බස්නාහිර පළාත් ආණුඩුකාර අලවි මව්ලානා මහතගේ 81 වැනි ජන්ම දිනය වෙනුවෙන් චාම් උපන්දින සමරුමක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රවේදී අද (1) සවස පැවැත්විණි. මව්ලානා මහතාගේ මී මිණිබිරියන් වන ශෆ්රා සහ රීමා සමග එක්ව ඔහු කේක් ගෙඩියක් කපා උත්සවය ඇරැඹීය. ඔහු වෙනුවෙන් සැකසූ උපහාර ගීයක්ද ගායනා කැරිණි. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලනාඥයෝ ද, වෘත්තීය සමති නායකයෝ ද, සර්ව ආගමික නායකයෝ ද එහි වූහ. තම දේශපාලන දිවියට වසර 50කටත් වඩා මේ වන විට ගතව ඇති බවත් තම කාලය අසරණ කම්කරු යහපත සඳහා වැය කළ බවත් ඉදිරියටත් එම සේවාව කරගෙන යන බවත් මව්ලානා මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාන්ට චිරං ජයතු....(නු)
ආණ්ඩුකාරතුමනි, ඔබට දීර්ඝායු වේවා ! (ස)
සුභ උපන්දිනයක් (දී)
එච්චර වයස පාටක් පේන්න නෑනේ (ස)
සුබ උපන්දිනක් වේවා (ස)
අනේ යෝනුස්, ඔයා සාද නොපවත්වා ඉන්නකෝ. (නි)
දීර්ඝ ඉතිහාසයක් ඇති නායකයෙක්. (නි)
මුස්ලිම් ජාතිකයෙක් වශයෙන් වයසට යන්න යන්න මරණය ගැන බියක් ඇති විය යුතුවා මිස මෙවැනි සාද පැවැත්වීම පිළිබද මම එකග නොවෙමි. මම පෞද්ගලිකව මෙවැනි දේට විරුද්ධ වෙමි. (නි)
81 වෙනි වියට පා තබන ලද ඔබ තුමාට නිදුක් නිරෝගි භාවය සමග දිර්ඝායුෂ ලැබේවායි පතමි...!(නු)
ඔබ හොද ගුණ ගරුක ඇමති කෙනෙක්... අවංකත්වයෙන් යුතු කෙනක්.. සුභ උපන් දිනක්..!(නු)
ආයු බොහෝ වේවා..!(නු)
සිංහල - මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් සැමදා කටයුතු කළ මහත්මයෙක්. (නි)
තව තවත් හොද වැඩ කරමින් දිගුකල් නිදුකින් වැජඹේවා! (නි)
මවුලානා මහතා ඇතුලු සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)
සුභ උපන්දිනයක් මහත්තයෝ..!(නු)
මැතිතුමණි ඔබට දීර්ඝායුෂ ලැබේවා..!(නු)
උතුමාණෙනි සුභ උපන්දිනයක් වේවා.. (නු)