(ඉන්දිකා රාමනායක)
ඇටමිදුළු බද්ධ කිරීමක් සඳහා හෙට (10 වැනිදා) ඉන්දියාව බලා පිටත්ව යාමට සිටි මාස 5 ක් වියැති බිළිදකුගේ පියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් ෆෝන්සේකා මහතා පැවසීය. කොරෝනා වයිරසය ආසාදිත මෙම පුද්ගලයා මහනුවර පදිංචිකරුවකු වන අතර ඔහුගේ දරුවා ඇට මිදුළු රෝගයෙන් පෙලීම හේතුවෙන් මස 5 ක පමණ කාලයක් පුරා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට සිට ඇත.
මේ හේතුවෙන් දරුවාගේ මව සහ පියා කොටිකාවත්තේ ඥාති නිවසක රැදී සිට ඇති බවද නලීන් ෆෝන්සේකා මහතා පැවසීය.
මෙම පුද්ගලයාට කොරෝනා රෝගී ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති නමුත් දරුවාගේ ඇට මිදුළු බද්ධකිරීමේ ශල්‍ය කර්මය සදහා ඉන්දියාව බලා යාමට නියමිතව තිබු හෙයින් ඔවුන් පී සී ආර් පරීක්ෂණයට භාජනය වී තිබේ. එහිදී දරුවාගේ පියා කොරෝනා ආසාදිතයකු වශයෙන් තහවුරු වු බවත් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් ෆොන්සේකා මහතා පැවසීය.
හේතුවෙන් දරුවාගේ පියා නැවතැන්ගෙන සිටි කොටිකාවත්ත නිවසේ 6 දෙනෙක් අද (9) පී සී. ආර්. පරීක්ෂණයට ලක් කර නිවස තුළම නිරෝධායනය කර ඇත. කෙසේ වෙතත් ඔහුගේ බිරිඳට හා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවට වයිරසය ආසාදනය වී නොමැති බව රිජ්වේ ආර්යා රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම පුද්ගලයා සිය දරුවා බැලීමට නිතර නිතර රෝහලට පැමිණ ඇති අතර මේ හේතුවෙන් වාට්ටුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය පී සී ආර් පරීක්ෂණයට ලක් කළ බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
තමන් කොරෝනා ආසාදිතයකු යයි නොදැන සිටි දරුවාගේ පියා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලට, පිටකොටුවට මෙන්ම නාරාහේන්පිට පෞද්ගලික රෝහලකටද ගොස් ඇති අතර භාණ්ඩ මිළදී ගැනීමට සහ විදේශ ගත වීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා ගැනීමට පිටකොටුව හා කොටුව ප්‍රදේශයට නිතර නිතර ගොස් ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මෙම තැනැත්තා ගිය ප්‍රදේශ, හා ඇසුරු කළ පුද්ගලයන් සොයා සෞඛ්‍ය නිලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි. ආසාදනයට ලක් වු පුද්ගලයා අයි ඩී එච් රෝහලට ඇතුළත් කර ඇත.
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාස 5 බිළිඳාගේ ඇට මිදුළු බද්ධයටත් කොරෝනා හරස්වෙයි
Isuru Friday, 09 October 2020 11:00 AM
කොතරම් අවදානම්ද මේ විදියට රට ඇරගෙන බලාගෙන ඉන්න එක...
සෙනෙවිරත්න Friday, 09 October 2020 02:29 PM
මේක සමාජගතවීම සිදුව ඇතිබවට කවර කතාද?