(ටි එල් ජව්ෆර්කාන්)
එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ගලයෙකු විසින් පහරදීම හේතුවෙන් එරාවුර් මූලික රෝහලට අද (08) ඇතුළත් කර තිබේ.
දේශපාලන ගැටලු හේතුවෙන්, මන්ත්‍රීවරයාගේ පියාට සහ සහෝදරයාට මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටදී පුද්ගලයෙකු විසින් අද උදෑසන 6.00 ට පමණ පහර දී තිබූ බව මේ සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් සාලි නලීම් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙස්ද පැවසීය.
"මම උදේ කොළඹ ඉඳන් ඇවිත් රෝහලට යනකොට, වෙනත් පක්ෂයක ආධාරකරුවෙක් මාව රෝහලේ තියාගෙන මට අපහාසාත්මක වචන කතා කළා. මෙයින් පසු මම පොලිස් ස්ථානයට ගොස්, වාහනයෙන් බැස ඇතුළට යන විට, පිටුපසින් පැමිණි ඒ පුද්ගලයා ඔහුගේ යතුරුපැදියේ හිස්වැස්මෙන් මට පහර දී, පොලිස් ස්ථානය තුළදී ද මට පහර දීමට උත්සාහ කළා."
මේ අතර, මෙම සිද්ධියේදී එවැනි කිසිවක් සිදු නොවූ බවත් දෙදෙනාම තල්ලු කර දැමූ බවත් පොලිසිය ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්
රුවන් Saturday, 08 February 2025 05:13 PM
ඉස්සර වගේ නෙමෙයි දැන් සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය මිනිස්සු ඒ අයගෙන් හොරා කලා රජ පුටුවලට ගිය දේශපාලුවන්ගෙන් පලිගන්න පටන් අරන්. සමහර විට හෙට අනිද්දා මුහුණ වහන් යන්නේ වෙයි මේ අයට.
යෝගාSaturday, 08 February 2025 05:40 PM
බලය ලබාගැනීමට අනෙකුත් දේශපාලන පක්‍ෂ කෙරෙහි වෛර කරන්න, නීතිය අතට ගන්න ජනතාව පෙලඹවූයේ නීච ජෙප්පන් විසින්. බොහෝ චෝදනා අවබෝධයෙන් කියපු ඒවා බොරු. එය තමා වෙතටත් ඉක්මනින්ම හැරෙයි කියලා නොහිතන එක නම් පව්...
karolisSaturday, 08 February 2025 06:28 PM
ඇයි මේ අය විතරක්? බොරුවෙන්ම ආණ්ඩුව කරන කට්ටිය මූණ වහගෙන යන්න ඕන නැතෙයි?
වික්‍රම විදුර Saturday, 08 February 2025 05:45 PM
ජාතිවාදී නම් වලින් කරන දේශපාලනය අවසන් කළ යුතුයි.
amda Sunday, 09 February 2025 09:06 AM
මොකද්ද බොරුව? රට බංකොළොත් කළේ බොරුද? ණය ගෙවලා නෑ බොරුද? ණය නැතුව යන්න බැරි රටක් බොරුද? හොර මගඩිවලට නඩු දාලා ඉවර කරන්න ලංකාවේ කල්යනවා බලාගෙන ඉන්න.
karolisSunday, 09 February 2025 04:36 PM
හලෝ ඇම්ඩා ඇවිල්ලා මාස 4ට සංචිත ටික ඩොලර් මිලියන 57කින් කාබාසිනියා කරලා කියලා දන්නවද? එක පෑන් පාරෙන් හාල් මෝල්ලු මට්ටු කළාද? උගන්ඩා සල්ලි ගෙනාවාද? හොරු ඇල්ලුවද? vitz එක ලක්ෂ 12ට දුන්නාද? 2/3 ආණ්ඩුවක් තියා ගෙනත් කියපු එව්වා එකක්වත් කළාද?