කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් ලබන වසරේ ජනවාරි හයවනදා සිට අප්‍රේල් හත දක්වා වු කාලයේ රාත්‍රියට පමණක් සිදුකිරිමට සැලසුම් කර ඇතිබව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි ..
ප්‍රධාන ධාවන පතයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් උදෑසන අටයි තිහේ සිට පස්වරු හතරයි තිහ දක්වා වු කාලය තුල බණ්ඩාරනායක ජාත්‍යනතර ගුවන් තොටේ ගුවන් ගමන් සිදු නොකෙරෙන අතර එම කාලයයේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොට පාවිච්චි කරන බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා දෙයක් නොසලකා හැරියට, අපේම දේ අපේම රටේ දියුනු කරනවානම් එක කාටත් වැදගත්. එදා වී වේලන්න නේද හැදුවේ. (බ)
මුලින්ම දේශපාලන අවලාද නොකර තීරණයක් ගත්තා නම් අද මේක මීට වැඩිය ගොඩක් දියුණුවෙලා. (නි)
අර ඩුබායි වල ඉන්න අය මේවට මොනවාද දන්නේ නැහැ කියන්නේ? (නි)
ඔන්න චන්නගේ දැනුම! රත්මලානට පුලුවන්ද ලොකු ප්ලෙන් බාන්න? ඔහෙලා වගේ අය තමයි යහපාලනෙට මුක්කු ගැහුවේ! (අ)
රත්මලානේ ලොකු ගුවන් යානා ගොඩබාන්න බැහැ. ජාත්‍යන්තර සිවිල් ගුවන්යානා රත්මලානට ගන්න බැහැ.
හොද දෙයක් . කවුරු හැදුවත් දැන් මේක මහජන දේපලක් .දේශපාලන කුහකකම් පසකින් තියලා රටටත් ජනතාවටත් මින් ප්‍රයෝජනයක් ගන්න හැකි ආකාරයට කළමණාකිරිමේ වගකිව යුත්තන් වගකීම වෙන්නේ නැතුව මුවහමට තඩිබානවා වගේ මේක විවේචනය කර කර ඉදල ලැබෙන දෙයක් නැහැ. (ම)
ඔය නම් හදන්නේ මත්තල වී ගබඩාව විනාශ කරන්න තමයි. ගොවියෝ පව්! (නි)
ඇයි රත්මලානෙත් පුලුවන්නේ (නි)
මත්තල නොතිබුනා නම් මෙම සියලුම ගුවන් යානා ගොඩ බාන්නට වන්නේ දකුණු ඉන්දියාවේ ගුවන් තොටුපලවලටය. ඉන්පසු ඔවුන් ලංකාවට ගෙන්වන්නට සැහැල්ලු ගුවන් යානා යෙදවීමට සිදුවනු ඇත. එමෙන්ම මගී ගුවන් යානා සෑම පථයකම ගොඩ නොබාන අතර එම ගුවන් පථය ජාත්‍යන්තර ගුවන් තොටක් ලෙසට සහතික ලත් එකක් විය යුතුය.(බ)
මත්තල ගුවන් තොටුපල තැනුවේ කාරණා කීපයක් මුල් කරගෙන 1 ලංකාවේ හොදම ස්ථානය (ලංකාවේ ප්‍රදේශ 7 විමර්ශනය කර ලබා ගත් ජාත්‍යන්තර දත්ත අනුව කවදා හෝ ලංකාවේ ලොකුම ගුවන් තොටුපල වේ ) ජාත්‍යන්තර ගුවන් මාර්ගයේ පිහිටීම මුහුද ආසන්නයේ හදිසි ගොඩ බැස්සීම් සදහා සහ A380 වැනි ගුවන් යානා සදහා හදිසි ගුවන් තොටුපල ( දකුණු ඉන්දියාවේ වුවත් ලංකාවේ මත්තලට පැමිණිය යුතුය. (බ)
ජාත්‍යන්තර මට්ටමෙන් අනුමැත ගුවන් තොටවල් වලට පමණයි එවන් යානා බස්සවන්නේ . රත්මලානට එය බැරි බව මත්තල වී ගබඩා කරන එකට හුරේ දමල එය හදපු මහින්ද විහිළුවට ලක් කළ අය දන්නේ නැතුව ඇති. (ම)
මෙතන ගැටලුව කටුනයක 2 ගුවන් පථය හදන්නේ නැතිව පර්යන්ත ගොඩනැගිලි ලොකු කරන්නේ නැතිව මත්තල හදපු එක. ගුවන් සමාගම් කැමති නෑ එකපාරට මත්තලට යන්න යටිලා පහසුකම් නැති නිසා .(හේ)
අනේ මන්දා?(හේ)
චන්න රත්මලානට බාන්න වෙන්නේ ඔයාගේ සෙල්ලම් ප්ලේන් එක තමයි (බ)
වී ගබඩා කරන්න පාවිච්චි කරපු මත්තල.... අනේ ඉතින් දැන් මක්කරන්නද? නොදන්නාකමට එදා කරපු වැඩ. අර ගලේ පහරපු බළලාට වෙච්ච වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)
කටුනායකත් වී ගබඩාවක් කරමුද (බ)
දැන් ඉතින් මත්තල ගුවන්තොටුපලේ වටිනාකම තේරෙයි.(හේ)
රාත්‍රියේදී තමයි ගුවන් තොටුපල වැඩි ක්‍රියාකාරී වෙන්නේ (නි)
වසන්ත, ලුම්බිණි, හරියටම හරි. මෙවැනි බලධාරීන් නිසා රටට වෙන්නේ අයහපතකි (නි)
මත්තල නැත්නම් රත්මලාන තියෙනවනේ (නි)
තමිල්නාඩුවේ ගොඩබෑවා නම් කීයක් ගෙවන්න වෙනවද? (නි)
රාත්‍රියට අලුත්වැඩියා කරලා දවල්ට ගුවන් ගමන් සිදු කළා නම් මොකද වෙන්නේ? (නි)
හතර හිනා කියන්නේ මේවට තමයි (නි)
මත්තල තිබුණේ නැත්නම් කොහෙද බාන්නේ? තමිල්නාඩුවේ වෙන්න ඇති (නි)
ඒ කාලෙට වී වේලන්නේ කොහෙද? මතකද මත්තල ගුවන් තොටුපොල ගැන ඒ කාලේ කියපු කතා? (නි)
ඔන්න මත්තලට බැන බැන හිටියා. දැන් කොහොමද? (නි)
හත් දෙයියනේ! එතකොට අර වී වේලපු කට්ටියට මොකද වෙන්නේ? (නි)