(ශාන්ත පී.බණඩාර)
කඩුවක් ද රැගෙන මාවනැල්ල පදීදොර ගම්මානයේ වැසියන් බියට පත් කරමින් කාන්තාවක ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ දෙදෙනකුට කඩුවකින් පහරදුන් පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිසිය කියයි
ජයතිලක නමැති 52 හැවිරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇත. මියගිය පුද්ගලයක් කඩුවක් රැගෙන මිනිසුන් බියගන්වමින් සිටින බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුරමක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් දැක ඇත්තේ මරණ කරු කාන්තාවක් ඇපයට ගෙන ඇති අයුරුයි.
පසු එම කාන්තාව බේරාගැනීමට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින් දෙදෙනකුට කඩුවෙන් පහරදී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා පොලිසිය සැකකරුට වෙඩි තබා ඇත. පසුව සැකකරු මියගොස් ඇත.
සිද්ධියෙන් කැපුම් තුවාල ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාවනැල්ලේදි පොලිස් වෙඩි පහරින් අයකු මිය යයි
Santth Sunday, 07 April 2024 08:02 AM
මෙවැනි අවස්ථාවල දී කකුලකට වෙඩි තියන්න බැරි මොකද?
Bamunuarachchi Monday, 08 April 2024 08:21 AM
කකුලට තමයි වෙඩි තිබ්බේ මිනිහා පාත් උනා. අපරාධ කරුවන් පරිස්සම් කරන්නේ මොන කෙන්ගෙඩියකටද? කකුලට නොවෙයි කෙලින්ම ඔලුවට තියෙන්න ඕනේ.
රංබොඩ Sunday, 07 April 2024 10:35 AM
පොලිස් නිලධාරීන්ට උපහාරයක්ම වේවා...! වර්තමාන පොලිස්පතිතුමා පොලිසියේ හිස කෙලින් තබා ඇති වග විද්‍යාමාන වේ...!
මැක්ස් Sunday, 07 April 2024 11:23 AM
කළු කෝට් හමුදාවේ බාර් ඇසෝසියේෂන් එකට දැන් පුළුවන් මියගිය කඩුධාරියාගේ මානව හිමිකම් පොලිසිය විසින් උල්ලංඝනය කරඇති බව සහ ඊට එරෙහිව කටයුතු කරන ලෙස ඉල්ලමින් ලිප්ටන් වටරවුමේ බෝඩ් අල්ලාගෙන සිටීමට. ජාජබ දායක සභාවට පුළුවන් එහි පින්තුර අරගෙන සමාජ මාධ්‍ය කලඹන්න...