එක්සත් රාජධානියේ මහ මෙව්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් වැට් ටේලර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එදින ලන්ඩනය පුරා ඇද හැළුනු ධාරානිපාත වර්ෂාවත් මේ දිනවල ලන්ඩනයේ ඇති අධික සීතලත් නොසලකා පින්කමට 600කට වැඩි පිරිසක් ආහ. අරහන්ත වන්දනා පින්කමක් ලන්ඩන් නුවරදී පැවැත්වූ ප්‍රථම වතාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මපදය - සහස්ස වග්ගය 108 ගාථාව දහස් ගණන් වියදම් කරගෙන, මාසයක් ගානෙ යාග කළත්, අවුරුදු සියයක් මුළුල්ලේ යාග කළත්, සිත දියුණු කරගත් රහතන් වහන්සේ නමකට එක් මොහොතක පුද පූජාවක් කළොත්, අර සියක් අවුරුදු මුළුල්ලේ කරපු යාගෙට වඩා මොහොතකට කළ මේ පූජාවයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ. (නි)
අපි අපි බෙදිලා කොහොමද බෞද්ධ කම රැක ගන්නේ.. අදහස් දානකොට අපි විතරක් නෙමෙයි තව අය කියවන බව මතක තියාගන්න..!(නු)
නමෝ බුද්ධාය සමහර අයගෙ අදහස් දැක්කම හරි පුදුම හිතෙනවා රහතන් වහන්සේලාට වන්දනා කරන්න කියල කොහෙද තියෙන්නේ කියල අහනවා. නිවැරදි දහම් දැනුමක් නැති කම තමයි ඒ. 1) ඉසිගිලි සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාලේ පසේ බුදු රජාණන් වහන්සේලාට වන්දනා කරන්න් කියලයි. මජ්ජිම නිකායේ ඉසිගිලි සූත්‍රය බලන්න. පිරුවානා පොත් වහන්සේගේත් තියෙනවා 2) විමාන වස්තු පොත කියවන්න. ඒකෙත් තියෙනවා රහතන් වහන්සේලාට වන්දනා කරල සුගතියෙ උප්න්න අයගෙ විස්තර 3) අංගුත්තර නිකාය 4 නිපාතයේ තියෙන අග්ගපසාද සූත්‍රයත් බලන්න. 4) ඔබ නිතරම තෙරුවන් වන්දනා කරන විට, බුදු රජාණන් වහන්සේටත්, බුදු රජාණන් වහන්සේගේ ධර්මයටත්, ඒ වගේම, සුපටිපන්න යනාදී වශයෙන් ඒ ශ්‍රාවක සංඝරත්නයත් (මූලිකව රහතන්) වහන්සේලාටත් වන්දනා කරනවා. සමහර උදවියට ඒකත් අමතකයි. රහතන් වහන්සේලාට වන්දනා කරන්න කියල තියෙන්නේ කොහෙද කිය කියා හොයනවා. (මේ අය බෞද්ධයෝද කියලත් සැකයි) (අපි බුදු රජාණන් වහන්සේට, සද්ධර්මයට සහ රහතන් වහන්සේලාට වන්දනා කරන්නේ නැති නම් වෙන කාට වන්දනා කරන්න ද?) 5) බුදු රජාණන් වහන්සේ අනුදැන වදාලේ වන්දනා මාන කරන්න, විශේෂයෙන් ධාතූන් වහන්සේලා තැන්පත් කොට ස්තූප සාදා වන්දනා කරන්න කියල. හතර දෙනෙක් ඒ සඳහා සුදුසුයි කියා අනුදැන වදාල. බුදු රජාණන් වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා සහ සක්විති රජතුමා ඒ හතර දෙනායි. 6) බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පසු, බුදු රජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට පැවසුවේ "මේ දේහය ආදාහනය කරල ස්තූපයක් සදන්න කියල යි" මහමෙව්නාවට හදවතින්ම එකතු උන අය මේ විස්තර දන්නවා. ඒ අයට ඒවා කියා දීලයි තියෙන්නේ. ඒ නිසා ඒ අය රහතන් වහන්සේලාට වන්දනා කරනවා. පින් රැස්කර ගන්නවා. ඒක විවේචනය කරකර ඇද හොය හොයා ඉන්නවට වඩා හොඳයි ඒ පින අනුමෝදන් වන එක. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේලා ට විතරක් නොවේ ගුණ නුවණින්, ඒ වගේම වයසින් වැඩිහිටි අයට වන්දනා කරන්න, ගෞරව කරන්න, ඒ කෙනා ආයු, බල, වර්න සහ සැප යන කරුණු හතරින් වැඩෙනවා කියලයි.. අභිවාදන සීලිස්ස... අවසාන වශයෙන් පන්සලට ගියාම ඒ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේලාට අපි වන්දනා කරනවා. එහෙව් අය අහනවා "ඇයි රහතන් වහන්සේලාට වන් දනා කරන්නේ කියල?" පිනක් අනුමෝදන් වෙන්නත් පිනක් ඕන."(නු)
ලස්සන වැඩක් , සාදු සාදු (ස)
පිරිසක් පින් කරති. සත්පුරුෂයෝ එය දැක සිත පහදවා ගනිති. සහභාගී නොවූවත් මෙසේ හෝ දැක බලා පින් අනුමෝදන් වෙති.ඒ පින්වන්ත සත්පුරුෂයෝ සුගතියේ උපදිති. එහෙත් අසත්පුරුෂයෝ සහභාගී නොවෙති. අනුමෝදන් නොවෙති. එහෙත් විවේචනය කරති. අඩුපාඩු සොයති. අපාගත වෙති. (ස)
දිලිප්, ආනන්ද, ඩී.ඒ.සී. හරියටම හරි. කට්ටියගෙ අදහස් දැක්කම හිතෙනවා බොදු ජනයාද කියලා. තෙරුවන් නොදන්නාකම. තමන්ට වඩා සීලයෙන් ගුණ නුවණින් වැඩි කවර කෙනෙක්ට වන්දනා කළත් පින රැස් වෙනවා. අනන්ත ගුණ ඇති මහ රහතුන් වැදිමෙන් කී දෙනෙක් අපායට නොවැටී සුගතියට පාර හදාගන්න ඇද්ද? පිරිසක් පින් කරති. සත්පුරුෂයෝ එය දැක සිත් පහදවා ගනිති. සහභාගී නොවූවත් මෙසේ හෝ දැක බලා පින් අනුමෝදන් වෙති. ඒ පින්වන්ත සත්පුරුෂයෝ සුගතියේ උපදිති. එහෙත් අසත්පුරුෂයෝ/මෝඩයෝ තම මෝඩකම නොදැන, සහභාගී නොවෙති. අනුමෝදන් නොවෙති. එහෙත් විවේචනය කරති. අඩුපාඩු සොයති. අපාගත වෙති (නි)
ලෝකෙම අවධානය ලක් වන්න ඕන වැඩක් (දී)
හරියටම හරි දිලීප්. පිනක් දැකල ඒක අනුමෝදන් වෙන්නත් පිනක් තියෙන්න ඕනේ. (ස)
ගොඩාක් පින් සිද්ද වෙන වැඩක් (දී)
මම මහමෙවුනාවට සම්බන්ධ කෙනෙක් නොවේ. මහමෙවුනාවේ වැඩකටයුතු පිළිබඳව විවේචනය කරන අයගේ අදහස් වලින් මට නම් පෙනී යන්නේ ඒවා ලියා ඇති අය ඒ ගැන සොයා බලා හරි අවබෝධයක් ඇති අය ලෙස නොව, පොදු ආරංචි සහ කටකතා ඇත්ත ලෙස සළකා ඒ මත තමන්ගේ තීරණයන් ගෙන ඉන්න අය ලෙසටයි. මහමෙවුනාවට සම්බන්ධ අයගේ පිළිතුරු කියවීමේදී ඒ අය බුදුදහම පිළිබඳව කිසියම් අවබෝධයක් ඇතිව ඉන්නා අය බවත් පෙනීයන බව කිව යුතුයි. මෙය හොඳ දෙයක් නේද? (නි)
වටිනා වැඩක් (දී)
