වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සහ ගම්වාසීන් කිහිප දෙනකු අතර අත්සන් කළ ගිවිසුමට අනුව කොන්දේසිවලට යටත්ව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන නැවත අරඹන බව නීතීඥ ජීවන්ත ජයතිලක මහතා අද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතාට දැනුම් දුන්නේය.
ගිවිසුම් ප්‍රකාරව කරම්හලේ නිෂ්පාදන අරඹන බව ද නීතීඥවරයා පැවසීය.
මහේස්ත්‍රාත්වරයා පැවසුවේ කර්මාන්ත ශාලාව වැසීමට හෝ ඇරීමට තමා නියෝගයක් දී නොමැති බවයි.
කළින් ඇති කර ගත් එකඟතා මත කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය බොන්නෙත් ගමේ වතු රද?(දිල්)
මේ ප්‍රශ්නය ජාත්‍යන්තරය දක්වා රැගෙන යයිද? (නි)
ටයි පටි දාපු කට්ටිය සුද්දෝ ටිකක් වගේ. අපේ වීමක් සහෝදරයට මේ ගැන කිසිම අදහසක් නහැ වගේ. නෑ සුනා වගේ ඉන්නේ. මම නම් කියන්නේ මේක ඇමරිකන් කුමන්ත්‍රණයක් කියලා.(නදී)
හැමදෙයක්ම පටලාගන්න එපා. කම්හල තිබෙන්නේ නැදුන්ගමුවේ. සිද්ධිය වුණේ වැලිවේරියේ රතුපස්වල. ඉතින් මේ දෙක අදාල වෙන්නේ කොහොමද ? (නි)
අපි ඉන්නේ ග්‍රෑන්ඩ්පාස් වල. අපි නම් වතුර ඉල්ලලා කරදර කරන්නේ නැහැ. (නි)
අර ඝාතන 4 ක් සිදුවුණ විත්තියත් අහවලාට මාස කිහිපයකින් අමතක වුණා නම්, රතුපස්වල සිද්ධිය මිනිස්සු තුන් දෙනෙකුත් නැතිවෙලා අමතක කරන්න අපහසුවෙයිද? (නි)
අපේ රටේ හදෙන් හාල් ගෙනත් දෙනවා කිවුවත් විශ්වාස කරන කොට්ඨාසයක් ඉන්නවා. අපිත් එක් අයෙකුගේ වචන විශ්වාස කර ගොස් ඡන්දය දෙමු. ඔබ සැමට සුබ අනාගතයක්! (නි)
මේ රතුපස්වල කර්මාන්ත ශාලාව විවෘත කරන්න ගැසූ ගිවිසුමට මේ අවට ගම්වල සියලුම ජනතාව අත්සන් කරලද? එහෙම කරලා නැත්තම් එය වලංගු නැහැ. (නි)
ජනතාව රවටමින් ජනතාව ආගාධයට තල්ලු කරමින් කරන මේ ක්‍රියාවට එරෙහිව මෙම සමාගමේ නිෂ්පාදන මිලදී නොගන්නා ලෙස එම ආයතන වලට බලපෑම් කිරීමට යමක් කිරීමට උත්සාහ කරමි. (නි)
වතුර අපවිත්‍ර වෙන එක නවත්වලද? .නැත්නම් මොකක් හරි යොදවලද?(අ)
මේ සේරම වහ දෙන කට්ටිය කළු සිංහලයෝ නේද? හදපු දෙමාපියෝ වගකියන්න ඕනේ. විහිළුවක් වගේ සලකන්නේ බොන වතුරට. ඒක ලෝකේ මුලික මිනිස් අයිතිවාසිකමක්, ආණ්ඩුවක වගකීමක්, වතුරැ ඉල්ලපු නිසා වෙඩි තියපු රටක් ? ඒ කරපු එක්කෙනා තාම හමුදා ඇඳුම අඳිනවා? මොනවද මේ සිද්ද වෙන්නේ? විහිලු කරන්න වෙලාවක් නෙමේ ..(නදී)
තිලක් දුබයි මහත්තයෝ..ඔලුව දන්නා කලින් මුට්ටිය දාල බලන්න (අ)
එන් කර්මාන්ත ශාලාව වාවෘත කරල බලමු සල්ලි වලට ඔක්කෝම කරන්න බෑ වාර්තා සියල්ලම යට ගහනවා ඒව ඉදිරිපත් කරන්න බයයි. (අ) .
පෙරේරා දැන් ඉතින් හරි. ඔලුව දාගත්තට පස්සේ ඇඟ දාගන්න අමාරු නැහැ නෑ. කටට මසුරන් දාන්න වටිනා කතාවක්.ඔබ හරියටම හරි. (අ)
දවස් කීයක් වැඩ කරන්න දෙයිද දන්නේ නැහැ රතුපස්වල ඉන්න මල්ලිලා? (නි)
අපේ රටේ හැම ප්‍රශ්නයක්ම විසදන්න කාලය ගන්නවා කියන්නේ අවසානයේ කිසිම විසදුමක් නැහැ කියන එක තමා.කරන්නේ මිනිස්සුන්ට ප්‍රශ්නය අමතක කරවන එකයි. (අ)
දැන් ඉතින් හරි. ඔලුව දාගත්තට පස්සේ ඇඟ දාගන්න අමාරු නැහැ නෑ. (ස)