනවා.

:       3       43

BamunuarachchiFriday, 06 May 2022 07:48 AM

හලෝ පොයින්ට් එකට කතා කරන්න. මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ නිදහස් කිරීම ගැන යමක් කියන්න.

:       0       0

BamunuarachchiFriday, 06 May 2022 07:41 AM

මගුල් කතා කොරන්න එපා මේ ආදර්ශයට ගෙන අනාගතේ පන්සල් කඩා දමන කාලෙකුත් එවී. එතකොට හාමුදුරුවරුන්ගේ වැරදි සොයන්න යන්න එපා මොහොමඩ්ලා වෙන්න. සිංහල ජාතිටම කෙලවෙලා තිබෙන්නේ ඔබලා වැනි මිනිසුන් නිසා. සුළු ජාතිකයින් පිළිම හදන තත්වයට රට පත් උනේ ඔබලා වැනි මිනිසුන් නිසා. ගොබ්බයො ගොබ්බකතාකියමින් ඉංදී. නියම වේලාවට් නියම වැඩේ නොකිරීමේ ප්‍රතිපල තමයි සිංහලයා මේ විඳින්නේ.

:       0       0

කල්පFriday, 06 May 2022 08:50 AM

බුදුපිළිම කැඩීම නීතිය ඉදිරියේ දේපල සහ සංස්කෘතික නිර්මාණ විනාශ කිරීම යටතේ වරදක්. ඒ නිසා ඒ සඳහා අත්අඩංගුවට පත්වූවන්ට සාක්ෂි තහවුරු කරගෙන දඬුවම් දීම රටේ නීතියට අයත් දෙයක්. අන්තවාදයට එරෙහිව නීතිමය පියවර ගන්නවා කියලා බලයට පත්වුණු උදවියටත් ඒක කරගන්න බෑ කියලා කියන්නේ මේ බුදුපිළිමවලට හානිකරලා ජනතාව කුපිත කිරීම මගින් ජාතීන් අතර අර්බුදයක් ඇති කිරීමේ ප්‍රයත්නයත් ඒ මතින් බලයට ආපු පිරිසගේම සැලැස්මක්... මේ සම්බන්ධයෙන් හවුල්වුණු පිරිසට නීතිමය වශයෙන් පියවර ගත්තොත් බලයේ ඉන්න ලොක්කෝ සහ තවත් පිරිසක් කොටුවෙන නිසා මේ වැඩේ ෂේප් එකේ මගහැරලා යනවා කියන එක පැහැදිලියි. මොකද ජනතාවගේ අවධානය වෙන පැත්තක තියන මේ වෙලාව තමයි ඒකට හොඳම වෙලාව. අනිත් පැත්තෙන් බුදු පිළිම කැඩීමෙන් ශාසනයට වෙන හානිය පැහැදිලි කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ කිසිම තැනක, කිසිම දේශනාවක හෝ ඉගැන්වීමක පිළිම වන්දනාව අනුමත කරලා නෑ. උන්වහන්සේ අවසානයේ ගුරුකොට තැබුවේත් ධර්මස්කන්ධය මිසක සංකේත නෙවෙයි. මේ සියල්ල බෞද්ධ සංස්කෘතියේ නිර්මාණය වුණු බොල් පිළිම මිසක් බෞද්ධ දර්ශනය නොවෙයි.

:       1       7

මැක්ස් Thursday, 05 May 2022 09:43 PM

ගෝල්ෆේස් අරගල කරන අයට සතුටුද දැන්?

:       78       16

BamunuarachchiFriday, 06 May 2022 07:44 AM

ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් ගෝල්ෆේස් අරගල කරනකොට පිළිම කඩන අයට රජ මගුල්.

:       0       0

C.K.Lankaputhra Thursday, 05 May 2022 09:45 PM

ඉතින් පාස්කු ප්‍රහාරය ගැන තව මොනවද කියන්න තියෙන්නේ...?

:       3       54

Deepal Nirosh Friday, 06 May 2022 07:10 AM

ඉතින් නීතිපතිවරයා නඩුව ආරම්භයේ දිම ඔය කාරණය ගරු අධිකරණයට දැන්වුවනම් ඉවරනෙ. නිකරුනේ අහිංසක මිනිසුන් වසර තුනක් රඳවගෙන හිටියෙ. බලාගෙන ගියහම ඊයෙ 148-65 ට පාර්ලිමේනතුවෙ ඇතුළෙ අයට අමතරව පිට අයත් දායක වෙලා වගෙයි පේන්නෙ. ඉන්න හිතෙන රටක්?

:       0       0

Bird Eye. Friday, 06 May 2022 01:07 PM

බොරුවට අත්අඩංගුවට අරගෙන උණුසුම ගියාම එළියට දානවා. රංජන් ඒ ඇත්ත කිව්ව නිසා අද හිරේ ඉන්නේ ඒකයි.

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 177 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 162 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


ප්‍රකාශයක් දෙන්න හරීන් පොලිසියට
2024 නොවැම්බර් මස 20 2344 0

මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 260 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 577 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 126 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 408 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1903 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site