මගේ අදහස් දැක්වීමට ඩී. ඒ. සීට සහ ප්‍රදීප්ට ගොඩක් රිදිලා. තමන්ම හරිය කියලා හිතන්න එපා. මහමෙව්නා පින්වත්තු අනෙත් අදහසුත් ඉවසන්න. බුදු දහම මිසක් මහමෙව්නා සංකල්පය ඔලුවේ තියාගෙන නිවන් දකින්න බැහැ. බුදුන් වහන්සේ දෙස දේශනා කළේ කිසිවක් අල්ලා ගන්න එපා කියලා. සංකල්ප වලට හිර වෙන්න එපා. කාලාම සුත්‍රය අහලා ඇති නේ. ධර්මය කරේ තියන් යන්න නෙමෙයි එතෙර වෙන්න භාවිතා කරන්න. (නි)
බුදුගුණ අනන්තයි..!(නු)
සිරිමල් හරි කට කතා කිසි සේත් විස්වාස කල යුතු නෑ. (ස)
දර්ශනයක් තිබේ බුදුරදු දෙසු දහමේ අති සුවිසල් ප්‍රතිඵල හරි වැටහීමේ සැමදා ඒ අනුව තම දිවි ගතකිරීමේ මැද පිළිවෙතයි හරිමඟ නිවනට යාමේ (නි)
සාධු...සාධු...සාධු... (දී)
පින්කමක් සිදු කළ විට එහි අඩුපාඩු සොයමින් විවේචනය කර කර පව්කර ගන්නා පවිටු අසත්පුරුෂයින් දකින්නටවත් නොලැබේවා ! කවරෙකු හෝ පිනක් කළ විට එහි අඩුපාඩු නොසොයා විවේචනය නොකර එය සතුටින් අනුමෝදන් වන සත්පුරුෂයින් සිටින දිශාවටත් නමස්කාර වේවා ! (නි)
සුසිල් මහතාණෙනි, ඔබ අභියෝග කළා බුද්ධ දේශනා වලින් පෙන්වන්න කියා. ඉතින් බුද්ධ දේශනා වලින් කරුණු පෙන්නුවාම, ඔබට තවමත් එය අනුමෝදන් වෙන්න බැරි ඇයි? අවාසනාව ද? අපි මහමෙව්නාවේ බණ සරණ ගියා නොවේ, බුදුරජාණන් වහන්සේ වදාල ධර්මයයි සරණ ගියේ. මෑත කාලය තුළ උතුම් බුද්ධ දේශනා ඉස්මතුකොට පෙන්වූවේ මහමෙව්නාවයි. අපි ඔබටත් කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියායි. (වර්ථමානයේ බුදු රජාණන් වහන්සේ සරණ ගිය අයෙක් මහමෙව්නාවට ප්‍රශංශා කරනවා මිසක් නින්දා අපහාස කරන්නේ නැහැ) (නි)
සුසිල් මහතාණෙනි, මේ කරුණු දැක්වීම අපක්‍ෂපාතීව බලන විට ඔබ බුදු දහම කිසිසේත්ම නොදන්නා, බාලයෙක් සේ අදහස් පළකරන බවක් පෙනෙයි. දහම් කරුණු පෙන්වද්දී පවා එය පිළිනොගැනීම, දැඩිව සිටීම, ධාර්මික කරුණු ඉදිරියේ නොනැමී සිටීම ධර්මයේ හැසිරීමක් නම් නොවේ. (නි)
සුසිල් මිලානෝ, ඒ අය රිදිලා නෙමෙයි කතා කළේ. මෙහෙම කතා කරන අය අනික් අය ගැන අනුකම්පාවෙන් කියන්නෙ. තාම ඔබතුමා ධර්මය අල්ලලා නැති එකයි අඩුපාඩුව. ඔබටත් ධර්මය වැටහේවා කියා පතනවා! (නි)
කොහේ ගියත් අපේ ආගමට ගරුකරන එක ගැන බෞද්ධයින් වශයෙන් ගොඩක් ස්තූතියි! (නි)
මිනිසුන් නොවටිනාදේට වියදම් කරනවාට වඩා මෙවැනි වටිනා දේකට වියදම් කිරීම ඉතාම යමපත් දෙයික..!(නු)
රසාංජලී.ඔයාලත් තව ධර්මය යනු කුමක්ද දන්නෙ නෑ. බුදුදහම ගරැකරකර පුජා කරකර ඉන්න නෙමෙයි තියෙන්නෙ.පිලිපදින්න,ධර්මයේ හැසිරෙන්නයි තියෙන්නෙ.ගොඩක් අය ධර්මය ගවේශනය කරල නෑ.අවබෝධයක් නැතුව අදහස් ප්‍රකාශකරන එකෙන් මොකක්ද වැනසෙන්නෙ දන්නවද??? http://www.budurashmiya.net බලන්න (ස)
