IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මහ ඇමැති වැරැදි වැඩක් කළා’

මොණරාගල දනකිරියේ  විදුලි යෝජනා ක්‍රමයටද මහ ඇමැති තමාට කළීන් මුල්ගත් තැබු බවත් විවෘත කිරීමේ උත්සවය සදුදාට යොදා තිබියදී එයද තමාට කළින් විවෘත කැර ඇති බවත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය සුමේධා ජී ජ‍යසේන මහත්මිය  එසැණ සමඟ පැවසුවාය.

මෙම විදුලි යෝජනා ක්‍රමයට මුදල් වෙන් කළේ මගේ විමධ්‍යගත යෝජනා යටතේ මා එය සදුදා විවෘත කරනවා.

ඇමැතිවරිය මෙසේද  පැවසුවාය

විවෘත කිරීම  වෙද්දි විදුලි යෝජනා ක්‍රමයේ වැඩ ඉවර වෙලා තිබුණෙත් නැහැ. තව දෙයක් ඔය යෝජනා ක්‍රමය මුල්ගල තියන්න දින නියම කර තියෙද්දී ප්‍රධාන ඇමැතිවරයා ගිහිල්ලා මටත් නොකියා මුල්ගල තිබ්බා. මොනරාගල ආසන සංවිධායකවරිය මමයි.‍

දේශපාලන සම්ප්‍රදාය තමයි සංවර්ධන යෝජනාවක් කළ පුද්ගලයා අනෙකුත් මැති ඇමැතිවරුන්ට හා  මන්ත්‍රීවරුන්ටත් එය විවෘත කිරීම ගැන දැනුම් දීම. ඉතිං මම ඒ විදියට දැනුම් දී තිබියදියි මේ විවෘත කිරීම මටත් නොකියා ගොස් කරලා තියෙන්නේ. කොහොම වුණත් අපි කලින් යොදාගත් පරිදි  මේ විදුලි යෝජනා ක්‍රමය විවෘත කරනවා. ඒ සදහා ප්‍රධාන ඇමැතිතුමාටත් මම ආරාධනා යවා තිබෙනවා. ‘

 

 



අදහස් (0)

‘මහ ඇමැති වැරැදි වැඩක් කළා’

රුවා Sunday, 13 October 2013 06:41 PM

කවුරු විවෘත කලත් මෙකද සේවය වෙන්නේ මිනිසුන්ටනේ (නදී)

:       0       0

සංධ්‍යා Sunday, 13 October 2013 06:43 PM

අපි දන්න විදියට මහා ඇමති මිලියන 700 විදුලියට සල්ලි දි තියෙනවා. මේ වගේ ආරවුල් ඇති කරගන්න හොද නැහැ මහා ඇමති ජනාධිපති ගේ පෞද්ගලික ලේකම් හොදේ (නදී)

:       0       0

සන්දිම Sunday, 13 October 2013 06:46 PM

වැඩේ කැතයි හොදේ (නදී)

:       0       0

ලංකා පුත්‍ර Monday, 14 October 2013 05:54 AM

විදුලිය සවිකළා නම් සෝබන මොකටද මිනිසුන්ට දෙන්න? සංවර්ධිත රටවල මෙවන් උදවිය නැත. (නි)

:       0       0

ලලිත් Monday, 14 October 2013 06:44 AM

අනේ ඉතින් ඔය වෙන්කළේ ඉඩකඩම් විකුණලා ගත්ත මුදලක් නෙමෙයිනේ. ජනතාවගෙන්ම ගත් සල්ලි නේද? තව සැරයක් ඕක විවෘත කරන්ඩ මහජන මුදල් නාස්ති කරන්නේ මොකටද? (නි)

:       0       0

ආකාශ් ලියනගේ Monday, 14 October 2013 07:52 AM

ඇයි අපි මේ අයට ඡන්දෙ දුන්නෙ...? (නි)

:       0       0

පැංචි Sunday, 13 October 2013 08:21 PM

මාරයි...නේ ..අනුන් විවෘත කොරපුවා කව්ද බාර ගන්නේ ..ඉබ්බෝ තමයි..(නදී)

:       0       0

ලුම්බිණි Monday, 14 October 2013 08:34 AM

මේ ඇත්තන් බහුතරයකගේ බලාපොරොත්තුව වෙන දෙයක් කියලයි අපිට හිතෙන්නේ (නි)

:       0       0

සෑම් Sunday, 13 October 2013 09:17 PM

මණ්ඩලේ කචල් (නදී)

:       0       0

කුමාර රාජකරුණා Monday, 14 October 2013 08:57 AM

ඕවා කියන්න ගිහිල්ලා උදහසට ලක්වෙලා අර කවුද කළා වගේ වැඳ වැටිලා සමාව ගන්න වෙයි. ඒ හින්දා කට පරිස්සම් කරගන්න (නි)

:       0       0

අනූ Monday, 14 October 2013 09:09 AM

නෝනලා ඔය විදිහම තමයි. (නි)

