IMG-LOGO

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා


මාස 14 දරුවා අනාරක්ෂිත ළිඳකට වැටිලා

(කේෂර ගුණතිලක)

අවුරුද්දයි මාස දෙකක් වයසැති පිරිමි දරුවෙකු අනාරක්ෂිත ලිඳකට වැටී මියගොස් ඇතැයි මැදගම පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මැදගම මෑල්ලගම මල්ගස්තලාව පැල්ගහවත්ත පදිංචිව සිටි ඩී.එම් විනුර විතුල්ක දිසානායක නැමති දරුවෙකි.

දරුවාගේ පියා එදින උදෑසන කුලී වැඩකට ගොස් ඇති අතර මව සහ මිත්තණිය සමඟ දරුවා නිවසේ සිට ඇතැයි පොලීසිය කියයි.මිත්තණිය ඉඩමේ පහළ කොටසේ වගාකර තිබූ කුරක්කන් කැපීමට ගොස් තිබේ. මව දරුවාට කිරි පොවමින් සිටියදී ඇයට නින්ද ගොස් ඇත.

ටික වෙලාවකින් අවදිවී බලන විට දරුවා ඇය අසල සිට නැති බැවින් ඒ පිළිබඳව විපරම් කර බැලීමේදී නිවසට මීටර් 50 පමණ ඈතින් පිහිටි අනාරක්ෂිත ළිඳකට දරුවා වැටී සිටිනු දැක දරුවා ගොඩට ගෙන මැදගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් වෛද්‍යවරුන් දරුවා පරීක්ෂා කර ඒවන විටත්  විටත් දරුවා මියගොස් ඇති බව පවසා ඇත.



අදහස් (0)

මාස 14 දරුවා අනාරක්ෂිත ළිඳකට වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සුළං විදුලි කුළුණක තට්ටක් නිවාස 3කට කඩා වැටෙයි
2025 පෙබරවාරි මස 02 13 0

සුළං විදුලි කුළුණක තට්ටක් හදිසියෙ අද (2) හවස කඩා වැටිමේන් කන්දකුලිය කුරිඤංපිටියේ නිවාස තුනකට හානි සිදුවි ඇති බව කල්පිටිය පොලිසිය කියයි.


වරාය හා ගුවන්⁣සේවා දියුණුවට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සහය
2025 පෙබරවාරි මස 02 44 0

ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා අතර වි⁣


ලස්සන වෙන බේත් හිතුමතේ බෑ
2025 පෙබරවාරි මස 02 99 0

ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට පියවර ගන්නා


බලන් නිදහසේ පෙරහුරු අසිරිය
2025 පෙබරවාරි මස 02 832 2

77 වන ජාතික නිදහස් උළෙලේ පෙරහුරු මේ දිනවල නිදහස් චතුරස්‍රයේ දී සිදු කෙරෙයි.


ආනයනික බහලුම් නිෂ්කාශනය ගැන සොයන්න කමිටුවක්
2025 පෙබරවාරි මස 02 483 2

ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අම


චිකන් ගුන්යා රෝගීන් වැඩිවෙලා
2025 පෙබරවාරි මස 02 585 0

මෙරටින් චිකන් ගුන්යා රෝගීන් වාර්තාවීම යළි ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 72 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 724 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 724 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site