බෞද්ධයාගේ ඒකායන අරමුණ නිවන් දකින්න නම් දාන, ශීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පිළිවෙළින් ප්‍රගුණ කළයුතු නොවේද? (නි)
නිකං බිම ඉදගෙන හිටියට මදි ධර්මයේ හැකිතාක් දුරට හැසිරෙන්න ඕන.. මානය තුරන් කරන්න ඕන. දුප්පතුන්ට උපකාර කරන්න ඕන.. සතුන්ට ආදරය කරන්න ඕන.!(නු)
රටින් පිට ගියාම තමයි ගොඩක් අයට ආගම මතක් වෙන්නේ .. (ස)
පියල් , මසුරන් කියමනක් (ස)
මොකක්ද මේ අරහන්ත කියන එකේ තේරුම ? ඇයි ඒගොල්ලෝ අරහන්ත කියල කියන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න (ස)
තමන් තනිවෙනකොට, දුක්කරදර වලින් මිදෙන්න ඕන වෙනකොට ආගමට දහම නිකම්ම නැඹුරු වෙනවා.... පියල්ගේත් අත්දැකීමක් ද? (ස)
පියල්, ඒ අයට රටින් පිටවුණත් තමන්ගේ ආගම මතක තිබෙන එකම කෙච්චර දෙයක්ද? (නි)
පියල් , ඉතින් ඒකෙ වැරැද්දක් තියෙනවද ???? (ස)
හරිම ලස්සසනයි... ලංකාවෙවත් මේ වගේ ලස්සනට කරන්නෙ නැහැනෙ.... පිං සියළුම දෙනාට..!(නු)
සැමටම සම්මා සම්බුදු සරණයි (දී)
ලියනගේ. අටවිසි බුද්ධ වන්දනාව කියල කියන්නේ අටවිසි බුදුවරුන්ට පුද පූජා පැවැත්වීමටයි. බෝධි වන්දනාව කියල කියන්නේ බෝධින් වහන්සේ වන්දනාකොට පුද පුජා පැවැත්විමට යි. චෛත්‍යය වන්දනාව කියල කියන්නේ චෛත්‍යය වන්දනා කොට පුදපුජා පැවැත්විමට යි. අරහන්තක වන්දනාව කියල කියන්නේ ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක සාරිපුත්ත මොග්ගල්ලාන රහතුන් වන්දනා කොට පුද පුජා පැවැත්විමයි. (ස)
මේක ගොඩක් උතුම් දෙයක්.. අපි මේ පිංතූර දැකලා ගොඩක් සතුටු උනා.. ලංකාදීපයට ස්තුතියි..! ගොඩක් තරුණ පිරිස මේකට සහභාගීවෙලා තියෙනවා.. සෑම කෙනෙක්ම සුදු වතින් සැරසිලා.. සෑම කෙනෙක්ම බුදු දහමේ අර්ථය දැනගෙනයි සහභාගීවෙලා තියෙන්නේ.. අපිත් එය දැනගත යුතුයි..!(නු)
මොහොමඩ් ඔයාගේ කතාව සහතික ඇත්ත (ස)
සාදු සාදු...!(නු)
සාදු සාදු.!(නු)
බුද්ධපූජා අටවිසි බුද්ධපූජා පැවැත්වීම ප්‍රමාණවත් නැහැ කියල හිතෙනවා ඇති. අලුත් දෙයක් හොයල කිරීමෙන් ජනප්‍රිය වෙනවා වැඩියි. බුදුදහම කියන්නේ ජනප්‍රිය පුදපූජාවලට පමණක් නම් නොවෙයි. කොහොම උනත් මේවත් හොදයි තාවකාලික මානසික සුවයක් සදහා (ස)
යමෙක් පැහැදුණු සිතින් යුතුව ආර්ය මහා සංඝරත්නයට පුද පුජා පවත්වයිද වන්දනා මාන කරයිද එයින් රැස් වන්නේ අප්‍රමාණ කුසලයක්මය. යමෙක් සියල්ල දත්තවුන් සේ ඒ කෙරෙහි විවේචන එල්ල කරන්නේ හිතේ ඇති කුහක කමටය. (ස)
බලාගෙන ඉන්න මොහොමඩ් (ස)