:       0       0

ආරියසේන Sunday, 13 October 2013 09:39 PM

දුක හිතිලා වගේ වැඩේට,මේ වැඩේට මට නම් පවූ කියල හිතෙනවා.(නදී)

:       0       0

රංග Monday, 14 October 2013 09:16 AM

තමන්ගේ වැඩක් බලාගන්න එක තමයි හොදම වැඩේ (නි)

:       0       0

ලාල් Sunday, 13 October 2013 09:52 PM

ලජ්ජා නැති මහ ඇමති කෙනෙක් .(දිල්)

:       0       0

සරත් Monday, 14 October 2013 10:05 AM

"මගේ විමධ්‍යගත යෝජනා " අනේ මන්දා....? (නි)

:       0       0

පද්මිණි Monday, 14 October 2013 10:06 AM

අර හැදී මිටේ දිගයි කියන කතාව ගැන ටිකක් හිතලා බලන්න වෙනවා (නි)

:       0       0

පර්සි බණ්ඩාර Sunday, 13 October 2013 11:07 PM

කොහොමත් මැති ඇමති වරු බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ ලජ්ජා නැති අය මෙනි . මෙය පමණක් නොව බොහෝ දෙනෙක් . සේම දෙනාගේම නම ලියන්න ලංකාදීපයේ පිටුවක් මදි වනවා (නදී)

:       0       0

ෂප්රාන් Monday, 14 October 2013 08:12 PM

ඇමති තුමියට ලකුණු දාගන්න බැරි වෙලා ....මොනවා කරන්නද ..අන්තිමට කරුමය ජනතාවට (නදී)

:       0       0

චරිත් Sunday, 13 October 2013 11:36 PM

මොණරාගල අද ඔය ලෙසට ඇත්තේ මහා ඇමති නිසා යැයි මම කියමි. මැඩම් හොදයි. නමුත් වටේ ඉන්නා සමහර අය හොද නැත (නි)

:       0       0

ධම්ම Sunday, 13 October 2013 04:12 PM

ඊළඟට තියෙන්නේ පළාත් සභා මතිවරණේනේ ඇමැතිතුමී. (ත)

:       0       0

ඇන්ටන් Monday, 14 October 2013 12:33 AM

සුමේදා, මේ අවනඩුව එයාට කියලත් වැඩක් වෙන්නේ නැහැ. ඔන්න ඕක අත්හැරලා දාන එක තමා හොදම දේ (නි)

:       0       0

පද්මිණී Sunday, 13 October 2013 04:32 PM

අපේ ගෙදරත් ඔය දේමයි වෙන්නේ; මම බත් උයන කල් ඉදලා අපේ මහත්තයා ඉස්සෙල්ලම කන්නේ. (නදී)

:       0       0

ගාමිණී Sunday, 13 October 2013 04:42 PM

එහෙම හරි ඔය ඇමතිතුමී ගමේ එන එක ලොකු දෙයක්. ඡන්දෙ අරන් ගිය ගියාමයි කොළඹටම උනා එන්නෙත් නෑ . ජල ප්‍රශ්නෙකුත් තියනවා මේ දිනවල මෙහේ .ජල යෝජනා ක්‍රමයකට මුල් ගලක් වත් තියල යන්න .විවෘත කරපුවා ආයේ විවෘත කරන්නේ නැතුව. (නදී)

:       0       0

ඡාන්දි Sunday, 13 October 2013 04:45 PM

මහ ඇමතිකම හෝ ඇමතිකම නෙමෙයි මහජනතාවට අවශ්‍ය සේවයයි. (නදී)

:       0       0

මංජුල අබු ඩාබි සිට Sunday, 13 October 2013 04:51 PM

ලංකාවේ ග්‍රාමීය මට්ටමේ සංවර්ධන යෝජනා ක්‍රම ප්‍රමාද වෙන්න ප්‍රධාන හේතුව තමයි එකම පක්ෂයේ දේශපාලකයන්ගේ කඹ ඇදිල්ල. මහජනතාවට මහා ඇමතිද අසන සංවිධායකද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ යටිතල පහසුකම්. මේ වගේ දේශපාලකයන් ලැජ්ජා වියයුතුයි ජනතාව ඉස්සරහ මේවා කියන එකට. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 13 October 2013 05:32 PM

අනේ නෝනේ , කවුරු කොලාම මොකද යහපත ජහමනයටනේ , අනික ඉතින් ඕවට ගිය වියදම නෝනගේ අතින් ගියාද මහා ඇමතිගේ අතින් ගියාද ? නැහැනේ ඕව මහජන මුදල් ගණන් ගන්න එපෝ (නදී)

:       0       0

ගජමෑන් Sunday, 13 October 2013 05:35 PM

මහා ඇමතිලාට, සභාපතිලාට, මැති ඇමති වරුන්ට ,වැරදි කරන්නන ලයිසන් තියෙනවා. ඇමති තුමිය ඒ බව දන්නේ නැහැ වගෙයි? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2619 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2332 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2909 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5840 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1965 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6635 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18593 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site