ශ්‍රියානි ඔයා හරියටම හරි.. මම ජනවාරි පළමුවෙනිදා ලන්ඩනයේ පිහිටි බෞද්ධ පන්සලකට ගියා.. මගේ අදහස නම් මේ වගේ දේවල් වලට අනවශ්‍ය ලෙස විදයම් කරනවාට වඩා මේ විහාරවලට උදව් කරන එක වටිනවා කියලා ඒවා පවත්වාගෙන යාමට.!(නු)
තෙරුවන් වන්දනා කිරීම පින්වැඩෙන පිංකමක් තමයි. තෙරුවන් කෙරෙහිම පුදපූජා පැවැත්වීම තමයි චිරාත්කාලයක් සිදුවුනේ.පුදපූජා පැවැත්වීමම නෙමෙයි බුදුදහම කියන්නේ. මෙම පිංකමත් ශ්‍රද්ධාවෙන් කරන අයට පිංලැබෙනවා. පිංකම් සදහා මාතෘකා යොදන්නේ ජනප්‍රිය බව වැඩිකරගන්න. අනෙක් පුජාවලට වඩා විශේෂයක් පෙන්වීම තමයි අරමුණ. මෙහි සහභාගී වන අයට ඒ පින ඒ ආකාරයෙන්ම ලැබෙනවා ඒ අය ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට.(නු)
මේ වගේ පින්කම් වලින් කරන්නේ බුදු දහම හුදෙක් භක්තිවාදයක් කිරීමයි. බුදු රදුන් දේශනා කලේ ප්‍රතිපත්ති පුජාව ප්‍රමුඛයි කියල. මේ වැඩසටහන් ජනප්‍රිය වීමේ ක්‍රමයක් ලෙසයි කරන්නේ . අනිත් තැන් වලත් ඔවා කලා නම් ඉවරයිනේ. සම්ප්‍රදායික පන්සල් නිහඩ නිසයි මේ පාලු ගෙවල්වල වලන් බිදිනවා වගේ බුදු දහම හුදු භක්තිවාදයෙන් යට කරන්න හදන්නේ. නුවර යුගයේත් ඔයදේම උනා. අන්තිමට සාසනයේ ඉතිරිඋනේ ගනින්නාන්සේලා විතරයි .මේවා තමයි බුදුදහම මාර්කට් කරනවා කියන්නේ. ඔය නමෝ බුද්ධාය කියා ගත්ත ගමන් සුත්‍ර ගණන් කරමින් කියවන පින්වත් ඇත්තෝ අපිට කියනවද මේ අරහන්ත වන්දනාව මොන සුත්‍රයේද තියෙන්නේ කියල.(නු)
සාදු.. සාදු..!(නු)
සාදු.. සාදු. තෙරුවන් සරණයි..!(නු)
සුසිල් මහත්මාණෙනි ඒ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ධම්ම පදයේ සහස්‍ර වග්ගයේ 8 වෙනි ගාථාවේදී රහතන් වහන්සේලාට පුද පූජා පැවැත්වීමේ වටිනාකම මෙසේ දේශනා කොට තිබෙනවා. ඔබ ධම්ම පදය කියවලා නැතිව ඇති. කරුණාකර කියවන්න. " යම් පුද්ගලයෙක් මහ වනයකට වෙලා අවුරුදු සීයක් ගිනි පූජාවක් කර කර ඉන්නවාට වඩා සිත දියුණු කරගත් රහතන් වහන්සේ නමකට සුළු මොහොතක් පුද පූජාවන් පැවැත්වුවොත් අවුරුදු සීයක් ගිනි පූජාවන් පැවැත් වූවාට වඩා සුළු මොහොතට රහතන් වහන්සේට කල පූජාවම යි ශ්‍රේෂ්ඨ වන්නේ" ධම්ම පදයේ තිබෙන මෙවැනි ගාථාවලින් වැටහෙනවා රහතුන් උදෙසා පූජාවන් කිරීම මොන තරම් උතුම් ද කියලා. කරුණාකර අනුන් කරන පින්කම් වල අඩුපාඩු හොය හොය නින්දා අපහාස කරලා නිකම් පව් පුරව ගන්න එපා. තමන්ගේ සිත රැක ගන්න. නමෝ බුද්ධාය !(නු)
දුක හිතෙනව තම තමන්ගෙ නොදැනුවත්කම් නිසා පව් කරගන්න හැටි දැක්කම.රවි හරි. හරියට දහම ටිකක්වත් දන්නවනම් මෙහෙම කමෙන්ට් වැටෙන් නෑ.මෙව දැකල සතුටුවෙන්න බැරි පව්කාරයින්ට.කරැනාකර බුදු දහම නොදැන කතා කරන්න එපා.රවි විතරයි යමක් දැනගෙන කියා තියෙන්නෙ.(නු)